Cosmic Vision

කොස්මික් විෂන් සියලුම ලිපි

Cosmic Vision තීරය යටතේ 2019 අප්‍රේල් සහ 2019 මැයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ඇමරිකානු ජාතික ස්ටීව් රොතර් (Steve Rother) නැමති අධිමානසික සන්නිවේදකයා මෙන්ම අධ්‍යාත්මික ජීවිත මඟපෙන්වන්නා විසින් 2018 දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කළ දැනුම්වත් කිරීම් සාකච්ඡා වැඩසටහනකදී ඉදිරිපත් කළ නුදුරු අනාගතයට අතිශයින් වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳවය.

ඔහු පවසන අන්දමට රේඛීය ලෙස ගලන ලද මනුෂ්‍ය විඥාණය මෙන්ම කාලය පිළිබඳ අවබෝධය 2018 / 2019 වන විට සර්පිලාකාර මාර්ගයකට ඇතුලත් වී පවතී. ඉතාම සරල අතීත, වර්තමාන, අනාගත රේඛීය ගමනක් ලෙස මනුෂ්‍ය විඥානයට දැනුනු කාලය පිළිබඳ සංකල්පය සර්පිලාකාර පථයක ගමන් කරන්නට පටන් ගත් විට විඥානයේ පරිවර්තන රැසක් සිදුවීමට පටන් ගනී. ඒ අතර ප්‍රධාන ලෙස මනුෂ්‍ය විඥානයට දැනෙන දෙයක් නම් මනුෂ්‍ය සාමුහික විඥානයට අතීතයේ නොවිසඳුනු ආවේගාත්මක ගැටලු (අවුරුදු 30 – 40 – 50 කට පමණ පෙර සමහර විට ළමා කාලයේ සිට එන ආවේගාත්මක ගැටලු) විඥානයේ මතුපිටට පැමිණීමයි. මේවා ප්‍රධාන වශයෙන් මතකයන් ලෙස අවධිකාලයේ සහ සිහින ලෙස නින්දේදි නිතර නිතර ඒමට පටන් ගනිමින් පවතී. 2012 දෙසැම්බර් මාසයේ සිට පෘථිවියේ ගයා (gaya) ලෙස හඳුන්වන පෘථිවි විඥානයේ යන මනුෂ්‍ය විඥානය යන දෙකෙහිම ඇරඹි ප්‍රබල පරිවර්තන දැන් දැන් 2018/2019 වසර වන විට පුළුල් මනුෂ්‍ය විඥානයට දැනීම දැන් දැන් ඇරඹි ඇත. මෙය ඉතාම පැහැදිලිව ලෝකය පුරාම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද දැන් දැක ගත හැකිය. එනම් මතිමතාන්තර බලකොටු අතර පෑහීමක් ඇති කර ගැනීමට හෝ පොදු සාකච්ඡාවක් ගොඩනගා ගැනීමට බැරිවන පරිදි මනුෂ්‍ය පිරිස් සෑම රටකම මතවාදී සහ පිරිස් වශයෙන්
කොටස්වලට බෙදෙමින් සිටියි. ඒ නිසා පොදු ගැටලු විසඳීම වෙනුවට උග්‍රවීම දැකිය හැකි අතර මනුෂ්‍යයා ප්‍රබල ලෙස කෝපය වෛරය යන ආවේගවලට යටවී ඇත.

ඇමරිකාවේ ප්‍රබල ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ දිනවල මෙම සිදුවී ඇති කඳවුරුවලට බෙදී වෛරයෙන් යුතුව පොදු සාකච්ඡාවකට ප්‍රධාන දේශපාලන පක්ෂ කැඳවීමට නොහැකි වී ඇති වාතාවරණය හඳුන්වනුයේ තමන්ගේ ජීවිත කාලය තුළ පළමුවරට දකින්නට ලැබෙන අත්දැකීමක් ලෙසයි. මීට පෙර බෙදීම් තිබුණද, පොදු එකඟතාවයන් ඇතිකර ගැනීම එතරම් අපහසු නොවීය. එලෙසම පක්ෂ අතර බෙදීම් ඡන්දයකින් පසුව තාවකාලිකව හෝ අවසන් වීම දැකගත හැකි විය. නමුත් වර්තමානයේ එම තත්ත්වයට ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් මෙන්ම විසඳා ගත නොහැකි අවුල් තත්ත්වයක් ගොඩනැගෙමින් පවතී. මේ ස්වරූපය මෙම වෙනස්වන මනුෂ්‍ය විඥානයේ එක්තරා අවස්ථාවක් පමණි. මෙම විඥානයේ බෙදීම හෝ වෙන්වීම අධ්‍යාත්මිකව ආරාධනා කරනු ලබන්නේ මනුෂ්‍යයාට භාවනා සහ අධ්‍යාත්මික මාර්ගයට යොමු වූ තමාගේ මමත්වය, සිතුවිලි හා ආවේග වල සැබෑ ස්වරූපය දෙස එබී බැලීමට සහ ඒ ගැටලුවලට අධ්‍යාත්මිකව විසඳුම් සෙවීම උපේක්ෂාව, මෛත්‍රිය මෙන්ම පැවැත්ම පිළිබඳ අවබෝධයෙන් සිදුකිරීමට උත්ප්‍රේරණය කිරීමක් ලෙසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *