Cosmic Vision September-2019

කොස්මික් විෂන් සියලුම ලිපි

Cosmic Vision තීරුව හරහා අගෝස්තු 2019 අප Pineal gland නැමති අවයවය (අධ්‍යාත්මිකත්වයට සම්බන්ධව) පිළිබඳ දැනට ලෝප්‍රකට මට්ටමේ සිටින ඉන්දියානු ආධ්‍යාත්මික ගුරු ී්එයටමරම සඳහන් කරන අදහස් කිහිපයක් සලකා බැලූවෙමු.

මෙම සැප්තැම්බර් මස තුළදී සත්ගුරු විසින් මේ දිනවල සාකච්ඡා කරන තවත් වැදගත් අධ්‍යාත්මික විද්‍යා මූලධර්මයක් වන රුනානුබන්ධ පිළිබඳ සලකා බලමු. රුනානුබන්ධ ලෙස හඳුන්වනු ලබන්නේ තනිකරම භෞතික ශරීරයට අදාළව මනුෂ්‍යයා තුළ සංවිත වන (ස්වභාවධර්මය රැ ජීව විද්‍යාව හරහා) මතකයන් පිළිබඳවය. මෙම රුනානුබන්ධ මතකයන් මානසික මතකයන්ට පරිබාහිරව අප තුළ අවිඥානකව සිදුවන ක්‍රියාදාමයකි. මෙයට උදාහරණයකි, කිසියම් පියෙකු තම ජීවිත කාලය තුළ යම් ක්‍රීඩාවක හෝ උපකරණ භාවිතා කරන රැකියාවක දීර්ඝකාලීනව නිරත වුවහොත් ඔහුට උපදින දරුවන්ට අවිඥානික ව ඉතාම කුඩා කල පටන් එම උපකරණ හෝ එම උපකරණ වලට සමාන හැඩයක් ඇති වස්තුන් වලට ආකර්ෂණයක් සහ බන්දුතාවයක් දැක්වීමයි. මෙය විද්‍යාත්මකව සිදුවන ජානමය සන්නිවේදනයකි. වර්තමාන ජාන විද්‍යාව තුළ මේ පිලිබඳ පර්යේෂණ පසුගිය දශක දෙක පමණ තුළ ප්‍රබලව වර්ධනය වී ඇත. ඉදිරියේදී මේ පිළිබඳව විශාල අනාවරණයක් සිදු වනු ඇත. මෙම භෞතික ශරීරය තුළ තැන්පත්වන මතකයන් මාර්ග දෙකක් හරහා සිදුවේ. ඉන් එකක් දරුවාගේ උපතට අදාළ පුද්ගලයන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයයි. දෙවනුව දරුවාගේ උපත ට අදාළ පුද්ගලයන්ගේ රුධිරය හරහාය. මෙම මාර්ග දෙක හරහා ම දරුවාගේ ජාන වලට (විශේෂයෙන්ම භෞතික ශරීරය තුළට) මෙම මතකයන් ඇතුළුවේ.

මේ පිළිබඳව ස්වභාවධර්මය හරහා සිදුවන ඉතාම බුද්ධිමය අනාවරණ කිහිපයක් සත්ගුරු සඳහන් කරයි. ඉන් එකක් නම් අවුරුදු 18 -21 (විශේෂයෙන්ම) කාලය තුළ කාන්තා පක්ෂය, තව දෙමව්පිය භෞතිකත්වයට දක්වන ජානමය බන්දුතාවයේ ප්‍රබල පහළ බැසීමක් සිදු වන බව නිරීක්ෂණය කර ඇත. ඊට ප්‍රධාන හේතුව ඇය තමාට ජානමය සම්බන්ධයක් නැති පුද්ගලයකු සමග (ස්වාමිපුරුෂයකු) හරහා දරු උපතක් සිදු කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගමින් සිටීමයි. එම කාලය තුළ ඇයට තම දෙමව්පිය පරම්පරා හරහා ලැබුණු භෞතික ජානමය මතකයන් ඇය තුළ දරු ප්‍රසූතිය නමැති ක්‍රියාවලිය තුළදී තදින් රැදුනහොත් එය වෙනත් ජානමය පසුබිමකින් පැමිණෙන තම සැමියා හරහා සිදුවන ප්‍රසූතියට අදාළ ජානමය සන්නිවේදනයට බාධා ඇති කරනවා ඇත. ඉන්දියාව වැනි පෙරදිග රටවල අද පවා දරු ප්‍රසූතිය සඳහා මව තම දෙමව්පියන් වෙත යාම හෝ දෙමව්පියන් දරුවාගේ මව වෙත කැඳවා ගැනීම සිදුකරනු ලබයි. එම කර්තව්‍ය සිදු කරනු ලබන්නේ භෞතික සහාය එම දරුවා ප්‍රසූතිය සිදුකරන මවට දෙමව්පියන්ගෙන් හොඳාකාරව ලැබෙන නිසාය. තමන් පෙරදිග රටවල පවා වර්තමානයේ කරන ලද පර්යේෂණ මෙන්ම සාමාන්‍ය මව්වරුන්ගේ සැබෑ අත්දැකීම නම් එම ප්‍රසූති යුගයේ දී තමාට (මවට) තම දෙමව්පිය පාර්ශ්වය පිළිබඳ මතකය අඩු වී ගොස් තම සැමියා පිළිබඳ මතකයන් ප්‍රබල ලෙස මෙම කාලය තුල ක්‍රියාත්මක වීමයි. මේ තත්ත්වය සමහර විට දරුවාගේ බිහිවීමෙන් පසුව නැවත වෙනස් වීම සිදු වනු ඇත. මෙය මෙලෙස සිදුනොවුවහොත් ප්‍රවාහයන් දෙකක් හරහා ඉපදිය යුතු දරුවා (මව හා පියාගේ වෙන වෙනම පැමිණෙන ජානමය ඉතිහාසයක් ) වෙනුවට මවගේ ජානමය ඉතිහාසය සහ ඇයගේ දෙමව්පියන්ගේ ජාන ඉතිහාසය ප්‍රබලව බලපෑම තුළ ප්‍රසූතියේදී මවට හා උපදින දරුවාට ජීව විද්‍යාත්මක භෞතික අභියෝග වලට මුහුණ දීමට සිදු වීමයි.

මෙම විෂයය පිළිබඳ වැදගත් තොරතුරු youtube  හරහා sadguru විසින් සන්නිවේදනයට පත් කර ඇත.

www.youtube.com නාලිකා තුළ Sadguru on Runanubandha (රුනානුබන්ධ හෝ සද්ගුරු) යන්න ටයිප් කිරීම හරහා මෙම විෂය පිළිබඳව ි්ාටමරම නැමති ලෝප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරයා වර්තමානයේ දී අනාවරණය කරන තොරතුරු රැසක් පිළිබඳ දේශන සාකච්ඡා දැකබලා ගැනීමට හැකිවනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *