Cosmic Vision June-2019

කොස්මික් විෂන් සියලුම ලිපි

CosmicVision තීරුව යටතේ 2019 ජූනි දී අවධානය යොමු කරන ලද්දේ පියරේ ඩුබ්වන් නැමති නිව්යෝක් නුවර දැනට ජිවත් වන අධ්‍යාත්මික සම්ප්‍රදායන් රැසකින් පෝෂණය ලද අධිමානසික ගුරු උපදේශක විසින් 2020 – 24 ඇතිවන ලෝක අර්බුදකාරී වාතාවරණය පිළිබඳව අදහස් කීපයක් මතුකර පෙන්වීමටයි.

මෙම ජූලි කලාපය වෙන්වනුයේ එම අර්බුදකාරී වාතාවරණය තුළ ඇති අධ්‍යාත්මික ධනාත්මකතාවයක් මතුකර ගැනීමට අප අනුගමනය කළ යුතු පියවරයන් කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටය.

ඉන් මූලිකම පියවරක් ලෙස ඔහු සඳහන් කරනුයේ තමාගේ විශ්වාසවලට සහ පෞරුෂත්වයට සහ අධ්‍යාත්මික මාර්ගයට ගැලපෙන අධ්‍යාත්මික සමාජයක් සමග සම්බන්ධ වී අධ්‍යාත්මික වැඩකටයුතුවල යෙදීම (භාවනාව/ ප්‍රධාන අනිකුත් අධ්‍යාත්මික පුහුණුවක්) ඇරඹීමයි. මෙම සමාජයේ අන්තවාදී ආගමික හෝ දේශපාලනික සමාජයක් නොව, අධ්‍යාත්මික ගවේෂණය අධ්‍යාත්මික ජීවිතය මුල්කරගත් සමාජයක් වීම අතිශයින්ම වැදගත්ය. එම සමාජයන් මතවාදාත්මක දේශපාලනික ආගමික නිකායක් බවට පත්වුවහොත් එම අර්බුදය තුළම එහි සාමාජිකයන්ගේ අධ්‍යාත්මික විනාශය සිදුවනු ඇත. ඊට හේතුව මෙම අර්බුදය තුළ මතවාදයන් ප්‍රබලම ලෙස භෞතික යථාර්ථය තුළ ද ගැටීම ආරම්භ වන නිසාය. එමනිසා අවේගශීලී නොවූ මධ්‍යස්ථ, උපේක්ෂා සහගත බව මෙම අර්බුධකාරී අවධිය පසුකිරීමට අත්‍යාවශ්‍ය වනු ඇත. ඊට අමතරව තමාට අවශ්‍ය එනිනෙදා ආහාර පාන සහ අනෙකුත් අවශ්‍යතා තම පරිසරය තුළින් සපයා ගත හැකි අධ්‍යාත්මික සමාජ මෙම යුගය තුළ ගැටලුවලට ප්‍රබල පිළිතුරක් සපයනු ඇත. මේ අතරින් ලෝකය පුරා ප්‍රබලව නැගී සිටින ශීත ඍතුවලට විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණවලට අමතරව ගින්දර සහ දර අඟුරු භාවිතයෙන් ක්‍රියාත්මක වන කුටීර වැනි දේ අතිශයින් වැදගත් වනු ඇත. ඊට හේතුව ඍතු සහිත රටවල සීත ඍතුව අධිකවම ප්‍රබල ස්වරූපයක් ඉදිරි වසරවල ගැනීමට ඉඩ කඩ ඇති බැවිනි. මෙවැනි අන්තයට ගිය ශීත ඍතුව හෝ අධික උෂ්ණත්වය සහිත කලාප තුල අධ්‍යාත්මික පුහුණුවක් කිරීමට අදාළ පරිසරයන් ගොඩනැගීම වැදගත් වනු ඇත. ඊට අමතරව නව තාක්ෂණය හරහා කුටීර හා නිවාස තුළ සිදුකල හැකි සුළු ප්‍රමාණයන්ගෙන් සිදුකරනු ලබන බෝග වගාව, දීර්ඝ කාලයක් තුළ ගබඩාකරගත හැකි පෝෂ්‍යදායී ආහාර භාවිතයට හුරුවීම, විශේෂ තේ වර්ග සහ කල්තබා ගත හැකි විවිධ ස්වභාවික පානයන් භාවිතයට හුරුවීම, වැනි දේ කුඩා සමාජයක් ලෙස පුහුණුව ඇරඹීම වැදගත් වනු ඇත. මේ හැමදේටම වඩා තම සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි අධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙන ජීවිතය, සාමූහිකව ඇරඹීමට අතිශයින්ම වැදගත් වනු ඇත.

විශේෂයෙන්ම ලෝකය පුරා දේශපාලන, ආගමික සහ නොයෙකුත් අන්තවාදී මතවාද ප්‍රබල වී ජනතාව, රටවල්, කලාප බෙදීම සහ නව දේශසීමා සොයා යන යුගයන් මතුවන විට ඊට ගැලපෙන අධ්‍යාත්මික සමාජ සහ සමාජ ආයතනවල අවශ්‍යතාවය ප්‍රබල වනු ඇත. දැනට වුවද මෙවැනි සමාජ අලුතින් ගොනැගීම ඇරඹීමට අපට කාලය ඇත. මේ වන විට එලෙස ගොඩනැගී ක්‍රියාත්මක වන සමාජවලට සම්බන්ධවීම තවත් විකල්පයකි.

මේ පිළිබඳව පියරේ ඩුබ්වා (Pierre Dubois) දිගින් දිගටම තම යූටියුබ් චැනල (මාධ්‍යය) හරහා සතිපතා උපදෙස් සපයනු ඇත. ඊට අමතරව ඔහුගේ වෙබ් අඩවිය වන wwww.iammonad.com හරහා දිගින් දිගටම අධ්‍යාත්මික ජීවිතයට අවකාශ සහ අධ්‍යාත්මික සමාජවල ගොඩනැගීමට අවශ්‍ය උපදෙස් නොමිලයේ ලබා දෙනු ඇත.

ඔහු තිබ්බත බුදුදහම, ක්‍රිස්තියානි අධ්‍යාත්මික සම්ප්‍රදාය, සුෆි අධ්‍යාත්මික සම්ප්‍රදාය, සෙන් බෞද්ධ සම්ප්‍රදාය, ඇමරිකානු ඉන්දියානු අධ්‍යාත්මික සම්ප්‍රදාය වැනි සම්ප්‍රදායන් රාශියකින් පෝෂිත වූ දැනුම සම්භාරයකින් හෙබි අධ්‍යාත්මික ගුරුවරයෙකි. එලෙසම අධිමානසික සන්නිවේදකයයෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *