Cosmic Vision February-2019 : New solutions නව විසඳුම්

කොස්මික් විෂන් සියලුම ලිපි

2018 වසරේ ටැස්මේනියානු දූපතේ දී ලී කැරොල් නැමති ලෝක ප්‍රකට අධිමානසික සන්නිවේදකයා විසින් ඔහු ගනුදෙනු කරන crayon ක්‍රයෝන් නමැති අධිමානසික හෙවත් බහුමානයන් ගේ පැවැත්මක් සහිත විඥානය හරහා ඔහු වෙත ලැබුණු දැනුම ඉතා කුඩා පිරිසකට සන්නිවේදනය කරන ලදී. මෙම සන්නිවේදනය ලී කැරොල් හඳුන්වනු ලැබුවේ new solution (නව විසඳුම්) යන තේමාවෙනි. මෙම සන්නිවේදනය සිදු වූයේ කලින් සඳහන් කළ පරිදි ටැස්මේනියානු දූපතේ අගනුවර වන හොබාම් නුවරදී දෙසැම්බර් දෙවැනිදාය.

මෙම සන්නිවේදනය අද ලෝකයේ දේශපාලන අර්බුද සහ එය වෙනස්වන අයුරු පිළිබඳ වැදගත්ම හෙළිදරව්වකි. අද පවතින අර්බුදකාරී ව්‍යාකූල ලෝක දේශපාලනය මීට වඩා ඉහළ මට්ටමකට අයත් සාමූහික මෛත්‍රී සහගත සහ අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැගුනු තලයකට යොමු වන බව පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් මෙම සන්නිවේදනයේ දී ප්‍රකාශ කෙරුණි. මෙම පරිවර්තන තුළදී පථිවි වාසී ජනතාවගේ අවධි භාවය, විවෘත භාවය, ධනාත්මක යථාර්ථයකට විවෘත වීමට ඇති වුවමනාව මෙම පරිවර්තනය තුළ දී අතිශයින් ම වැදගත් වන බව ද කැරොල් සඳහන් කරන ලදී.

දැනට ශතවර්ෂ ගණනාවක සිට අප ලබාගත් හෙවත් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය, ඡන්ද ක්‍රමය, නායකයින් පත් කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය වැනි දේශපාලන අංග මනුෂ්‍ය ඉතිහාසයේ වැදගත් ප්‍රවණතාවයන් සටහන් කළ බව සැබෑවක් වුවත්, එම ක්‍රම සියල්ල ගොඩනැඟුනේ පෘථිවිය තුළ විඥානික වශයෙන් අඳුරු පර්සියානු ශක්තිය Old Persian energy රජකළ පසුගිය අවුරුදු 2500 ක කාලය තුල ය. අද අප කතා කරන ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය නැවත දියුණු විධික්‍රමයට අවුරුදු 150ක් 250ක් පමණ අතීතයක් පවතින අතර එම ප්‍රවණතාවය පවා ගොඩනැඟුණේ පෘථිවිවාසී මිනිසාගේ විඥානය හා මෛත්‍රිය පහල මට්ටමක් තුල (33%ට අඩු මට්ටම) තුල ක්‍රියාත්මක වූ පසු ගිය අවුරුදු දෙසීයක තුළය.

නමුත් 2012 න් පසුව අප ඇතුළුව (ආරම්භ කර ඇති) ඇක්වේරියානු යුගය තුළ ලෝකයේ පවතින සියලු ප්‍රජාතන්ත්‍රවාදය රටවල ඇති අර්බුදය මූලික විඥාන මට්ටම දෙස අප බැලීමට සමත් වනවා ඇත. එහි දක්නට ලැබෙන ප්‍රවනතාවයන් එම සියලු රටවල් දේශපාලන පක්ෂ ප්‍රධාන ලෙස කොටස් දෙකකට තුනකට කැඩී අද ඇති ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට දෙපාර්ශවයන්ට හෝ පාර්ශව ගණනාවකට බෙදී තම විරුද්ධවාදීන් විවේචනය සහ පුද්ගලික මට්ටමෙන් හෙළා දැකීමයි. එලෙසම දූෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය, වැනි අපයෝජනයන්ගේ රජ වීමයි. 2012 න් පසුව ගොඩනැගෙන නව විඥානයට වැඩිදුර යාමට පෙර මෙම පැරණි අඳුරු යුගය තුළ ගොඩනැගුණු දේශපාලන පද්ධති වල ක්‍රියාකලාපයේ නිෂ්ඵල භාවය අවබෝධ වනවා ඇත. ඒ සමඟම 2012 පසුව වෙනස් වන විඥානය තුළ මෛත්‍රිය අවදි වීම හරහා පෘතුවිවාසි ජනතාවගේ ගැටළු ගැඹුරු විසඳීමේ ප්‍රවණතා වෙත සාමූහිකව යොමුවෙමින් සිදුවනු ඇත. විශේෂ ප්‍රබල විවාද අනිවාර්ය අංගයක් ලෙස ඇති වුවත් වාද වලින් මතුවන සමාජ හරය පොදු විසඳුම් හා ක්‍රියාමාර්ගවලට සියල්ල එකඟතාවයට දැක්වීම් හිමින් හිමින් ඇරඹෙනවා ඇත මෙම සාර්ථක කර්තව්‍යයට දැනට ඉපදී ඇති අලුත් විඥානය සහිත ළමා තරුණ පිරිස් Indigo Children ඉදිරි දශකය තුළ ලෝක දේශපාලන සමාජ ක්‍රියාවලියට ඇතුළු වීම හරහා විශාල පරිවර්තනයක් අරඹනවා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *