Cosmic Vision තීරුව යටතේ ජූනි (2019) අවධානයට යොමු කරන්නේ හේටි රටේ ඉපදී අවුරුදු 17 දී උසස් අධ්‍යාපනයට ඇමරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව පිළිබඳ උසස් උපාධියක් ලබා එම වෘත්තීය ක්ෂේත්රයේ සේවයේ නියැලී ඉන් අනතුරුව අධ්‍යාත්මික විද්‍යාව, අධිමානසික සන්නිවේදන විද්‍යාව, හේටි රටේ දේශීය අධ්‍යාත්මික සම්ප්රදායේ සහ ඉන්දියානු ඇමරිකානු මෙන්ම තිබ්බත බුදුදහමේ අධිමානසික අංශයන් පිළිබඳව ප්‍රායෝගික පර්යේෂණවල යෙදී දැනට ප්‍රබල අධිමානසික, අධ්‍යාත්මක සන්නිවේදකයෙක් බවට පත්ව ඇති පියරේ ඩුබ්ටා මෑතකදී ඔහුගේ යූටියුබ් සන්නිවේදනය හරහා 2020-2024 තුළ ඇතිවන ලෝක අර්බුදයට අධ්‍යාත්මිකව සූදානම් වීමේ වැදගත්කම හා එම අර්බුදයේ ස්වරූපය පිළිබඳව ඔහුගේ යූටිබුබ් චැනලයේ අංක 49 න් පසුව සාකච්ඡා කිරීම අරඹා ඇත. (49, 50, 51, 52, 53)
ඔහුගේ youtube PIERRE DUBOIS නාමය යටතේ අන්තර් ජාලයෙන් බලාගත හැකිය.
එම අර්බුදයේ වැදගත්ම අංගයක් ලෙස මතවාදාත්මක බෙදීම දේශපාලන, ආගමික, සමාජමය අර්බුදයක් බවට පත්වන බව පලකර ඇත. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම බෙදීම සමහර ප්රාන්තයන් දේශපාලනිකව වෙන්වීම දක්වා පැතිරීමට ඉඩ ඇති බව පවසයි. එලෙසම මේ බෙදීම් තුළ ප්‍රචණ්ඩතාවය වර්ධනය වීමට ඉඩ ඇති බවද පවසයි. මීට අමතරව ලෝකය තුළ මෙම අර්බුදයේ විවිධ ස්වරූප මතුවීමට ඉඩකඩ ඇති බව පවසයි. ඒවා නම් ජල අර්බුදය, දේශගුණාත්මක පරිවර්තන නිසා සමහර රටවල ජනගහනය අඩු නව ප්‍රදේශවල පදිංචි වීමේ ප්රවනතාවය රටවල් හා කලාපවල තම භූමි සීමා නිර්ණය වීමට පටන් ගැනීම වැනි අංශ ගණනාවක් වෙත අවධානය යොමු කරවයි. එලෙසම මෙම පරිවර්තනයන් ලෝක ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ධනාත්මකව ඇතිකිරීම 2024 න් පසුව සිදුවීමට ඇති බවද පවසයි. බැක්ටීරියා වෛරස් හරහා පැතිරෙන රෝගවල කලාප වර්ධනයක්ද 2020-24 තුළ සිදුවනු ඇත. ඔහු පවසන පරිදි මෙම ඉතාම ප්‍රබල අර්බුද පරිවර්තනයන් හරහා අධ්‍යාත්මිකව වර්ධනයට අදාළ වැදගත් පරිසරයක් ලෝකයේ විවිධ කලාප තුළ ගොඩනැගීමද සිදුවනවා ඇත. මෙම 2020-2024 පරිවර්තනවල ධනාත්මක අධ්‍යාත්මික මානයන් පිළිබඳ ජූලි (2019) Cosmic Vision තීරුව හරහා වැඩිදුරට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනු ඇත.
PIERRE DUBOIS website (www.iammonad.com) මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට භාවිතා කිරීම සුදුසුය. එලෙසම www.youtube.com හි PIERRE DUBOIS (පියරේ ඩුබ්බා) යටතේ spiritual readiness in the time of shift (අංක 49න් පසුව) මේ විෂය පිළිබඳ අධ්‍යයනයට භාවිතා කළ හැකිය.