Cosmic Vision February-2020

කොස්මික් විෂන් සියලුම ලිපි

අපි විසින් පසුගිය Cosmic Vision තීරුව තුල දිගින් දිගටම වසර ගණනාවක් 2012 වසරේ දෙසැම්බර් මස සිදුවූ හැරවුම් ලක්ෂය සිට අධ්‍යාත්මිකත්වය මුල්කරගෙන ලෝක මට්ටමේ සිදුවන දේශපාලනමය, ආර්ථිකමය, සංස්කෘතිකමය, කෘෂිකර්මාන්තය ආශ්‍රිතව, දේශගුණය ආශ්‍රිතව, නව ශක්ති ප්‍රභව ආශ්‍රිතව, සෞඛ්‍ය සහ සුවකිරීම් පිළිබඳ සිදුවන විප්ලවීය පරිවර්තන පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළෙමු. මෙම පරිවර්තන මේ වන විට ද ලෝකයේ විවිධ කලාප තුළ ආරම්භ වී ඇති අතර ඉදිරි දශකය තුළ මෙම ධනාත්මක පරිවර්තනය මුළු ලෝකය තුළම ව්‍යාප්ත වනු ඇත.

මෙම පරිවර්තනයේ දිශාව පිළිබඳ දැනට දශක දෙකකට පෙර සිට අපට ප්‍රබල ඉඟි ලබා දුන් ලෝක මට්ටමේ පිළිගැනීමක් ඇති ‘ක්‍රයෝන්’ (Kryon Lee Carroll) බෂාර් (Bashar) (Darkly Ankar) ඇඞ්රියෝනිස් (Adrionis), (Bread Johnson) වැනි බටහිර සිටින අධිමානසික සන්නිවේදකයින් ගේ ඉගැන්වීම් සහ ඉඟි පිළිබඳව මෙන්ම පෙරදිග ඉන්දියාවේ දැනට ජීවත්වන සත්ගුරු (Sathguru) වැනි ගුරුවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳ අපි වරින් වර සාකච්ඡා කළ මාතෘකාවලට උචිත ලෙස අතීත කලාප තුළ සලකා බැලූවෙමු. එම සෑම අවස්ථාවකදීම මෙම Cosmic Vision තීරුව තුළ මාසෙකට වරක් සාකච්ඡා කළ හැකි විෂය පථ සහ ප්‍රමාණය ඉතා සුළු බැවින් අන්තර්ජාලයේ යුටියුබ් සහ ගූගල් හරහා වැඩිදුර එම ගුරුවරුන් සහ සන්නිවේදකයින්ගේ ඉගැන්වීම් වෙත ගැඹුරට යාමට අවශ්‍ය සියලු උපදෙස් මෙම තීරුව හරහා අප සපයා දෙන ලදී.

2020 පෙබරවාරි මාසයේ පටන් අප 2012 අධ්‍යාත්මික හැරවුම් ලක්ෂ්‍ය හරහා ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති අධ්‍යාත්මය සහ විඥානය හරහා ගොඩනැගෙන සංවර්ධනය, සුව කිරීම, ප්‍රජා සේවය, අධ්‍යාපන, නව නිර්මාණ බිහි කිරීම, සංස්කෘතික වර්ධනය, පරිසරය වැනි විෂයයන් පිළිබඳව ඇතිවී ඇති නව උනන්දුව ඊට අදාළ මතවාදයන් සහ පුද්ගලයින් පිළිබඳව ආධ්‍යාත්මික කරුණු රැසක් ඉදිරි තීරු තුළදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

රටට ගැලපෙන ඉදිරි ගමන පිළිබඳව අධ්‍යාත්මික පදනම් කරගත් ප්‍රබල සාකච්ඡාවක් රට තුළ දැනට දියත්ව පවතී. එම සාකච්ඡාව ප්‍රබලව සිදුවනුයේ යූටියුබ් නාලිකාව හරහා අරඹා ඇති ශ්‍රී ලාංකික ටීවී චැනල් හරහා ය. මේ සාකච්ඡාවට සංස්කෘතික වැනි ඉතා පැරණි භාෂාවල වර්ධනයන් හදාරන උගතුන් ප්‍රධාන ප්‍රවාහයෙන් වෙන්වුණු ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින්, පරිසරවේදීන්, අධ්‍යාත්මිකවේදීන්, අධිමානසිකවේදීන්, විවිධ පද්ධතීන් හරහා නක්ෂත්‍රය ප්‍රගුණ කළ විද්‍යාඥයින්, ගණිතඥයින් වන පිරිස් අයත් වේ.

මේ වන විට මෙම සාකච්ඡාව කෙතරම් පුළුල් මට්ටමට ගමන්කර තිබෙනවාද කිවහොත් විදේශ රටවල ජීවත්වන සහ පදිංචි අවුරුදු 5-20 වයස්වලට අයත් ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරුවන් විශාල ප්‍රමාණයක් මෙම සාකච්ඡා වැඩසටහන් එම යූටියුබ් චැනල හරහා නරඹා ප්‍රශ්න සහ අදහස් මතු කරමින් එම බුද්ධිමය සංවාදයට බද්ධ වෙමින් සිටී. අපි මාර්තු 2020 කලාපය තුළ මේ මාතෘකාව තවදුරටත් සාකච්ඡා කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *