ෆෙස්බුක් මව් සමාගමේ සන්නාමය META ලෙස වෙනස් කරයි

විශේෂාංග

සිය සන්නාමය වෙනස් කිරීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන අංගයක් ලෙස ෆෙස්බුක් තම මව් සමාගමේ නාමය Meta ලෙස වෙනස් කර ඇත්තේ ය.
සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපණය කිරීම (virtual reality) වැනි ක්ෂේත‍්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක‍්‍රියාකාරකම් වඩාත් හොඳට ”ආවරණය” කරන බවයි.
මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook,,, Instagram iy Whatsapp වැනි එක් එක් වේදිකා සඳහා අදාළ නොවන අතර එම සමාජ ජාලා පැරණි නම් වලින්ම දිගටම ක‍්‍රියාත්මක වේ. නව නම මව් සමාගම පමණක් භාවිතා කරනු ඇත.
හිටපු සේවිකාවක විසින් කාන්දු කරන ලද ලේඛන තොගයක් මත පදනම්ව ෆෙස්බුක් පිළිබඳ සෘණාත්මක ප‍්‍රවෘත්ති මාලාවක් ප‍්‍රචාරය වීමෙන් අනතුරුව සමාගම මෙම පියවර ගෙන ඇත.
ෆ‍්‍රැන්සිස් හෝගන් නම් ඇය චෝදනා කළේ, සමාගම ”ආරක්ෂාවට වඩා ලාභයට මුල්තැන” ලබා දෙන බවයි.
2015 දී, ගූගල් (Google) සමාගම ප‍්‍රතිව්‍යුහගත කරමින් එහි මව් සමාගමේ නම ‘ඇල්ෆාබෙට්‘ ලෙස නම් කරන ලදී, කෙසේ වෙතත්, එම නම මෙතෙක් ජනතාව අතර ප‍්‍රචලිත වී නැත.
ෆෙස්බුක් ප‍්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ”මෙටාවර්ස්” එකක් (එනම් මිනිසුන්ට ඔන්ලයින් ක‍්‍රීඩා කිරීමට, වැඩ කිරීමට, සහ තාත්වික පරිසරයක සන්නිවේදනය කළ හැකි, බොහෝ විට VR හෙඞ්සෙට් භාවිතා කළ හැකි ඔන්ලයින් ක‍්‍රමවේදය) ගොඩනැගීමේ සැලසුම් එළිදක්වන අතරතුර සමාගමේ නව නම ප‍්‍රකාශයට පත් කළේ ය.
පවතින සන්නාමයට ”අනාගතයේ දී පමණක් නොව, අද දවසේ දී අප කරන සෑම දෙයක්ම නිරූපණය කළ නොහැකි” බවත්, එම නිසා සන්නාමය වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.
”කාලයත් සමගම, අපි මෙටාවර්ස් සමාගමක් ලෙස දකිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපගේ කාර්යභාරය සහ අපගේ අනන්‍යතාවය අපගේ අනාගත සැලසුම් මත ස්ථාපිත කිරීමට මට අවශ්‍යයි,” ඔහු අන්තර්ජාලය හරහා විකාශය කළ සම්මන්ත‍්‍රණයක දී පැවසීය.
”අපි දැන් අපගේ ව්‍යාපාරය කොටස් දෙකක් ලෙස සලකා වාර්තා කරනවා. එකක් අපගේ යෙදවුම් පවුල, සහ අනෙක අනාගත වේදිකාවල අපගේ ක‍්‍රියාකාරකම්.
”මෙහි කොටසක් ලෙස, අප කරන සෑම දෙයක්ම විදහා දැක්වීමට, අප කවුරුන්ද යන්න සහ අප ගොඩනැගීමට බලාපොරොත්තු වන දේ පිළිබිඹු කිරීමට සමාගමට නව සන්නාමයක් හදුන්වාදීමට කාලයයි.”
කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි පිහිටි සිය මූලස්ථානයේදී එහි මෙතෙක් පැවති නිල ලාංඡුනය වූ —thumbs-up˜ ලකුණ, ‘අනන්තය‘ නිරූපණය කරන නිල්පැහැ හැඩයකින් ප‍්‍රතිස්ථාපනය කිරීම එළිදැක්වී ය.

කාලයාගේ ඇවෑමෙන්, සමාගමේ අනෙකුත් සේවාවන් භාවිතා කිරීම සඳහා ෆෙස්බුක් භාවිතා කිරීමට පරිශීලකයින්ට සිදුනොවීම මේ නව නමෙන් පිළිබිඹු වෙතැයි සකර්බර්ග් පැවසීය.
”මෙටා” යන වචනය පැමිණෙන්නේ ”ඔබ්බට” යන අර්ථය දෙන ග‍්‍රීක වචනයෙනි.
පිටස්තරයෙකුට, metaverse VR තාක්ෂණයේ අනුවාදයක් ලෙස පෙනිය හැකි වුවත්, සමහරුන් විශ්වාස කරන්නේ එය අන්තර්ජාලයේ අනාගතය විය හැකි බවයි.
පරිගණකයක රැුඳී සිටීම වෙනුවට, මෙටාවර්ස් එකක සිටින පුද්ගලයින්ට සියලූ වර්ගවල ඩිජිටල් පරිසරයන් සම්බන්ධ කරන තාත්වික ලෝකයකට ඇතුළු වීමට VR හෙඞ්සෙට් එකක් භාවිතා කළ හැකිය.
අතථ්‍ය ලෝකය (virtual world) රැුකියාව, ක‍්‍රීඩා සහ ප‍්‍රසංගවල සිට, මිතුරන් සහ පවුලේ අය සමග කතාබහෙන් කාලය ගත කිරීම දක්වා ප‍්‍රායෝගිකව ඕනෑම දෙයක් සඳහා භාවිතා කළ හැකි යැයි බලාපොරොත්තු වේ.
ෆෙස්බුක් සමාගම පවසන්නේ, දෙසැම්බර් 1 වනදා සිට සමාගමේ නව නම වන MVR ස්ටිකරය යටතේ එහි කොටස් කොටස් වෙළදපොළට නිකුත් කිරීම ආරම්භ කිරීමට අදහස් කරන බවයි.
කාන්දු වූ ලේඛන (Leaked documents)
වසංගතය අතරතුර එන්නත පිළිබඳ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ෆෙස්බුක් විසින් ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වසන්කළ බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කිරීම ද ඇතුළුව, සමාගමේ කීර්ති නාමයට පහර කීපයක් එල්ල වී ඇත.
එය, හිටපු සේවිකාවක් වන හෝගන් මාධ්‍ය වෙත කාන්දු කරන ලද අභ්‍යන්තර ලේඛන මත පදනම් වූ වාර්තා මාලාවක නවතම හෙළිකිරීමයි.
ඉන්ස්ටග‍්‍රෑම් නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට පර්යේෂණ ප‍්‍රතිපලයන්ගෙන් පෙන්වා දී ඇතත් ෆෙස්බුක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත්, එක්සත් ජනපදයෙන් පිටත දී එහි වේදිකාවලට එකතුවෙන වෛරී ප‍්‍රකාශ ඉවත් කිරීමට එතරම් ප‍්‍රමුඛතාවක් නොදෙන බවත් එම වාර්තා පවසයි.
සකර්බර්ග් එම වාර්තා විස්තර කර ඇත්තේ ”සිය සමාගම පිළිබඳ ව්‍යාජ චිත‍්‍රයක් ඇඳීම සඳහා කාන්දු වූ ලේඛන තෝරා බේරා භාවිතා කිරීමේ සැලසුම් කළ ප‍්‍රයත්නයක්” ලෙසය.
සමාගමකට නමක් තැබීමේ උත්සාහය දුෂ්කර ය. සකර්බර්ග් පවසන්නේ ඔහු ‘මෙටා‘ නම් නම තෝරාගෙන ඇත්තේ එහි ග‍්‍රීක භාෂාවේ අර්ථය වන ”ඔබ්බට” නිසා බවය. එය ඔහුට ගොඩනැගීමට අවශ්‍ය ජාලගත තාත්වික ක්ෂේම භූමිය වන ”Metaverse ” වෙත ද යොමු කරයි.
පළමුවෙන්ම, මෙම පියවර මඟින් ෆෙස්බුක් සමාගම තමාට එල්ලවී ඇති සෘණාත්මක කථාවලින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. විචාරකයින් විශ්වාස කරන්නේ ෆෙස්බුක් මෙය සිදු කර ඇත්තේ තම වෙළඳ නාමයට ඇතිවී තිබෙන හානිය නිසා බවයි. මේ නම වෙනස් කිරීමේ ක‍්‍රියාව සෙනෙට් සභිකයින් විසින් නොසලකා හැර ඇති බවට දැනටමත් දක්නට හැකි ය. එක් සෙනෙට් සභිකයෙකු මෙම පියවර ”බාහිර” වෙනස්කමක් ලෙස විස්තර කර තිබුණි.

දෙවනුව, ”Metaverse” යනු තවමත් පිහිටුවා නැති සමාගමකි. එය දිගුකාලීන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වනු ඇතැයි අවධාරණය කිරීමට සකර්බර්ග් උනන්දු විය. තමාගේ ප‍්‍රධාන කාර්යභාරයට සම්පූර්ණයෙන්ම අසම්බන්ධ නමක් තිබීම මඳක් අසාමන්‍යයැයි කීමට හැකිය. facebook සියලූම ආදායම පාහේ ලැබෙන්නේ Facebook සහ Instagram ප‍්‍රචාරණය වන වෙළද දැන්වීම් මගිනි.
තෙවනුව, අනෙකුත් විශාල තාක්ෂණික සමාගම් විසින් සිදුවූ නව නාමකරණයන් අසාර්ථක වී ඇති බව අපි දනිමු. 2015 දී Google සමාගම ”Alphabet” ලෙස නැවත සන්නාමගත කරන ලද නමුත්, කිසිවෙකුත් Google සමාගම එම නමින් හඳුන්වන්නේ නැති තරම් ය.
මෙහි පැහැදිලි කරුණ වන්නේ, ඉන්ස්ටග‍්‍රෑම් සහ ෆෙස්බුක් ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් සකර්බර්ග්ගේ ආශාව නොවන බව ය. ඔහු උනන්දු වී සිටින්නේ, මිනිස් අත්දැකීම් පරිවර්තනය කරන බැව් විශ්වාස කරන අතථ්‍ය ලෝක නිර්මාණය සඳහා යි. ඔහු සමාජ මාධ්‍ය සමාගම් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ එල්ලවන නිරන්තර විවේචන වෙහෙසකාරී වනවා විය හැකි ය. මෙම ප‍්‍රතිව්‍යුහගත කිරීම මඟින්, සමාගමේ ඔහු උනන්දුවක් දක්වන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව ඔහුට ලබාදී ඇත.
මෙම බෙදා වෙන්කිරීම ඒ කෝණයෙන් බැලූකල අර්ථවත්යැයි කීමට පුළුවන. කෙසේ වෙතත්, ජනතාව එය පිළිගනු ඇත්ද යන්න දැකීම සඳහා ඉවසිල්ලෙන් බලා සිටීමට අපට සිදුවනු ඇත.
බීබීසී සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *