ඔබ අප සත්ගුරුගේ දේශනයක් මත පදනම් වී සාකච්ඡා කරන ලද නිහඬ වීමේ (අභ්‍යන්තර නිහඬවීම) හෙවත් (දෙසැම්බර් 2019 සාකච්ඡා කිරීම ඇරඹු) අධ්‍යාත්මික විවේකය පිළිබඳ අභ්‍යාසය දින දහ හතරක් එක දිගට සිදුකළහොත් ඔබ තුළ විඤ්ඤාණයේ ගැඹුරු මට්ටම් වල ක්‍රියාත්මක වන ඉතාම සියුම් ශක්තීන් පිලිබඳව අත්දැකීමක් ලැබෙනු ඇත. මෙම සියුම් ශක්තිීන් ක්‍රියාත්මක වනුයේ සිතුවිලි ආවේග යන මට්ටම් (ඉහළ ස්ථරය) සන්සුන්වූවාට පසුවය.
මෙම දින දාහතරක් තුළ සිදුකරනු ලබන අභ්‍යාසය (අභ්‍යන්තර සංයුක්තභාවය පිළිබඳ අභ්‍යාසය) සම්පූර්ණකර ඔබ නැවත බාහිර ලෝකයට පැමිණි පසුව ලෝකයේ කිසිම අභියෝගයක් පැමිණියත් ඔබ එම අභියෝගවලට ආවේගාත්මක ප්‍රතික්‍රියා වෙනුවට අවශ්‍ය ප්‍රතිචාරය පමණක් දැක්වීමට පටන් ගනු ඇත. එය ඔබ තුළ පවතින ගැඹුරු මට්ටමේ ක්‍රියාත්මක වන සියුම් ශක්තීන්වල ප්‍රබලතාවය අත්දැකීම තුළ ඔබ (සරල ලෙස පැවැත්ම තුළ සිටීමේ සතුට) joy of simple being නමැති කලාව ද ඉගෙන ගන්නවා ඇත. එලෙසම ඔබ අධ්‍යාත්මික වීම යනු මානසිකව වෙනස් තැනකට හෝ ඉහළ තත්ත්වයකට යාමට උත්සාහ දැරීම නොවන බව ද වටහා ගන්නවා ඇත. මෙහිදී ඔබ ලබන අවබෝධය නම් ලබාගැනීමට මානසික තත්වයක් හෝ යාමට විශේෂ තැනක් නැති බවයි. අධ්‍යාත්මික වීමේ ක්‍රියාවලිය තුළ ඔබට යාමට විශේෂ තැනක් ගැන හෝ මානසිකව අන් අයට වඩා උසස් යැයි සැලකෙන තත්ත්වයක් ලබාගැනීම වැනි මානසික ගතිකයක් ඔබ තුළ ක්‍රියාත්මක වන්නේ නම් ඒ මානසික ස්වභාවය ම අධ්‍යාත්මික විරෝධීය.
මේ ගැඹුරු අවබෝධය තුළදී ඔබ බටහිර කාර්යාල සංස්කෘතිය තුළ (දැන් මෙය පෙරදිග රටවල ද ප්‍රබල ව දැකිය හැකිය) අද ප්‍රබලව දක්නට ලැබෙන සිකුරාදා දිනය තුළ සියලුම සේවකයින් කීමට පුරුදුව ඇති thanks god’ Its Friday. අද යන්තම් සිකුරාදා දිනයයි. ඒ වෙනුවෙන් දෙවියන්ට ස්තුති වේවා. යන වදන කීම මානසිකව නවත්වනු ඇත. ඊට හේතුව ලැබීමට අවශ්‍ය ඉහළම විවේකය සහ යාමට ඇති ඉහලම දුර මේ මොහොත තුළදීම අත්දැකීම තුළ සිකුරාදා වැඩ අවසන් වී යන විට සෙනසුරාදා සහ ඉරිදා අමුතු අත්දැකීමක් හෝ විවේකයක් අපේක්ෂා කිරීමට උවමනාවක් නැති බවයි.
මෙය අත්දැකීමට ඇත්තටම උවමනා වන්නේ waiting හෙවත් ‘බලාසිටීම’ නැමැති අවදි කම ඇඟට නොදැනෙන්නට ප්‍රගුණ කිරීම පමණය. එය මහන්සි වී කළ හැකි දෙයක් නොවේ, ස්වභාවයෙන් අවතීර්ණ වීමට ඉඩහැරිය යුතු ක්‍රියාවලියකි. ඒ තුළ සෙවීමක් හෝ සොයන්නට ඇති දෙයක් ද නැති බව අවබෝධ විය යුතුය. මේ ක්‍රියාවලියට අපි සාම්ප්‍රදායිකව භාවිත කරනු ලබන අධ්‍යාත්මික ගවේෂණය/ අධ්‍යාත්මික චාරිකාව යන වදන් වලට දැන් අපිට තව අර්ථකථනයක් දිය හැකිය. ඊට හේතුව ‘යාමට තැනක් නැති’ බව අවබෝධ වූ විට සිදුවනුයේ නියම ඔබ සහ ඔබ ලෙස සිතා සිටින පුද්ගලයා අතර ඇති දුර සහ කෘතිම බැම්ම බිඳ වැටීමයි. ඒ දෙක අතර ඇති දුර ස්වභාවයෙන්ම අහෝසි වී යාමයි.
ඒ අත්දැකීම තුළදී ඔබ සාමාන්‍යයෙන් විවේකී දින ලෙස කලින් සලකන ලද සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම vacation යන අත්දැකීමට ද අලුත් අර්ථකතනයක් එක් වනවා ඇත.
(සද්ගුරු නැමැති ජාත්‍යන්තර අධ්‍යාත්මික ගුරුවරයා මෑත දී පැවැත්වූ අධ්‍යාත්මික විවේකය යන දේශනය ආශ්‍රයෙන් මේ ලිපිය සකසන ලදී. මෙහි ප්‍රථම කොටස 2019 දෙසැම්බර් Cosmic Vision තීරුවේ පළවිය.)