හිසට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් විවාහක රූ රැජිණ රෝහල් ගත කෙරේ

පුවත්

ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස 2021 ශූරතාව දිනාගත් පුෂ්පිකා ද සිල්වාගේ ඔටුන්න උදුරා ගැනීමෙන් පසු හිසට සිදුවූ තුවාල හේතුවෙන් අද රෝහලට ඇතුළත් කර තිබේ. ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළුපලන් කැරොලයින් ජූරි විසින් මෙම තුවාලය සිදු කර තිබේ.

පුෂ්පිකාගේ සහායක පවසා ඇත්තේ පුෂ්පිකාගේ හිස්කබලට බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබා ඇති බවයි. ඊයේ රාත්‍රියේ සිදුවීමෙන් පසු ඇය දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණා.පුෂ්පිකා තම ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද නොවූ බවත් ජූරි විසින් ඇයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

වේදිකාවේදී ජූරිගේ ක්‍රියාවන්ට සහාය දුන් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට එරෙහිව පුෂ්පිකා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් තමාට හානියක් කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබේ.
විවාහක රූ රැජින කිරුළ යළි පුෂ්පිකා ද සිල්වාට ” සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි
ඊයේ කැරොලයින් ජූරි විසින් ලංකාවේ විවාහක රූ රැජිණ කිරුල පුෂ්පිකා ද සිල්වා ගෙන් ගැලවූ අතර සංවිධායක මණ්ඩලය එම කිරුළ නැවත පුෂ්පිකා ට ලබා දීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රියේ වේදිකාවේදී ප්‍රකාශ කළ පරිදි පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී නොමැති බව ශ්‍රී ලංකා විවාහ රූ රැජිණ තරඟ කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

විනිශ්චය මණ්ඩලය අවසන් තරගය තෙක් පුෂ්පිකා ද සිල්වා තරඟ කිරීම පිළිබඳව කිසි විටෙකත් ප්‍රශ්නයක් හෝ විරෝධයක් මතු නොකළ බව චන්දිමාල් ජයසිංහ පැවසීය. පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවට කරන ප්‍රකාශයන්ට කිසිදු සාක්ෂියක් නොමැති බවත් තරඟයේ ඇති වූ සිදුවීම හා කැරොලයින් ජූරිගේ සිදුවීම ලංකාවේ විවාහක රූ රැජිණ තරඟය පිළිබඳ අපකීර්තියක් ඇති කළ බව ඔහු පැවසීය.
ලංකාවේ නම කැත කළ ” කැරොලින් ජූරිගේ ” ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි කිරීමේ තීරණයක්

කතා බහට ලක්ව ඇති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟයේදී ශිරන්ති රාජපක්ෂ , ජලනි ප්‍රේමදාස සහ රෝසි සේනානායක සහභාගී වූ අතර. තරඟාවලියේ අවසන් අවස්ථාවේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ හට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා රෝසි සේනානායක සහ ශිරන්ති රාජපක්ෂ පැමිණ සිටියහ.

2020 විවාහක රෑ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරී පත් වූ අතර 2019 දී ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ඇයට කිරුළ පැළඳීම සිදු කළාය.

ඉන්පසුව ශිරන්ති රාජපක්ෂ සහ රෝසි සේනානායක යන මහත්මියන් එක්ව ජයග්‍රාහිකාව හට සුබ පතමින් ත්‍යාග ප්‍රධානය කළහ.

නමුත් ආරාධිතයන් පිටව ගිය පසු ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ප්‍රකාශ කර සිටියේ විවාහක රෑ රැජින තරඟාවලියේ නීතියක් ඇති බවත් එහිදී සියලු තරඟකාරිනියන් විවාහක විය යුතු බවත්, දික්කසාද වී සිටින තැනැත්තියන් හට මෙම තරගයට ඉදිරිපත් විය නොහැකි බවත්ය.

ඒ අනුව කැරොලින් ජූරි විසින් කිරුළ පුෂ්පිකා ද සිල්වාගෙන් ගලවා ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර දෙවැනි ස්ථානය නිදාගත් රෑ රැජින හට එය පැළැන්ඳ වීමටද කටයුතු කළාය.

මේ පිළිබඳ විවාදය මේ වනවිටත් ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තේරීමේ සංවිධායක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව කැරොලින් ජූරි ලෝක රූ රැජිණකට නොගැළපෙන ආකාරයකින් රූ රැජිණ තරඟයකදී කටයුතු කිරීම හේතුවෙන් 2019 වසරේ ඇයට හිමි වූ ලෝක රූ රැජිණ කිරුළ අහෝසි කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මේ වනවිට ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ද පැමිණිලි කර තිබේ.

වගඋත්තරකරුවන් පස්දෙනෙකු නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බ

කැරොලින් ජූරිගේ ලෝක රූ රැජිණ කිරුළ ගලවනවා ” – විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා කතා කරයි
ඊයේ (04) පැවැති විවාහක රෑ රැජින තේරීමේ තරඟාවලියේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශ කරන්නේ

” එදා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කී “මම ජනාධිපති වෙලත් හිටියා, අගමැති වෙලත් හිටියා මට තනතුරු ලොකු නැහැ” යන කතාව තමන්ට කීමට ඇති බවයි.

කැරොලින් ජූරි වගේ කෙනෙකුට මිසිස් වර්ල්ඩ් වැනි නාමයක් ගැළපෙන්නේ නෑ ඇයගේ කිරුළ ගලවා දැමිය යුතුයි ඒ පිළිබඳව මා කටයුතු කරනවා ය පවසා සිටියා.

එම සිදුවීම වන අවස්ථාවේ තමන්ගේ කිරුළ ඇද ගලවා ගැනීමට උත්සාහ කළ බවත් ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීමටද ක්‍රමයක් ඇති බවත් ඇය පවසනවා.

ඇය කියා සිටින්නේ තමන් සැමියා සමග නීතියෙන් වෙන් වී නොසිටියත්, වෙන්ව ජීවත් වන බවයි.

මේ ඒ පිළිබඳ පුෂ්පිකා තැබූ ෆේස්බුක් සටහන
ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා

‘නවබිම’ වෙබ් අඩවියෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *