ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුවරිය ප්‍රම්ලා සිවසේගරම්

විශේෂාංග

වල්පොල රාහුල හිමියෝ ජනප්‍රියව සිටි අවධියේ උන් වහන්සේට කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයෙන් ඉඩමක් ලැබුනි.එතැන කුඩා ආරාමයක් තනා ගැනීමට අදහස් කළ වල්පොල හිමි ප්‍රේමලා ශිවප්‍රකාශපිල්ලෙයි ඉංජිනේරුවරියගෙන් ඒ ගැන උපදෙස් පැතුවේය.ඇය එතැන පස් සාම්පල පරීක්ෂා කර බලා,මෙතැන පස වගුරු බිමක් වැනි අස්ථායී තැනක් බැවින් ගොඩනැගිල්ල ඉදිකිරීමට පයිල් ගැසිය යුතු යැයි දැන්වීය.එතරම් මුදලක් රාහුල හාමුදුරුවෝ අත නොතිබුණි.එවර ඇය කොටස් වෙන වෙනම ඉදිකොට ගිලාබැසීම් වලට එරෙහිව නොව ගිලා බැසීම් සමගාමීව ස්ථායි වන ගොඩනැගිල්ලක් තැනිය හැකි යැයිද,එවැන්නක් ලංකාවේ කලින් ඉදිකර නොමැති බවද දැන්වීය,තිබුණු මුදලට එය ගැලපුණ බැවින් වල්පොල හිමි එයට එකග විය.අද එය වල්පොල රාහුල ආයතනය නමින් එම ඉදිකිරීම තිබේ.

ආචාර්ය ප්‍රේමලා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙනි.උසස් පෙළ කඩඉම හොදින් තරණය කොට 1960 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් විය.බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වූයේ පුරුෂ්‍යන්ට සුදුසු යකඩ පෑස්සීම වැනි ‘බර වැඩ’ කාන්තාවන් සිදු කරන්නෙ කෙසේද යන්නයි.නමුත් සියලු බාධක මැඩගෙන ඇය 1964 වසරේ ලංකාවේ ප්‍රථම ඉංජිනේරුවරිය ලෙස පත්විය.

ජාතික පුස්තකාලය,ලේඛනාරක්ෂක දෙපාර්ථමේන්තුව,පොලිස් මුලස්ථානය ආදී ඉදිකිරීම් රැසක් ප්‍රෙමිලාගේ නම ඉදිරියෙන් සදහන් වී තිබේ.

(පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ මුහුණු පොත් පිටුවෙන් උපුටා ගත්තෙකි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *