Cosmic Vision January-2019

කොස්මික් විෂන් සියලුම ලිපි

අපි දෙදහස් 2018 දෙසැම්බර් Cosmic Vision තිීරුව හරහා දැනට ලෝකයේ ජීවත් වන ප්‍රධාන අධිමානසික සන්නිවේදකයින් තිදෙනෙකු බ්‍රැඞ් ජොන්සන් (Adrionis) සයිමන් පාක්ස් (Simon parks)  සහ මැජෙන්ටා පික්සි (Magenta pixie) 2019 වසර තුළ සිදුවීමට නියමිත සංවිධානාත්මක ළමා ලිංගික අපචාර, කාන්තා පැහැරගැනීම් සමග සිදුවන ලිංගික අපචාර (පසුගිය වසර 70-100 තුළ) මෙන්ම විශාල මට්ටමේ ත්‍රස්තවාදී පහර දීම් පිටුපස සැඟවී තිබෙන ලෝකවාසීන් නොදන්නා තොරතුරු ගණනාවක් සාක්ෂි සමඟ නිරාවරණය වීම මෙන්ම සමාජය ඒ සමඟම ප්‍රතිසංස්කරණ ගණනාවකට ලක්වීම ඇරඹෙන බව සඳහන් කළෙමු. මෙම ප්‍රතිසංස්කරණයන් මානසික අධ්‍යාත්මික විප්ලවයක් අරඹනවා පමණක් නොව එම අද අධ්‍යාත්මික පරිවර්තනවලට අදාල දේශපාලන, සමාජයීය සහ නීතිමය මානවල ද වෙනස්කම් ගණනාවක් ලෝකය තුළ ගොඩ ගොඩ නැගීම 2019 තුළදී ඇරඹෙනවා ඇත.

2019 ජනවාරි කලාපය තුළ දී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ඇමරිකාවේ සහ ලෝකයේ ප්‍රබල රටවල ප්‍රධාන ජන මාධ්‍යයන් ගණනාවක් පිළිබඳ සිදුවීමට නියමිත නිරාවරණය පිළිබඳවය. අප දෙසැම්බර් මාසයේ සාකච්ඡා කළේ ලෝකයේ සංවිධානාත්මකව පැවැති ළමා සහ කාන්තා ලිංගික අපචාරවලට සම්බන්ධ තොරතුරු එම ප්‍රධාන ජනමාධ්‍ය වලින් නිරාවරණය නොවීමට (පසුගිය අවුරුදු 70-100 තුළ) ප්‍රධාන හේතුවක් වූයේ මෙම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වල පිටුපස සිටි කොටස් කරුවන් මෙන්ම බලධාරීන් ද එම අපරාධවල කොටස්කරුවන් වූ නිසාය. මෙම මාධ්‍ය ආයතන වල නම් එම පුද්ගලයින් මෙන්ම හොලිවුඞ් සිනමා පුරයට අයත් මෙම සංවිධානාත්මක ව්‍යාපාරයන් වලට බැඳුණු පුද්ගලයින් පිළිබඳව නිරාවරණය ද 2019 වසරේ ඇරඹෙන බව ඉහත සඳහන් කළ අධිමානසික සන්නිවේදකයින් ස්ථිරවම සඳහන් කරනු ලබති.

එලෙසම මේ වෙන විට ඇමෙරිකානු රජය (Space Force) නමැති අභ්‍යවකාශගත බලවේගය නැමැති සංවිධානයක් ගොඩ නැගීමේ මූලික වැඩ කටයුතු වල යෙදෙමින් සිටී. මෙම ආයතනය හරහා අභ්‍යවකාශයේ, එහි ඉතිහාසය අප ක්ෂීරපථයට අදාළව පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙම ග්‍රහලෝක වල දැනට අවුරුදු දහස් ලක්ෂ ගණනකට පෙර ජීවීන් සිටියේද යන්න වැනි තොරතුරු රාශියක් හෙළිදරව්වීම ඇරඹෙනවා ඇත. මෙම හෙළිදරව්ව කිරීමට ප්‍රධාන හේතුව (2011-2028) අතර කාලය තුළ සිදුවන පිටසක්වල ජීවය සමඟ මේ ලෝකය සන්නිවේදනය නීත්‍යානුකූලව ඇරැඹීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට බව ඉහත අධි අධිමානසික සන්නිවේදකයින් පවසනු ලබති.

මෙම 2019 ඇරඹෙන නිරාවරණ වල පැහැදිලි අධ්‍යාත්මික වැදගත්කකමක් ද ඇත.

මෙම අධ්‍යාත්මික වැදගත්කම නම් මෙම විශ්වය පිළිබඳ සිදුවන සෑම නිරාවරණය වීමක් හරහාම මනුෂ්‍යයාට විශ්වයට සාපේක්ෂව ඇති සම්බන්ධතාවය මෙන්ම,මනුෂ්‍යයා දැනට දරණ සමාජ වටිනාකම්වල ප්‍රබල පරිවර්තනයක් සිදුවී, ‘මම’ වෙනුවට ‘අපි’යන සංකල්පය ආදේශ වීම මෙන්ම පෘථිවිවාසීන් විශ්වවාසීන් වැනි සංකල්ප ප්‍රායෝගික මට්ටමින් ම මේ ලෝකය තුළට නිරන්තරයෙන්ම ඇතුළු වී ක්‍රියාත්මක වීම මෙන්ම, අපේ එදිනෙදා ජීවිතයේ විශාල ධනාත්මක පරිවර්තන වලට මෙම නිරාවරණය එකහෙලාම හේතුවනවා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *