හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

පුවත්

මෙරට 33 වැනි පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් මාසයේදී පොලිස්පති තනතුරට පත්විය.

2011 වසරේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් පහරදීමකින් තරුණයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ බාලසූරිය මහතාට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ඉන් මාස කිහිපයකට පසුව ඔහු බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කළ අතර ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානපතිවරයා ලෙසද සේවය කළේය.

2014 වසරේදී මහින්ද බාලසූරිය මහතා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *