Cosmic Vision

කොස්මික් විෂන් සියලුම ලිපි

අපි යාත්‍රා Cosmic Vision තීරුව යටතේ ලී කැරොල් (Lee Carol) නැමැති ලෝකප්‍රකට අධිමානසික සන්නිවේදකයා විසින් ටැස්මේනියා දූපතේ අගනුවර වන Hobart නගරයේදී 2018 දෙසැම්බර් 2 වන දින ඉදිරිපත් කළ නව විසඳුම් (New Solution) යන තේමාවෙන් යුතු වැදගත් සන්නිවේදනයක් වෙත අවධානය යොමු කළෙමු.

ඉහත සඳහන් ‘නව විසඳුම්’ නැමති සන්නිවේදනය තුළ ලී කැරොල් නමැති අධිමානසික සන්නිවේදකයා මිනිස් ඉතිහාසය තුළ පූර්ණ ගමනාගමන ඉතිහාසයේ මුල සිට (2012 වසර දක්වා) හඳුන්වනුයේ කළු සහ සුදු වර්ණ පමණක් අඩංගු යථාර්ථයක් ලෙස ය. එම නිසාම 2012 වසර දක්වා අප සමාජ දේශපාලන ගැටලු නිරාකරණයට ආදේශ කළ විධික්‍රම සහ උපක්‍රම ද කළු සුදු වර්ණවලින් යුක්ත විය. ඊට හේතුව 2012 වසර ගොඩනැඟුණු දේශපාලන / සමාජ ආර්ථික ගැටලු ගොඩනැඟුණේ මනුෂ්‍යයාගේ අවධිභාවය සහ මෛත්‍රිය 33% මට්ටමට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වූ අඳුරු ඉතිහාසය තුළ වීමයි. නමුත් 2005න් පසුව මනුෂ්‍යයා අවදිභාවය 33% මට්ටමෙන් ඉහළට ගමනාගමනය අරඹා ඇත. මෙයට මුළුමනින්ම දායකත්වය සැපයූ ලෝකයේ වෙසෙන ආධ්‍යාත්මික ගවේශණයේ නියුතු 1%-2%ක් පමණ ජනතාවක් හරහා වීමයි. එම 1%-2% වන ජනතා දායකත්වය තුළ වුවද අප අඳුරු පර්සියානු යුගය තුළ මොනයම් වූ අර්බුද වලට වර්ණමය පිළිතුරු ලැබීම ඉදිරි අවුරුදු 10 තුළදී ඇරඹෙනවා ඇත. මෙය එක දේශයක් තුළ පමණක් නොව, ලොවපුරා රටවල් අවදි වීමක් ලෙස ප්‍රධාන ජනමාධ්‍ය තොරතුරු හරහා වාර්තා වීම ඇරඹෙනවා ඇත. මේ දක්වා ප්‍රධාන ජනමාධ්‍ය ආයතන ලොව පුරාම පවතින දේශපාලන සමාජ අර්බුදය පිළිබඳව පමණක් අතිශයෝක්තියෙන් කතා කරනු ලැබ ඇත.
දැනට මෙම අර්බුදය විසදීම පිළිබඳව තව තොරතුරු බොහෝ විට අපට ලැබෙනුයේ විකල්ප ජනමාධ්‍ය හරහා පමණය. ඉදිරි දශකය තුළ මෙම අර්බුදයට වර්ණමය අතිවිශිෂ්ට පිළිතුරු ගොඩනැගීම පිළිබඳ තොරතුරු ප්‍රධාන ජනමාධ්‍ය හරහා ම විකාශනය වනු ඇත. එලෙසම දැනට ජීවත්වන අවධි මට්ටම සහ මෛත්‍රිය ඉහළ මට්ටමකින් ඇති 1%-2% පමණ වන ලෝක ජනතාව ලොවපුරා අරඹා ඇති ව්‍යාපෘති සංවිධාන වැඩ පිළිබඳව ප්‍රධාන ජනමාධ්‍ය සාකච්ඡාව අරඹනු ඇත. ඊට එක් හේතුවක් නම් ඉහත සඳහන් කළ 1%-2% පමණ වන ඉහත සඳහන් කළ 1%-2% පමණ අවධිමත් මෛත්‍රී සහගත පිරිස් ජනමාධ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලටද පත් වීමයි.

‘නව විසදුම්’ පිළිබඳව කතා කිරීමේදී කිසියම් කතිකාවක් සඳහා පැමිණෙන පක්ෂ සියල්ලගේම අදහස් වල හරයයන් අවධානයට ගෙන ඒ පිළිබඳ විසඳුම් සියලු පක්ෂවල දායකත්වය හරහා ගොඩ නැගීම ඉදිරියේ දී අතිශයින් පහසු කාර්යයක් වනු ඇත.

අද දැනට වැඩිපුර සිදුවනුයේ කිසියම් පක්ෂයක් ඉදිරිපත් කරන අදහස් වලට අනිත් පක්ෂවල සහයෝගය නොලැබේ නම් එම පක්ෂය සාකච්ඡා වලින් බැහැර වී අර්බුදය උග්‍ර තත්ත්වයට පමුණුවාලීමයි.

මේ තත්ත්වය ඉදිරි දශකය තුළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඇත. ඒ හරහා ධනාත්මක විසඳුම් ගොඩනැගීම ගුණාකාර වේගයකින් සිදුවීම ඇරඹෙනවා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *