The Kandy Man

දේශපාලන

ආචාර්ය සරත් අමුණුගමගේ ස්වයංලිඛිත චරිතාපදානය (පිටු 548) විජිත යාපා ප්‍රකාශනයක්
මෙරට සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රවල නොමැකෙන සටහන් තැබූ ආචාර්ය සරත් අමුණුගමගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ වෙලුම් තුනෙන් පළමු වෙ`ඵම (1939 – 1977) නිකුත් වී තිබේ.
එහි හැඳින්වීම චරිතාපදාන පිළිබඳ සාරවත් අදහස් කිහිපයකින් යුක්ත වේ. ලංකා ඉතිහාසයේ ලියැවී ඇති චරිතාපදාන මෙන්ම ලෝකයේ ප්‍රකට චරිතාපදාන දක්වමින් ඒවායේ ඇති වැදගත්කම මතු කරලීමට උත්සහ දරා ඇත. ඒ, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ දේශපාලන චරිතාපදානයත් ඇතු`ඵව මෙරට කැපී පෙනුනු කෘති කිහිපයක්ම නම් කරමිනි. සාහිත්‍යකරුවන් දේශපාලනඥයින්ට අමතරව මෙරට කැපී පෙණුනු චරිතාපදාන කෘති කිහිපයක්ම නම් කරමිනි. දේශපාලනඥයින්ට අමතරව මෙරට පරිපාලන සේවයේ කැපී පෙණුන චරිත ප්‍රකාශයට පත්කර ඇති කෘති යනාදියත් හැඳින්වීමේ දී නම් කර ඇත. ඒ අනුව පළමු පරිච්ඡේදය චරිතාපදාන අධ්‍යයනය කරන්නන්ට වැදගත් මූලාශ්‍ර සපයන්නකි.
මෙම කෘතියේ තවත් පරිච්ඡේද හයක් පැවතුනත් ඒවා එක් අතකින් වෙන වෙනම ප්‍රකාශයට පත් කළ හැකි කෘති තරමටම විස්තරාත්මකය. පාසල, විශ්වවිද්‍යාලය, සිවිල් සේවය, ආණ්ඩුවේ ඒජන්ත සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යන කොටස් සරත් අමුණුගමගේ ජීවන පුවත මැනවින් විස්තර කරන්නකි. මෙම කෘතිය කරුණු කීපයක් මත වැදගත් වන බව පෙන්වා දිය හැකිය.
පළමුව – සමාජ විද්‍යාත්මක ඇසකින් ලංකාවේ මෑත කාලීන දශක හතරක් විස්තර වීමයි. උඩරට මිතුරන් හැඳින්වීමට යොදන ජනප්‍රිය යෙදුම වන KGB යන්න මෙහිදී මතකයට නැඟේ. (Kandy, Govigama, Buddhist) පාසල තුළත්, විශ්වවිද්‍යාල තුළත්, පරිපාලන සේවය තුළත් සියුම් හූයක් සේ එකී පවුල්, කුල, ආගමික සම්බන්ධතා ගමන් කරන ආකාරය පැහැදිලි කෙරේ. යහලුවන්, හිතවතුන් සියල්ල පිළිබඳ විස්තර වලදී එම සබඳතාවල ඇති බලවත් බව නැවත නැවතත් සනාථ කරයි.
දෙවනුව – ලංකාවේ “පාසල” සඳහා හිමිව ඇති පිළිගැනීම හා අධිපතිත්වය චරිතාපදානයේ සෑම කොටසක දී ම මතුවෙයි. අපි ආනන්දෙ, අපි ධර්මරාජේ මෙන් ත්‍රිත්ව විද්‍යාලයේ සලකුණ පරිපාලන සේවයේ දී මතු වන අයුරු පැහැදිලි කරයි. “පාසල්වාදය” ලංකාවේ සමාජ විද්‍යාව තුළ තවදුරටත් හැදෑරිය යුතු ක්ෂේත්‍රයකි.
තෙවනුව – ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමත් සමඟ ස්වදේශිකයන්ට බලය හුවමාරුවීමේ සංක්‍රාන්තික යුගයේ මෙරට සමාජ දේශපාලන හැසිරීම රටා සියුම් ලෙස නිරීක්ෂණය කෙරේ. බර්ගර්වරුන්ට මතු වූ ගැටලු සිංහල රාජ්‍ය භාෂාව වීම තුළ මතු වූ ගැටලු විවාදාත්මක ලෙස ඉදිරිපත් කරයි.
සිව්වනුව – වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ සිට ධනවාදී දේශපාලන ව්‍යාපාරය දක්වා සංක්‍රමණය වන 50-60 දශකවල “පොදු තරුණ” ජීවිත පිළිබඳ ඉඟි සපයයි.

පස්වනුව – සීතල යුද සමයේ ලංකාව වැනි රටවල ක්‍රියාත්මක වූ “මෘදු බලය” පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ.
හයවනුව – දේශපාලන චරිත පිටුපස පැවති සැඟවුණු තොරතුරු සරත් අමුණුගම හෙළිකරන්නේ සමීපතමයෙකුගේ අත්දැකීම් ලෙසිනි. ප්‍රේමදාසගේ දේශපාලන ආගමනය ඊට ප්‍රබල නිදසුනකි.
හත්වනුව – 1971 ජවිපෙ කැරැල්ල පිළිබඳවත් එය පාලනය කිරීමට කටයුතු කළ ආකාරය හා රජයේ ප්‍රතිචාරය රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙන්ම සමාජ විද්‍යාඥයකු ලෙසත් විමසා බලා ඇත.
අටවනුව – මෙරට දේශපාලන ව්‍යාපාරත් ජනමාධ්‍ය හැසිරීමත් විස්තර කර ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඒ හා සම්බන්ධ ව දැරූ ප්‍රධාන තනතුරු සියල්ලේ අත්දැකීම් ඇසුරිනි.
නවවෙනුව – අභියෝගාත්මක වන රාජ්‍ය නිලධාරීන්ගේ හෙළිදරව් කිරීම් සහිත කෘති ප්‍රකාශයට පත් කිරීමේ සංස්කෘතියට (උදා: සාම සාකච්ඡා සමය අළලා ඔස්ටින් ප්‍රනාන්දු රචනා කළ My Belly is White කෘතිය මෙන්) අමුණුගමයන්ගේ එකතු කිරීම් ගණනාවක් ද The Kandy Man තුළින් හඳුනාගත හැකිය.
වයස අවුරුදු 28 දී ආණ්ඩුවේ දිසාපතිකමත් අවුරුදු 32 දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරත් දරමින් එවැනි තත්ත්වයක් කරා ලං වූ “ලාබාලතම” රාජ්‍ය නිලධාරියා වීමට බලපෑවේ අධ්‍යාපනය, පාසල, ඥාති සබඳතා හා දේශපාලන සබඳතා බව යටිපෙළින් කියවේ. සමාජ විද්‍යාව පිළිබඳ හැදෑරීමේ දී ලබාගත් පරිචය බොහෝ පරිපාලන ගැටලු විසඳීමට උපයෝගී වූ බව විස්තර වී ඇත.
නිදහසින් පසු යුගයේ ලංකාව ගැන හදාරන්නෙකුට මඟහැරිය නොහැකි කෘතියකි. අර්බුදය වන්නේ ඔහුගේ ඉතිරි වෙලුම් දෙකේ අන්තර්ගතයයි. එය ඔහු රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් වූ අමාත්‍යාංශ ලේකම් ධුරයත් එතැනින් විදේශීය තනතුරුවලට යොමුවීමත් පසුව දේශපාලනයට පිවිස කටයුතු කළ ආකාරයත් කොයිතරම් දුරට නිරූපණය වී තිබේද? යන්න විමසා බැලීමෙනි.
ජේ.ආර්. ජයවර්ධනගේ චරිතාපදානයේ මෙන් වඩාත් ම වැදගත් යුගය වන 1980 – 1988 යුගය සංක්ෂිප්ත වූවා සේ 1994 – 2019 යුගයේ සංක්ෂිප්තවීම සිදුවුවහොත් එය පාඨකයාට සිදුකරන බලවත් අසාධාරණයකි.
The Kandy Man කෘතිය ඉහළ නිමාවකින් යුක්ත වේ. එහෙත් ඉතා සු`ඵ මුද්‍රණ දෝෂ දක්නට ලැබේ. 1982 දෙවන ජනාධිපතිවරණය ලෙස දැක්වීම (පිටුව 15) ප්‍රේමදාස ඝාතනය 1983 මැයි මස (පිටුව 539) ලෙස දැක්වීම එවැනි අවස්ථා දෙකකි.
මෙරට ජනමාධ්‍ය විෂය පිළිබඳ පර්යේෂකයින් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු කෘතියකි. ඒ සරත්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍යවල සිට ජානපදිකයන්ගේ සන්නිවේදන ගැටලු චිත්‍රපට කර්මාන්තය, දේශපාලන ප්‍රචාරණය, මාධ්‍ය හැසිරවීම යනාදී පු`ඵල් ක්ෂේත්‍රයක් මෙමඟින් සාකච්ඡාවට ලක් කරන බැවිනි.

විජයානන්ද රූපසිංහ මහතාගේ මුහුණු පොතින් උපුටා ගැණුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.