Cosmic Vision October-2019

කොස්මික් විෂන් සියලුම ලිපි

Cosmic Vision තීරුව යටතේ ඔක්තෝබර් සහ නොවැම්බර් තුළ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ Sadhguru (සත්ගුරු) නමැති ජාත්‍යන්තර තලයේ ආධ්‍යාත්මික ගුරුවරයා විසින් ආදරය (love) සහ ඇලීම (attatchment) යන මාතෘකාව හරහා youtube මගින් සන්නිවේදනය කරන ලද දේශනයක මූලික අදහස් කීපයක් සලකා බැලීම සඳහාය.

Love (ආදරය) ලෙස අද මනුස්සයා බොහෝවිට කතා කරනු ලබන්නේ තවත් පුද්ගලයෙක් සමග මානසිකව පවතින සම්බන්ධයක් පිළිබඳවය. තවත් පුද්ගලයකු තමන් ආදරය කරන ලබන පුද්ගලයකු ලෙස හඳුනා ගැනීම මෙහිදී සිදු වේ. එම පුද්ගලයා පෙම්වතිය/ පෙම්වතා, බිරිඳ /සැමියා, දරුවන් වැනි ඕනෑම කෙනෙකු විය හැකිය. නමුත් එයටම අවධාරණය කරන පරිදි තවත් පුද්ගලයකු ආදරය නැමති බැඳීම හරහා හඳුනාගැනීම ආදරය නොවේ. ඉතාම සුපරීක්ෂාකාරීව ඕනෑම පුද්ගලයකු තමන්ටම අවංක වී තමා ආදරය ලෙස හඳුනාගන්නා පුද්ගලයා සමඟ ඇති බැඳීම සහ එය නැති වුවහොත් තමාට සිදුවන මානසික හානිය පාඩුව කඩා වැටීම වැනි දේ ගැඹුරින් සිතා බැලුවහොත් තමාටම තමා ළඟ ඇත්තේ ආදරයට වඩා ඇලීම (attachment) යන්න බව පැහැදිලි වනු ඇත.

මේ සිද්ධිය ඉතා හොදින් පැහැදිලි වන තවත් උදාහරණයක් නම් වෛරය (hate) යන මානසික ස්වභාවය දෙස ගැඹුරට සලකා බලන විට පැහැදිලි වන දෙයක් නම් ආදරය නැමැති සම්බන්ධය අදාළ පුද්ගලයා (මෙතෙක් තමා ආදරය සදහා ආදේශ කළ පුද්ගලයා) මා බලාපොරොත්තු නොවන ස්වරූපයක චර්යාවක් හැසිරීමක් ප්‍රදර්ශනය කළ වහාම මෙම ආදරය මානසික වෛරය බවට පත්වීමට ගත වනුයේ ක්ෂනයකි. නමුත් අප නාඳුනන මහ පාරේ අහම්බෙන් හමුවන පුද්ගලයෙකුගේ චර්යාවන් පිළිබඳව අපට මානසිකව වද දෙන මෙවැනි වෛරයක් කිසිවිටෙකත් ඇති නොවේ. ඊට හේතුව ආදරය ලෙස අප හඳුනා ගත් පුද්ගලයාට බලාපොරොත්තු වන මානසික ස්වභාවයද expectation අප නොදැනුවත්වම ඇතුළත් කිරීමයි. මෙම බලාපොරොත්තු සහ බැඳීම attachment ප්‍රබල බන්ධනයක් තිබේ. මේ පෞද්ගලික නිරීක්ෂණය කළ හැකි සත්‍යයකි. පාරේ මුනගැහෙන නන්නාඳුනන පුද්ගලයා පිළිබඳව එවැනි බලාපොරොත්තුවක් හරහා ගොඩනැගෙන සම්බන්ධය නොතිබීම (නොපැවතීම) ඔහුට හෝ ඇයට අප තුළ ආදරය ඇතිවීම හෝ එය කඩ වූ වහාම වෛරය (hate) ඇතිවීම වැනි මානසික වර්ධනයක් සිදු නොවේ.

මෙයින් පැහැදිලි වන වැදගත් කරුණක් නම් බැඳීම හෝ ඇලීම attachment සහ වෛරය hate අතර ප්‍රබල බැඳීමක් තිබෙන නමුදු ආදරය love සංසිද්ධි වලට අදාල ක්‍රියාවක් නොවන බවයි.

මේ උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් ආදරය love යන්න සැබෑ මලක් natural flower වැනි දෙයකි. එය නිවසක් තුළ පෝච්චියක තිබේනම් එය ජීවත් කරවීමට අප ස්වභාවිකව ම අවධානය සැලකිල්ල සාත්තුව දක්වනු ලැබේ. කොටින්ම කීවොත් අප එය වැරදි විදිහට හෝ වැරදි උපකරණයකින් ස්පර්ශ කිරීම පවා සිදු නොකිරීමට වගබලා ගනී. ඊට හේතුව එය තුළ ජීවය Life තිබීමය. ජීවය සමඟ සම්බන්ධ වීම ගනුදෙනුව ආදරයයි. Love සංකීර්ණ සිතුවිලි ක්‍රියාදාමයක වෙනස් ජීවය පිළිබඳ සංවේදීභාවය sensitive අවධානය attention සාත්තුව caring වැනි අංශ වලින් පෝෂණය වන සංසිද්ධියකි. ඒ තුළ බලාපොරොත්තු වලට ලොකු තැනක් නැත. සංවේදීතාවය අවධානය සාත්තුව නැති තැන ආදරය ක්ෂණික ව අතුරුදහන් වේ. බැඳීම නැතහොත් attachment යන්න නිවාසයක් තුළ ඇති ප්ලාස්ටික් මලක්වැ plastic flower නිය. එයට සංවේදීතාවය අවධානය හෝ සාත්තුව අවශ්‍ය නැත. එය දිනකට හෝ දින කිහිපයකට වරක් බාහිරින් පිරිසිදු කළ හැකිය. එලෙසම බිඳුනු තැන්වලට තීන්ත ආලේපය කෘතිම සුවඳ බාහිරින් ඇතුලු කිරීම වැනි ඕනෑම දෙයක් සිදු කළ හැකිය. එලෙසම එය සිතුවිලි භාවිතා කර සැලසුමක් සදා කළමනාකරණය කළ හැකිය. එයට හේතුව ඒ තුළ ජීවයක් නැති වීමයි.

(මෙම මාතෘකාව නොවැම්බර් වලදී සාකච්ඡා වනු ඇත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *