1947 වර්ෂයෙන් ආරම්භවුණු ලාංකීය සිනමාවට
හාස්‍ය රසය ප්‍රථම චිත්‍රපටියෙන්ම එක්කොට තිබිණ.
කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වූ ලාංකික සිනමාව
එඩී ජයමාන්න මහතා සිය රංගනය හාස්‍ය උත්පාදය වෙත මනප්පුවා
චරිතයෙන් කැඳවාගනු ලැබීය. එබැවින් මෙහි පුරෝගාමියා වූයේ ඔහුය.
ඉන්පසු එම වකවානුවේම ලැඩී රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු ද සමහර චරිත
වලින් හාස්යයෝත්පාදනය ලබාදුන්හ. ලාංකික සිනමාව පොදුජනතාව අතර
ඉමහත් ජනප්‍රියට පත්වූ හැට හැත්තෑව දශකය තුල නිෂ්පාදනය වූ චිත්‍රපටි අති
බහුතරයක හාස්යයෝත්පාදනය සඳහා චරිත දෙක තුනක්
අනිවාර්යෙන් නිර්මාණය කොට තිබිණ.
කෘතහස්ත නලුවන්වූ ජෝ අබේවික්‍රම හා ඩී ආර් නානයක්කාර ඔවුන්ගේ සිනමා දිවියේ
ආරම්භක අවදියේදී හාස්‍යයෝත්පාදන චරිත සඳහා පණ පොවන ලදි.
එම අවදියේදීම සිටි එල්.එම්.පෙරේරා ද අමතක කළ නොහැක.
සිනමා ශාලා පොදු ජනතා ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගිය
හැට හැත්තෑව දශකයන් හා අසූව දශකයේ මුල් භාගයේ
ලාංකික සිනමා ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පාත්රවූ
හාස්‍යයෝත්පාදන නලුවන් වූයේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, බී එස් පෙරේරා,
ඇන්තනී සී පෙරේරා, නවනන්දන විජේසිංහ දොන් සිරිසේන,
බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ සහ ප්‍රෙඩී සිල්වාය.
ලාංකික සිනමාවේ හාස්‍යයෝත්පාදන චරිත වැඩිම ප්‍රමාණයකට පණ පොවමින්
වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවක රඟපෑ නලුවා වූයේ ප්‍රෙඩී සිල්වා වූ අතර
ඔහුගේ ගායන හැකියාව ද ඒවා වඩාත් විත්රවීමට හේතුවිය.
ප්‍රෙඩී සිල්වා ලාංකික සිනමාවේ හාස්‍ය රසය
බෙදා හරින ලද වීරයා විය.
මෙම හාස්යයෝත්පාදනය චරිත නිරූපනය කළ නලුවන් අතරින්
අදට ජීවත්ව රංගනයේ නිරතව සිටිනුයේ බන්දු සමරසිංහ පමණී
-මාර වැඩේනෙ ලංකාවට වුණේ –
අජිත් රන්ජන් ඒකනායක