ළඟදීම තවත් බදු කිහිපයක් !

පුවත්

රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද මුලින්ම හඳුන්වා දීමට යෝජිත බදු බව සඳහන්ය. ඒ අතර මෙතෙක් වැට් බදු නිදහස ලබා දී තිබූ ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ද වැට් බද්ද පනවනු ඇතැයි වාර්තා වෙයි.

වියදම් අඩුකොට ආදායම් අතිරික්තයක් ඇතිකරගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදුන් උපදෙස් මත මෙම බදු පැනවෙනු ඇතැයි දැනගන්නට ඇත.

(deshaya.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *