Cosmic Vision අධ්‍යාත්මික විවේකය

කොස්මික් විෂන් විශේෂාංග සියලුම ලිපි

මෙම පහත ලිපිය සකස් වී ඇත්තේ sadguru නමැති ජාත්‍යන්තර තලයේ ආධ්‍යාත්මික ගුරුවරයාගේ මෑත දී පැවැත්වූ දේශනයක අදහස පදනම් කරගෙනය.
අධ්‍යාත්මික විවේකය

අපට යම් ක්‍රියාවක යෙදීමේදී හෝ සිතුවිලි මුල් කර ගත් චින්තනයක යෙදීමේදී ලැබෙන නියම සතුට (joy of activity) යන්න ගැඹුරින් අත්දැකීමට නම් අප විසින් විවේකී සුවය හෙවත් ඇලීමක් නැති අධ්‍යාත්මික විවේකී භාවය ගැඹුරින් අත්දැකීම් අත්‍යවශ්‍යයි. ආධ්‍යාත්මික අභ්‍යාස සහ සාධකවලට ගැඹුරින් අවතීරණ නොවූ පුද්ගලයකුට වුවද මෙම ගැඹුරු විවේකී සුවය ලැබීමට ක්‍රමයක් යෝජනා කිරීමට මම කැමැත්තෙමි. අඩු තරමින් යමකුට වසරකට දින දාහතරක් (සති දෙකක) කාලයක් ජීවන සටනින් ඈත්වී මමත්වය වර්ධනය සහ මම මුල් කරගත් සියලුම අභ්‍යාස වලින් වැළකී සිටිය හැකිනම් මෙම අත්දැකීම ලැබීම අපහසු නොවේ. මෙම මමත්වයට අදාල ක්‍රියාවලට මානසික ක්‍රියාවලිය ද අයත් වේ. උදාහරණ ලෙස විවේකීව සාහිත්‍යයේ යෙදීම, කවි ලිවීම, සිනමාපට නැරැඹීම වැනි කාර්යයන්ද මමත්වයට අදාළ මානසික ක්‍රියාවලි වලට අයත්ය.

මෙවැනි අභ්‍යාස වලට අමතරව තම පවුල, දරුවන්, රැකියා, සමාජ සේවා පමණක් නොව තමාගේ ශරීරය හෝ මනස විවේකීකරණය සඳහා සියලුම අභ්‍යාස වලින් මිදීම අවශ්‍යයි. ඊට ශාරීරික සහ මානසික විවේකය සපයන අභ්‍යාස සියල්ලගෙන්ම ටිකවේලාවක් මිදිය යුතුය.

මෙහිදී අප අවබෝධ කරගත යුතු තවත් මානුෂික අවශ්‍යතාවක් පිළිබඳව අවධානය යොමු කිරීම වටී. එනම් ජීවිතය/පැවැත්ම සෑම විටම අපගේ සෑම නියැලි කටයුත්තකින් ම ප්‍රසාරණය හෙවත් ජීවිත ප්‍රසාරණය (expansion) අපේක්ෂා කරන බවයි. මෙම ප්‍රසාරණය නැමැති මූලධර්මයට යටත් වන සාමාන්‍ය මිනිසා මෙම ප්‍රසාරණය සිදු කිරීම සිදුකරනු ලබන්නේ නිරතුරුව සිදුකරන කුඩා පරිමාණයේ ප්‍රසාරණ ගණනාවක් හරහා ය. එම කුඩා ප්‍රසාරණ අධ්‍යාපනයේ ජයග්‍රහණ රැකියාවේ වෘත්තීය ජයග්‍රහණ, විවාහය, දරුවන්ගේ ජයග්‍රහණ, රථවාහන හා නිවාස අයත් කර ගැනීම වැනි සෑම දිනකම සිදුවන පියවරවල් රාශියක් හරහා සිදු කරන සුළු ප්‍රමාණයේ ප්‍රසාරණ හරහා සිදු කරගැනීමට යොමුවේ. නමුත් මෙම ප්‍රසාරණ මූලධර්මය දෙසට ප්‍රබලව අවදිවන පුද්ගලයකුට අවබෝධ වන දෙයක් නම් අපගේ පැවැත්මට ඇත්තවශයෙන්ම අවශ්‍ය වනුයේ මෙම සුළු සුළු ප්‍රසාරණයක් නොව සීමාරහිත අසීමිත ප්‍රසාරණයක් බවයි. (Boundless Expansion) අප සුලු සුලු ප්‍රසාරණ තුළ මුළුමනින්ම සෑහීමකට පත් නොවන බවට උදාහරණයන් එමට ඇත. විභාගයකින් සමත්වීම, රැකියා උසස්වීම්, විදේශීය රටකට සංක්‍රමණය වැනි ප්‍රසාරණයට අදාළ සුළු ප්‍රමාණයේ ක්‍රියාවලිවලින් ලැබෙන සතුට එම කටයුත්ත සාක්ෂාත් වූ වහාම අහෝසි භාවයට පත්වීමෙන් පැහැදිලි වනුයේ මෙම සුළු සුළු ප්‍රසාරණ රාශියක් පිළිබඳව අපගේ පැවැත්ම එතරම් තැකීමක් නොදක්වන බවයි. නමුත් ප්‍රඥාව අඩු මනුෂ්‍යයා ප්‍රසාරණ මූලධර්මය වැරදියට වටහාගැනීම තුළ ඔහුට හෝ ඇයට සුළු ප්‍රසාරණයන් හරහා එම අසීමිත ප්‍රසාරණය ලැබේය යන මිත්‍යාවට නොදැනීම අසුවේ.

නමුත් අසීමිත ප්‍රසාරණය නමැති අත්දැකීම සුළු මොහොතකට හෝ අත්දැකීමට නම් කිසියම් පුද්ගලයකු ජීවයේ විශ්වයට බැඳුනු ශක්තිය අත්දැකිය හැකි මට්ටමට ස්ථායි වී, කියවීම, ලිවීම, අන්තර්ජාලයේ වැඩ, ටෙලිෆෝන් භාවිතය මෙන්ම, සිතීම වැනි සෑම මානසික කටයුත්තකින් ම තාවකාලිකව සමුගත යුතුය. එවැනි පරිසරයකට ගොස් ඔබ නැවත වරක් කතාවක් ලිවීම හෝ දර්ශනයක් පිළිබඳ මෙනෙහි කිරීමට ගියහොත් නැවත වරක් සුළු ප්‍රමාණයේ ප්‍රසාරණ ක්‍රියාවලිය හරහා අසීමිත ප්‍රසාරණය අත්දැකිය හැකිය යන අසාර්ථක නිරර්ථක අභ්‍යාසයට නොදැනුවත්වම වැටේ.

ඒ වෙනුවට ඔබ ප්‍රබල අවදි භාවයකින් යුතුව පහසු විවේකී කල් ගත කිරීමක් ඇරඹිය යුතුය. මෙහිදී අවධි භාවය දල්වා ගැනීම ඉතා ප්‍රබල උපක්‍රමයක් වනු ඇත.

මෙම මාතෘකාවම ජනවාරි 2020 දී තවදුරටත් Cosmic Vision හරහා සාකච්ඡා කරනු ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *