Cosmic Vision December-2018

කොස්මික් විෂන් සියලුම ලිපි

පසුගිය Cosmic Vision අප්‍රේල් තීරුව හරහා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ස්ටීව් රොතර් (Steve Rother) නැමති අධිමානසික / උපදේශක විසින් 2018 දෙසැම්බර් මස පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී මතු කළ වැදගත් අදහස් කීපයක් ප්‍රබල ඍණාත්මක ආවේගයේ මනුෂ්‍ය විඥානය තුළ මේ යුගයේ මතුවීම සහ එහි පසුබිම සහ ඒවා සමනය පිළිබඳ විශේෂයෙන්ම කෝපය, වෛරය, වෙන්වීමේ නැඹුරුතාවය වැනි ආවේගයක් සහ මානසික නැඹුරුතා අද එම සාකච්ඡාව්දීම මතු වූ තවත් දේශපාලනයකට වැදගත්වන කරුණක් පිළිබඳව සලකා බලමු. එනම් රාජ්‍යය /ආණ්ඩුව /ආණ්ඩු රාජ්‍ය පද්ධතිය පිළිබඳ සංකල්ප සහ යාන්ත්‍රණයේ මුළු ලෝකයේ සියලු මට්ටමේ රටවල ප්‍රබල පරිවර්තනයකට ලක්වෙමින් පැවතීමයි.

එක පැත්තකින් රාජ්‍යයන් පිළිබඳ දූෂණ, රහස්, අක්‍රමිකතා, බලය අයුතු ලෙස භාවිතා කළ අවස්ථාවන් මෙන්ම ජනතාවගෙත් සඟවාගෙන සිටි තොරතුරු නව කාර්යභාරය සහ සන්නිවේදනය මෙන්ම රාජ්‍යයන් අභ්‍යන්තරයේ සිට එළියට පැමිණ සිටින ප්‍රගතිශීලී පිරිස් හරහා ප්‍රබලව නිරාවරණය වීමට පටන් ගෙන ඇත. 2017 සහ 2018 වඩා ප්‍රබල තොරතුරු 2019 -2021 වන විට දී මතුවනු ඇත.

ඊළඟ කාරණාව නම් රාජ්‍යයන් සහ සම්ප්‍රදායික පාලන යාන්ත්‍රණවලට පවතින ජනතා ගැටලු විසඳීමට අසමත්වී ඇතිසේම රාජ්‍යයේ සපයා පිළියම් විසඳීමට ඇතිසේම රාජ්‍යයන් සපයන පිලියම් ජනතාව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වී තිබීමයි. මීට හොඳම උදාහරණයක් නම් ලෝකයේ දියුණුම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බි්‍රතාන්‍යය තුළ අද පවතින ජාතියේ සංක්‍රමණිකයන් සහ සංක්‍රමණය පිළිබඳ (Immigration Issue) දැනට මතු වී ඇති බරපතළ ගැටලුවල ස්වභාවයයි.

පසුගිය අවුරුදු 50-70 පමණ කාලයේ සිටි රජයන් සංවිධානාත්මක නීතිමය ප්‍රතිපත්ති සහ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම තුළ අද වන විට එම ආගමන විගමන ප්‍රශ්නය විසඳීමට අපහසු උත්සන්න තත්ත්වයකට පත්වී ඇත.

මෙහිදී මෙම රාජ්‍යයන් ආණ්ඩුක්‍රම සහ සම්ප්‍රදායික යාන්ත්‍රණයක් පිළිබඳව සහ එම පද්ධතිවල අකාර්යක්ෂමතාවය පිළිබඳ නිරාවරණයන් සම්බන්ධව ඉතාම වැදගත් විවෘතවීම් ලෝකයේ සෑම රටකම මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ඇතිවීමට පටන් ගෙන ඇත. ඒවා නම් සුළු පිරිස් අරන්තර්ජාලය හරහා විශාල සන්නිවේදන කථිකාවක් අරඹා තිබීමයි. මෙම නැඹුරුතාවය සෑම රටකමද ජාත්‍යන්තරවද දැන් දැන් ගොඩනැගෙමින් පවතී. මෙහිදී වැදගත්වන දෙයක් නම් සුළු පිරිස් හරහා ප්‍රබල සංවිධානයක් හා සන්නිවේදන පද්ධති ලෝකය තුළ මතුවෙමින් පැවතීමයි. ඔවුන් ලෝකය වෙත ඇතිකරන විකල්පාත්මක සන්නිවේදනය (Alternative Communication Through alternative media) ද ප්‍රබල වෙමින් පැවතීමයි. සමහර බ්ලොග් YouTube වැඩසටහන් blog talk radio අන්තර්ජාලය හරහා සතිපතා විකාශනය වන රේඩියෝවට සහ රූපවාහිනියට වැඩසටහන් වලට දායකවන පිරිස් සමහර CNN සහ Fox සහ BBC වැඩසටහවන්වලටද වඩා ප්‍රචලිත වෙමින් පැවතීමයි.

කුඩා පිරිස් හරහා මෙලෙස නව ප්‍රබලතා ගොඩනැගෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය සහ සෙනෙට් යන රාජ්‍ය පද්ධතිවලට කිසිම ගැටලුවක් සාකච්ඡා මාර්ගවලින් විසඳා ගැනීමට නොහැකි මට්ටමට ගොඩනැගෙමින් පවතී.

මෙයින් පැහැදිලි වන වැදගත් කරුණක් නම් මිනිස් ගැටලු සමතයකට 2012 දෙසැම්බරයේ සිට ඇක්වේරියානු යුගයට අදාළව ක්‍රමයෙන් ගොඩනැගෙන නව මාවත් සහ නව දොරටු විවෘතවෙමින් පැවතීමයි. දැනට විවෘතවෙමින් පවතින නව උපක්‍රමයකන් සියල්ල කාර්යක්ෂම හා ප්‍රඥාවන්ත ලෙස උපයෝගී කර ගැනීම වර්තමාන මිනිසා සතු ප්‍රබල වගකීමකි. ඒ හරහා පෙර නොවූ විරූ මට්ටමේ සාමයක්, සහයෝගිතාවයක් සහ සංවර්ධනයක් ගොඩනගා ගත හැකිවනු ඇත. ඊට අමතරව සියලු දෙනාගේ රුචියට ගැළපෙන අධ්‍යාපන සහ රැකියා අවස්ථා සහ සහභාගිත්වය මත පදනම් වූ අධ්‍යාපන, රැකියා සහ සෞඛ්‍ය සහ සුවතාවයට අදාළ වර්ධනයේද ලෝක ජනතාවට ළඟා කර ගත හැකිවනු ඇත. එලෙසම විශ්වය සහ බැඳුනු අධ්‍යාත්මිකත්වයේ දොරටුවද ඒ හරහාම විවෘතවනු තබා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *