Cosmic Vision August-2019

කොස්මික් විෂන් සියලුම ලිපි

Cosmic Vision තීරුව යටතේ අගෝස්තු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ දැනට ලෝකප්‍රකට තත්ත්වයට පත්වී ඇති විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුළ විශ්වවිද්‍යාල / මාධ්‍ය / සමාජ සේවා සහ අධ්‍යාත්මික පදනම් රාශියකට මේ දිනවල ආරාධනා ලබන සද්ගුරු (sadguru) නමැති අධ්‍යාත්මික ගුරුවරයා මෑත යුගයේ පයනියල් ග්‍රන්ථිය නැමැති මුහුණේ ඇස් දෙකට මධ්‍යයේ නළල ප්‍රදේශයේ පිහිටි යෝගී භාවනා ක්‍රමයට අයත් අග්නා චක්‍රයට පිටුපසින් පිහිටි සියුම් ඉන්ද්‍රියක් පිළිබඳව වැදගත් අදහස් කිහිපයක් පළ කිරීමට පටන් ගෙන ඇත. අප අද එළැඹ ඇති අධ්‍යාත්මික යුගය තුළ ඉදිරි වසර කිහිපය තුළ පෙරදිග යෝග මනෝ විද්‍යාව තුළ සඳහන් වී ඇති මෙම සියුම් ඉන්ද්‍රිය පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවේ ස්නායු විද්‍යාව හරහා විශාල ආවරණය වීම් සිදුවන බව සද්ගුරු මෑත පැවැත්වූ සාකච්ඡා වට ගණනාවක ම සඳහන් කරන ලදී.

මේ වන විට පයනියල් ග්‍රන්ථිය නැමැති සියුම් ඉන්ද්‍රිය විසින් ශ්‍රාවය වන හෝමෝන වලට සමාන රසායනික ශ්‍රාවයන් මඟින් මනුෂ්‍යයන්ගේ මානසික / ආවේගාත්මක සමතුලනය ඇති කරන බව බටහිර ස්නායු විද්‍යාව හඳුනාගෙන ඇත. නමුත් sadguru සඳහන් කරන පරිදි මෙම ඉන්ද්‍රිය පිළිබඳව සහ එම ඉන්ද්‍රියේ, විශ්වයට, පෘථිවියට, අධ්‍යාත්මිකව වර්ධනයට අදාළ තොරතුරු පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව, ස්නායු විද්‍යාව මෙතෙක් හඳුනාගෙන ඇති තොරතුරු ප්‍රමාණය සීයට එකක් තරම්වත් නොමැති බවයි. ඊට හේතුව මෙම ඉන්ද්‍රියේ ප්‍රධානම අංගය සාමාන්‍ය මනුෂ්‍ය කායික විද්‍යාව තුළට වඩා අධ්‍යාත්මික විද්‍යාවට අදාළ වෙනම මානයක් තුළ ක්‍රියාත්මක වීමයි. එම මානය භාවනානුයෝගීන් අත්දකින වීෂය පථයට වැඩිපුර සම්බන්ධකම් දැක්වීමයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඉදිරි වසර පහ දහය තුළ කරනු ලබන ගවේෂණ තුළ දී මෙම ඉන්ද්‍රිය පිළිබඳ අදට වඩා ආවරණය කිරීමට සමත් වනු ඇත.

ඇස් දෙක මැද පිහිටි නලලේ අග්නි චක්‍රයට ඉදිරියෙන් ඇති තිලකය තබන ලක්ෂ්‍ය හරහා දළ වශයෙන් හඳුනාගනු ලබන නළලේ තිලකය තබන ලක්ෂ්‍යට පිටුපස රසායනික ශ්‍රාවයන්ගෙන් පිරුණු මෙම ග්‍රන්ථියේ භෞතික ස්වරූපය හඳුනා ගත හැකිය. නමුත් මෙම ග්‍රන්ථිය භෞතිකමය ඉන්ද්‍රියට වඩා අප දැනට තොරතුරු අඩුවෙන් දන්නා අධ්‍යාත්මික අවදි වීමට දැඩි ලෙස බැඳී ඇත. අග්න චක්‍රය මෙන්ම පයිනියල් ග්‍රන්ථිය නැමැති ඉන්ද්‍රිය ද භෞතික මානයෙන් එපිට ක්‍රියාත්මක වන, අප බටහිර වෛද්‍ය විද්‍යාව හරහා දැනට අඩු දැනුමක් ඇති ඉන්ද්‍රියකි.

මේ විෂය පිළිබඳව ඉන්දියානු ආධ්‍යාත්මික sadguru පවත්වන ලද කෙටි දේශනාවක් යූටියුබ් හිඇත.

www.youtube.com වලට ගොස් “Sadguru on Pineal gland” යන මාතෘකාව ටයිප් කිරීම හරහා එම දේශන සහ සාකච්ඡා වලට සවන් දීමේ අවස්ථාව උදාකකරගත හැකිය. මෙම යූටියුබ් සන්නිවේදනයෙන් අධ්‍යාත්මික විද්‍යාව තුළ සැරිසරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ භාවනායෝගීන් හට වැදගත් දැනුම ආලෝක ධාරාවක් සපයනු නොඅනුමානය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *