මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක‍්‍රමය හින්දු කුල ක‍්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක‍්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බ‍්‍රාහ්මණයන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක‍්‍රමණික ගෝත‍්‍ර වල ක‍්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක‍්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැස ඇත. නමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක‍්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක්‍ෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ‍්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ‍්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක‍්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි.
ලංකාවේ කුල ක‍්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ‍්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප‍්‍රසාදයක් විය. විජයගේ ඇවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප‍්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත‍්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත‍්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ. මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක‍්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ.
සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල ”කුල බද්ද” නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. මහනුවර යුගයේදී කුල ක‍්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක‍්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත‍්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප‍්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප‍්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. නොක්ස් පවසන අන්දමට කුලීනයෝ හා කුලහීනයෝ වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකක් මහනුවර රාජධානිය පැවති සමයේ තිබිණ. කුලය මෙම අවධියේ පුද්ගලයින්ගේ ඇදුම් ආයිත්තම් තීරණය කිරීමට බලපෑවේය.වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙනසේ වස්ත‍්‍ර හැඳ ඇත.ස්ත‍්‍රීහු බොලට දක්වා වස්ත‍්‍ර හැඳ එයම කරකවා ළපැත්ත වැසෙනසේ පටක්සේ කරේ ලා ගනිති. අඩු කුලයේ ස්ත‍්‍රීහු දණහිස දක්වා රෙදි කඩක් හැඳ උඩුකය නග්නව තබාගතයුතු විය.අසනීපයක් හෝ ශිීතයක් ඇතිවුවහොත් පමණක් රෙදි කඩක් පොරවා ගැනීමට තහනමක් නැත. එසේ නමුදු කුලවත් අයෙකු මුණගැසුනහොත් වහාම රෙද්ද ඉවත්කොට ශීතල නිසයි හාමුදුරුවනේ කියා සමාව ගත යුතුය. රැුල්ෆ් පීරිස්ට අනුව ඉගටියෙන් පහළට රෙදි හැදීම රොඞී අයට තහන්ම් වූ අතර දණ හිසින් පහළට හැදීම කුඹළුනට තහනම් විය.
ලංකාවේ කුල වර්ග ….
සිංහල කුල ක‍්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප‍්‍රසිද්ධ කුල විවිධ ප‍්‍රදේශ වල තිබිය හැකිය. පහත දක්වා ඇත්තේ පහතරට කුල අනුපිළිවෙලයි. නමුදු උඩරට කුල ක‍්‍රමයේ අනුපිළිවෙල වෙනස් වන අතර එකම සිංහල බ‍්‍රාහ්මණ වංශිකයෝ වන නවන්දන්නා කුලයේ ප‍්‍රමුඛ කුලය වන රන්කරුවන් සම තැනට පත් වේ. උඩරට රාජධානි සමයේ ගම්වර හා නින්දගම් ද රාජසභාවේ ඉහල තනතුරු දැරීම හේතුවෙන් නවන්දන්නා කුලයට රදළ කුලය මෙන් පිලිගැනීමක් විය.
සිංහල සමාජයේ උඩරට කුල ….
ගොවි කුලය …..
මෙය සිංහල කුල ධූරාවලියේ ප‍්‍රධාන ස්ථානය ගන්නා අතර ප‍්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී. රාජ්‍ය සේවය, ඉඩම් හිමි කෘෂිකර්මය හා ගව පාලනය කුලයෙහි ප‍්‍රධාන වෘත්තීන් වේ. සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හඳුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.
නවන්දන්නා කුලය …..
රිදී, තඹ තල්පත්, තුඩපත් සන්නස් මගින් නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු මෙම නොයෙක් ගරු නම්බු, රත‍්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත‍්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය ආදිය ලබා දෙමින් සංග‍්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත‍්‍රවල අයගේත් කලාවේත් අභිවෘද්ධියට හේතු විය. ගංගාරාම විහාරස්ථානයේ වැඩ නිම කළ ශිල්පියාට වෙනත් තෑගි බෝගවලට අමතර සම්පූර්ණ රජ ඇඳුමක් පවා පරිත්‍යාග කර ඇත. ඒ බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ ”මධ්‍යකාලීන සිංහල කලා’’ග‍්‍රන්ථයේ සඳහන් වේ. ඒ නැතත් රජ ඇඳුම් ඇඳීමට මොවුන්ට අවසර තිබිණි.
සිංහල සමාජයේ පහතරට කුල …….
මේ යටතට පහතරට ප‍්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප‍්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික ද්රවිඩ සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක්‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක‍්‍රමයේ මධ්‍ය ස්ථරය වේ. එනමුත් සම්ප‍්‍රදායික සිංහල කුල ක‍්‍රමය(උඩරට කුල ක‍්‍රමය* තුල නොසලකා හැර ඇත.
කරාව කුලය …….
කරාව කුලය යනු රෝහන රාජධානියේ ක්ෂත‍්‍රීය නෑ පරපුර වන අතර, ඔවන් කෝරව යන නාග වංශික රාජකීයයන් වෙයි. එම නාගවංෂික බව නිසාම යකුන් ඔවුනට දැඩිසේ නින්දා කරමින් පහත් කිරීමට උත්සාහ ගනියි.
සේවා කුල ……
මේ ගනයට අයත් කුල රජු සදහා සේවා කිරීමට බැඳී සිටියි. ගොවි,නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක‍්‍රමයේ වැඩවසම් ලක්‍ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක‍්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක‍්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක‍්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැුක ගැනීම සහ ප‍්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.
සමාජයේ කොන්වීමට ලක් වූ කුල
මේ යටතට කින්නර, ගහල, රොඞී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි.
කුල සහ ඒවායේ කාර්යයන් …
නවන්දන්නා කුලය…
නවන්දන්නා වංශිකයෝ ලංකාවට ඉන්දියාවෙන් විවිධ කාලවලදී පැමින මෙහි ජනාවස වී ඇත. මහාවංශයට අනුව විජය රජ සමග පැමිණි සුලූ පිරිසක් ද පසුව ව්ජය රජු හා එම පිරිස සදහා පාන්ඩ්‍ය දේශයෙන් ගෙන්වූ කුමරිකාව හා අනෙකුත් කාන්තාවන් සමග පිරිසක් ද අශෝක අධිරාජ්‍යයා ලංකාවට එවූ ශ‍්‍රී මහා බෝධිය වැඩමෙව් සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ද ස්වර්ණකාර් පවුල් අටක් හා ලෝහකාර් පවුල් අටක් ඒ සමග අශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේ ලංකාවට එවා ඇත. මොවුන් බ‍්‍රාහ්මණ වංශිකයන් බැවින් මොවුන් හට බ‍්‍රාහ්මණ නාමයන් ඔවුනගේ පෙළපත් නාම වල දැක ගත හැක විශේෂයෙන්ම ඔවුනගේ වාසගම් නාම වල බරනාමයන් දැක ගත හැක.
දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පැමිනි මෙම නවන්දන්නා කුල බ‍්‍රාහ්මණයෝ මහනුවර ජනාවාස විය.නීලවල ප‍්‍රදේශයේ නීලනාරායන ද මැදවල පරම නාරායන ද අල්දෙණියේ දේව නාරායන ද උඩිස්පත්තුවේ තින්න නාරයන ද පදිංචි විය. මොවුන් මුහන්දිරම් වරුන් විය. මීට පෙර විජය රජුගේ මාමන්ඩිය විසින් පවුල් දහසක් පාන්ඩ්‍ය දේශයෙන් ලංකාවට එවා ඇත.පසුව 13 සියවසේ මහා පරාක‍්‍රමභාහු රජ දවස රජු විසින් තවත් පිරිසක් කපිලවස්තු පුරෙන් (කිබුල්වත්පුර නුවර* ගෙන්වා ඇත.කොට්ටේ යුගයේද බුවනෙකාභාහු රජ සමයේ තවත් පිරිසක් ගෙන්වා ඇත.නායක්කාර් රජ පෙලපත ආරම්භ වීමත් සමග තවත් පිරිස් ඉන්දියාවේන් පැමින තිබේ. සංස්කෘත ස්ලෝක වලද මෙම කුලය ගැන විශාල තොරතුරු රැුසක් ලියවී ඇත. ආචාරි යන නමින් මෙම කුලය හදුන්වන්නට හේතුව ද බ‍්‍රාහ්මණ බලපෑමයි. ආචාරි ලෙස හදුන්වන්නට යෙදුනේ ද සිංහල සමාජය තුල ගෞරවය දැක්වීමටයි.ආචාරිහි අර්ථය ලෙස පාලි සංස්කෘත භාශාවේද දැක්වෙන්නෙ ස්වාමියා හා ගුරුවරු තවද සිංහල භාෂාවෙන් වුවද මෙම යෙදුමට ගුරු, ගුරුන්නාන්සෙ ‘ස්වාමියා’ හෝ ‘විශේෂඥ‘. යන අරුත තිබූ බව පෙනේ.
මෙම කුලය සම්ප‍්‍රදායිකව සිංහල සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබූ කුලයකි. එයට ප‍්‍රභල ලෙස ඉන්දීය බ‍්‍රාහ්මණ වංශිකයන්ගෙන් පැවත එන කුලයක් වීමත් හා රජකීයන් සමග සමීප සබදතා පැවැත්වූ නිසාත් ය. නවන්දන්නා කුලයේ රන්කරුවන්,රිදී කරුවන් හා ලෝහ කරුවන් ගොවි කුලයට සමතැන ගනී.මොවුන් එකම සිංහල බ‍්‍රාහ්මණ කුලය යි.මේ යුගයේ රන්කරුවෝ ඉතා ධනවත් ය.දියුණු ය.අනෙක් කුල වල ස්ත‍්‍රීන්ට වඩා සම පැහැපත් රන්වන් ස්වභායක් ඇත්තා හ.පුරුශයෝද එසේ ය.රත‍්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත‍්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය රජු විසින් ලබා දී තිබුනේ මෙම කුලයේ ස්ත‍්‍රීන්ට පමණි. එකල පිරිමි පාර්ශවය ඔවුනේ කන් දෙකටම කරාබු පැලදී අතර 70 දශකයේ අගභාගයේදී ද එය දක්නට ලැබුණි. මහනුවර රජුගේ රන්කම් පට්ටලයෙහි රන්කරුවන් ඉතා දියුණු ය ධනවත් ය. මේ රන් කරුවන් හට ගම් රාශියක රන්කම් ලැබෙන්නේ ය. මොවුන් රජුගේ නියෝජිතයන් වූ හෙයින් ඔවුන් හට අනෙකුත් පහත් නොවන කුල වලින් ඔවුන්ගේ අස්වැන්න වන වී, තල කුරක්කන් භාගයක් දිය යුතුය.මෙය ඔවුන්ගේ වරදාන ලෙස පිලිගැනේ. එමෙන්ම පුරාතම සිරිතයි. මෙම කුලයේ ඉහලම කුලය ලෙස සැලකෙන රන්කරුවන් හට පැවරූ රාජකාරිය වූයේ රජුගේ නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු හා රජතුමාගේ ඔටුන්න ඇතුලූ රාජආභරණ නිපදවීම හා නඩත්තුවත් රන්භාණ්ඩාගාරයේ වගකීමත් සැපරීමයි.මොවුන් රජුගේ විශ්වාසනීයම පිරිසක් ලෙස සලකයි.මොවුන්ගෙ අභිමානවත් සේවය වෙනුවෙන් රජු විසින් අගය කර මහීෂ,කම්කරුවන් ආදීන් ද ඇත්, කුඩ, කොඩි, දෝලි ද පිරිනමා ඉහල රාජ ගෞරවය ලබා දී ඇත.එසේම රජු විසින් ගෞරවය පිණිස මෙම ශිල්පීන් හට ආචාරි, ආචාරීන්, පණ්ඩිත,ආචාරිගේ මූලාචාරි, මුලාචාරීන්, මුලාචාරිගේ ස්ථපති(වර්තමානයේ ආචාර්ය*,මුහන්දිරම් හා මුදලි යන ගෞරවාර්ථ නාම පටබැඳ තිබේ.
ගොවි කුල ….
සිංහල සමාජයේ විශාලතම කුලය ලෙස සැළකෙන ගොවිගම (ගස්තර කුලයන්* කුලවලට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ.
ගොවි කුලය යනු විජය රජ සමග පැමිණි ආර්යයන්ගෙන් බිහි වූ වංශය යයි හදුනා ගනු ලැබ ඇත.
ගොවිකුල මිනිසුන් බෙංගාලයෙහි නිජබිම ඇති පිරිසක් යන කරුන භෞතික මානව විද්‍යාව මගින්ද තහවුරවන බව හියු නෙවිල් විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී.මෙරටට පැමිණි පසු ස්වදේශීය වැදි ජනයාගෙන් යම් දායකත්වයක් මෙම ජාතිය සදහා සිදු වුවද ඔවුන්ගේ බාහිර පෙනුම බොහෝ දුරට වෙනස් නොවී ආරක්ෂා වී ඇත.ඔවුන් භෞතික ලක්ෂණ වලින් පුළුල් හිස් සහ අන් අයට සාපේක්ෂව කැපී පෙනෙන සේ පැහැපත් වීමද දක්වා ඇත.මෙම උරුමය ඉන්දු යුරෝපීය බස් වහරන පිරිසක කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවේ ඊසාන දෙසින් ඇති බෙංගාලය (වංගය* දෙසට සංක‍්‍රමණය වී ව‍්‍රතයත්සෝම व्रात्यस्तोम චාරිත‍්‍ර වලට භාජනය වීමෙන් පසුව ආර්යයන් ලෙස අවශෝෂණය කර ගන්නා ලද පිරිසකින් ලද්දක් යයිද ඔහු දක්වයි.
හියු නෙවිල් අපේ‍්‍රල් මාසයේ ටැප්රොබේනියානු භාෂාවට ලංකාවේ කළ දායකත්වය (ඔයැ ක්‍දබඑරසඉමඑසදබ දෙ ඪැාා්ි එද එයැ ක්බටම්ටැ දෙ ඔ්චරදඉ්බැ* යන කෘතියෙදී 1888 දී ගොවිකුල සිංහලයන්ගේ ස්වාභාවික සමේ පැහැය පැහැපත් බව නිරීක්ෂණය කරයි.
”ගෝයි (ගොවි* ජාතියේ සිංහලයෙක් තරුණ වියේ සිට ඇඳුම් අඳින විට ඔහුගේ ශරීරය පැහැපත්ය, ඔහුගේ මුහුණට, බෙල්ලට හෝ අත් වලට වඩා ඉතා පැහැපත්ය පාටය. මේ අනුව ඔවුන්ගේ සැබෑ වර්ණය ඉතා පැහැපත් එකක් බව ඔප්පු කරයි”
නීති විඝණ්ඩු ග‍්‍රන්ථයට අනුව භාරතයේ සිට මෙරටට විටින් විට සංක‍්‍රමණය වූ කැත් (ක්ෂස්ත‍්‍රීය*, බමුණු (බ‍්‍රාහ්මණ* සහ වෙස් (වෛශ්‍ය* කුල වල පිරිස් විසින් සාදා ගන්නා ලද පොදු කුලකය ලෙස මෙය හදුන්වා දී ඇත. සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන් සහ ඓතිහාසික ජන මුලාශ‍්‍ර අශ‍්‍රයෙන් කරනු ලබන නිරීක්ෂණන්හිදි ගොවිගම යනු එක් තනි කුලයකට වඩා කුල කිහිපයක ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස හදුනා ගත හැක. ගොවිගම කුලය සම්බවය වීම සදහා අතීත වෛදික වර්ණ ක‍්‍රමයේ පැවති ද්විජ උත්පත්ති සංකල්පය මත ආර්ය සම්බවයක් ඇතැයි සැළකූ ප‍්‍රමුක වර්ණ ත‍්‍රිත්වය තුල අනාර්ය (ද්රවිඩ හෝ ගෝත‍්‍රික* සම්බවයක් සහිත ශුද්‍ර වර්ණයෙන් වෙනස්වූ පොදු ලක්ෂණයන් පැවතීමත්,බුදු දහමෙහි ආභාශය මත ප‍්‍රමුක වර්ණ ත‍්‍රිත්වය අතර පැවති දුරස්ථ ස්වභාවය ක‍්‍රමිකව තුනී වීම සහ වෛදික බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදාය තවදුරටත් පවත්වාගෙන යාමේ අනවශ්‍යතාව හේතු වූ බව තර්කානුකූලව නීර්ණය කල හැක.මෙම දීර්ඝ ක‍්‍රියාවලියේදී අතීත සමාජයෙහි පැවති බ‍්‍රාහ්මණ කුලය සහ ක්ෂස්ත‍්‍රීය කුලය ගොවිගම කුලයේ ඉහල ස්ථරය වන රදල ස්ථරය ලෙසත් අතීතයේදී ගොවි ලෙස හදුනාගත් ඉන්දු ආර්ය කෟෂිකාර්මික ප‍්‍රජාව (වෛශ්‍ය වර්ණයට අයත්* ගොවිගම කුලයෙ දෙවන ස්ථරයට අවශෝෂනය වී ඇත.
පූජාවලියට අනුව මෙම ගොවිගම කුලයේ දෙවන ස්ථරය ලෙස හදුනා ගනු ලබන ගොවි කුලය භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් ලෙස හදුන්වා දෙනු ලැබේ.ඉහත දැක්වූ පිරිස් වලට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල*කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග‍්‍රහනය වී ඇත.
පසුකාලීනව මෙරටට සංක‍්‍රමණය වූ වෛශ්‍ය වර්ණයට අයත් චෙට්ටි වරුන්ගෙන් පිරිසක්ද, දකුණු ඉන්දීය වෛශ‍්‍රවන බ‍්‍රාහ්මණ පිරිස්ද ගොවිගම කුලයට අවශෝෂණය වී ඇත. අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක‍්‍රමණය වූ ඉන්දු ආර්ය ප‍්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කුලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත‍්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ජනපති පේ‍්‍රමදාස හැර පලමු අග‍්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීම දැක්විය හැක.
ආගමික ආධිපත්‍යය සැළකූ කල දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික සංස්ථාව වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් උදාහරණයක් වේ. උප කුල ගනනාවකින් සමන්විත වන අතර ගොවිගම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප‍්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ. මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි. අනර්ඝ ගෘහ නිර්මාණ ලක්‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය. උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාත් වලද ව්‍යාප්තව පවතී.
රොබට් නොක්ස්ගේ වාර්ථා ….
ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැුක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත‍්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප‍්‍රදායික සමාජයේ ප‍්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද, මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ. ගොවි කුලයේ දෙවන මට්ටමිගොවි’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප‍්‍රදේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’, ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. ගොවි කුලයේ සෙසු පහත උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල් යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.
මොවුන් කේරළයේ සිට පැමිණි පිරිස් වලින් ගොවිගම කුලයට අන්තර්ග‍්‍රහනය වූ පිරිසක් ලෙස සැලකේ. එම නිසාම ප‍්‍රධාන ගොවිගම කුලයට වඩා පහත්යැයි සැළකේ.
ඉහල කොටස:
රදලකම්/මුධලි පෙරුව
පයිධ පෙරුව (පනිවිඩ*
වැදිවන්ස
(මොවුන් ආර්ය සිංහලයන් නොව, එම ප‍්‍රදේසවල මුල් ඉඩම්කරුවෝ වූ වැදි ජනයාගෙන් පැවත එන්නන්ය*
පහල කොටස:
නිලමක්කාරයෝ – වී වගාව
පට්ටි – එඬේර/ගව පාලන
විරමෙස්ත‍්‍රගොල්ල
පොරෝකාර – ගස් කැපීම
ඇත්වල පනික්කියො – අලි කෑම සැපයීම
මල්කරුවො – මල් සැපයීම
කුට්ටන්වල ඇත්තො (කෙවුලො* – වෙව් මාලූ මැරීම
බලිබත් ගමයො – පන්සල්/දෙවාල පූජා බත් සැපයීම
ගත්තර (ගස්තර ලෙසද ව්‍යවහාර වේ* කුලයන්
ටිබිල්ලො
ගත්තර කුලය ….
ගත්තර හෝ ගස්තර ලෙස හඳුන්වන ජන කොට්ටාශය ගොවිගම කුලයේ පහළ උප කොටසක් ලෙස හැඳින්විය හැක. මෙම කුලයට අයත් පිරිස වර්තමානය වන විට අල්ප වී තිබේ. අද වන විට මොවුන් මතුගම සහ ඇල්පිටිය යන ප‍්‍රදේශ වලට සීමාවීමක් දැකගත හැකිය.
කරාව කුලය …
ධීවර කර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප‍්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරනිකරාව’ හාිපරවර’ ප‍්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරනිකරයාර්’ ප‍්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්* සිට ගෙන ආ ද්රවිඩයන් වේ.
විසිවන සියවසේදි බි‍්‍රතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක‍්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී. මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක‍්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක‍්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද ඇත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ කෞරව වංශයයි. මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත‍්‍ර දිස්ත‍්‍රික්කය ලෙසටය. මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟරෙව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය ”මහා භාරත යුද්ධය” ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ. ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක‍්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.
බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත‍්‍රය එරට වැසියන්ට දේශනා කලහ.කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි ”කුලමල ගරු නම්බු” පරිච්ෙඡ්දයේ සදහන් නොවේ. මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද ඇත.
දේව වංශය හකුරු කුලයක් ලෙස අපහාස කලත් එය ක්ෂත‍්‍රිය බ‍්‍රාහ්මණ (මිශ‍්‍ර* වංශයකි. විදේශීය ආක‍්‍රමණ නිසා කඳුකරයට පලා ආ දේව වංශිකයන් උඩරට සරුවට වැවී තිබුණු කිතුල් ගස් වලින් තෙලිජ්ජ, රා, පැණි සහ හකුරු සෑ¥හ. ඔවුන්ට කන්දයෝ සහ හකුරෝ යන අපහාසාත්මක නම් පටබැඳුනේ මේ නිසාය. දෙවියෙකු ලෙස සලකන ප‍්‍රාදේශීය නායකයකු වන සුමණ සමන් රජුගේ සිට හෙන‍්‍රි පේද්‍රිස් වැනි ශ්‍රේෂ්ඨයන් දේව වංශිකයෝ වෙති. හාලි ලෙසින් අපහාසාත්මක ලෙස හඳුන්වන්නේද ශාලිග‍්‍රාම බ‍්‍රාහ්මණ වංශයටය. ගොවි කුලයේම උප වංශයක් ලෙස පැවති බත්ගම වංශයට අපහාස කරන්නේ පද්දෝ කියමිනි.
ක්ෂත‍්‍රිය වංශය ලෙසින් හඳුන්වන්නේ රාජ වංශයයි. බුදුන් වහන්සේද ක්ෂත‍්‍රිය වංශිකයෙකි. උන් වහන්සේ බුද්ධිමතුන්ගේ දේශය ලෙස සඳහන් කල කුරුරටට වැඩමකොට කෞරව රාජවංශිකයන්ට ගැඹුරු දහමක් වන සතිපට්ඨාන සූත‍්‍රය දේශනා කලේ ය. කුරුරට මධ්‍යම ඉන්දියාවේ ගංගා යමුණ ගංඟා අතර පිහිටා ඇති අතර දැන් එය කුරුක්ෂේස්ත‍්‍ර දිස්ත‍්‍රික්කය ලෙසින් හඳුන්වන නවදිල්ලිය පිහිටි පලාතයි. තවමත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද කෞරව රාජවංශිකයෝ සිටිති. කෞරව රාජ වංශිකයන්ට පමණක් ඔවුන්ගේ මංගල සහ අවමංගල උත්සව වලදී මුතුකුඩ සේසත් තෝමර පන්දම් උඩුවියන් පාවාඩ වල්විදුනා පාවිච්චි කරන්නට උරුමයක් අයිතියක් ඇත.
ක්ෂත‍්‍රිය කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ බුදුන්ගේ කාලයටත් පෙර සිට බවත් බුදුන් වහන්සේ හෙලදිවට වැඩමකල අවස්ථාවක තම නෑයින් හමුවීමට කාචර ගාමයට ගිය බවත්,
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප‍්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප‍්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලයට අයත් කතෝලික මිශ‍්‍ර පරම්පරාවක් වන නාකුලූගමුව පරම්පරාව තන්ගල්ල, බෙලිඅත්ත ප‍්‍රදේශය වල ඉතා ප‍්‍රසිද්ධය. වර්තමානයේ එම පරම්පරාවේ උදවිය කොළඹ, වත්තල, රත්නපුර, පරකඩුව වැනි ප‍්‍රදේශ වල විසිර ඇත.
උප කුලයන්;
මුධලි පෙරුව
නාවිකයො
වඩූවො
හෙල බැඳි කරා
කොල බැඳි කරා
ටොක් කෙවුල්කරා
ඉදමල් කෙවුල් කරා
ගම් බැඳි කරා
හුණු කරා
දැල් කොටු කරා
සලාගම කුලය (පහතරට බ‍්‍රහ්මණ වංශය* …
සලාගම කුලය මුහුදු බඩ ප‍්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලූතරයක් කතෝලිකවෙ. මහා විජයබාහු රජ (1055-1010* එතුමාගේ ඔටුණු පැළැදවීමේ උත්සවය සඳහා උතුරු ඉන්දියාවේ සාලෙයියා ගම (ශාලිගාම* වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වි මේ විදේශ විනිමය උපයන්න ගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ සලාගම කුලය ලංදේසි යුගය වන විට බෙදී පැවතියේ මහාබ‍්‍රාහ්මණ සලාගම සහ ශින්න බ‍්‍රාහ්මණ සලාගම ලෙසිනි. ඒ අතරින් මහා බ‍්‍රාහ්මණ සලාගම සමූහය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප වර්ග 4 කි. ශින්න බ‍්‍රාහ්මණ සමාජය තුලද සුත්ත, පට්ටි, රදා, බෙරවා ගැහුත්තර ලෙසින් උප වර්ග 5කි. හින්න බ‍්‍රාහ්මණ සමාජයේ එක් කොටසක් සලාගම සේවක පක්ෂයක් ලෙසින් බෙදී සිටී. එම සේවක පක්ෂ ආරම්බභය හින්න උප කුලය ට එහි ඉතිහාසය සමඟ ගලපන කළ ඉතා පසුකාලයේ සිදුවූවකි. කුරුඳුකාර පොහොසත් බමුණන් අනෙක් බමුණු වර්ග තලා පෙලා දැමීම හේතු කොටගෙන මෙම හින්න කුලයේ රදා ගැහුත්තර සහ බෙරවා කොටස් ඇරඹුන බව සඳහන් වේ. තතු හරිහැටි නොදත් පර්යේෂකයන් හින්න උප කුලය කුලයක් ලෙසින් වර්ග කරයි.
නැතහොත් රදා කුලයට ඇතුලත් කරයි. එනමුදු හින්න යන්න උප කුලයක් බව තරයේ වටහා ගත යුත්තේය. ගොවිගම කුලය සමඟ සලාගම කුලය සසඳන විට පහල වුවත් සලාගම කුලය අනෙක් කුලයන්ට වඩා උසස් යැයි පිළිගැනීම හේතු කරගෙන හින්න ප‍්‍රජාව , මහ බ‍්‍රාහ්මණ සලාගම කුලය සමඟ සසඳන විට පහල වුවත් අනෙක් කුල වලට වඩා ඉහළ බව පිළිගැනේ. දකුණු වෙරළබඩ ගමක් ඇර ගමක් සලාගම කරාව කුල මාරුවෙන් මාරුවට වෙසෙන්නා සේ සලාගම ග‍්‍රාම තුලද මහ සලාගම සහ හින්න සලාගම වෙන වෙනම ප‍්‍රදේශ සාදාගෙන ජීවත් වෙයි. අතීත ලංකාවේ මතයන්ට අනුව වලව්වක් සාදාගැනීමට බමුණු පරපුරට අයත් විය යුත්තේය. ලංකාවේ මහ බ‍්‍රාහ්මණ සලාගම කුලයට (මහා හාලි* අයත් ඉපැරණිම වලව්ව වන්නේ බලපිටියේ බ‍්‍රාහ්මණ වත්ත වලව්ව වන අතර හින්න බ‍්‍රාහ්මණ සලාගම වංශයට අයත් ඉපැරණිම වලව්ව වන්නේ පොතුපිටියේ හින්න බ‍්‍රාහ්මණ (හින්න හාලි* මහ ගෙදර හෙවත් කංකානම් මහ වලව්වයි. ලංකාව පුරා ප‍්‍රකට මහා ධානපතියන් බිහිවූවේ බලපිටියේ මහ කප්පින ආදී වලව්, ලංකාවේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස විසුවා වූ අහුංගල්ල ආරච්චි වලව් ආදිය සලාගම එක් පවුලක් ලෙසින් උපවර්ග නොසලකා රැුකගතයුතු වන්නේය.
වැඩිදුර විස්තර සදහා කියවන්න
යඑඑචි://ප.ේජැඉදදන.ජදප/ිඑදරහ.චයච?ිඑදරහ_ෙඉසා=522032212726998*සා=100047606710994*පසඉැංඑසා=භසඳොද‘
මහ බ‍්‍රාහ්මණ (සාලි* සහ ශින්න බ‍්‍රාහ්මණ සමාජ විසින් බුදුසසුනට රටට දැයට සිදුකළ මෙහෙය පිළිබඳ බොහෝ සාදක පානදුරේ සිට ගාල්ල දක්වා සලාගම බහුතරයක් වෙසෙන ප‍්‍රදේශ වල සංචාරය කරන අයෙකුට මනාව පසක් කරගත හැක්කේය.
දේව වංශය….
විජයාගමනයට පෙර ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, දේව වංශය, රාක්ෂ යන ගෝත‍්‍ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත‍්‍රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත‍්‍රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ‍්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්‍ය නායකයාද වේ. නමුත් කාලිංග මාඝ යුගයේ සිට විපරිත ගොවිගම කුලය මූලික කොටගත් බ‍්‍රාහ්මණ වෙල්ලාල කුල ක‍්‍රමයේ ආරම්භයත් සමග ඔවුන් උස් කදු මුදුන්වල ජීවත් වීම ආරම්භ කලේ තම ”වංශපුර්නත්වය” රැුක ගනිමිනි. එනිසා ඔවුන් වංශපූර්ණ නොහොත් වහුම්පුර ලෙස හදුන්වාගත් බව බව පෙනේ.
ගොවිගම කුලයට පසුව සිංහල ජනගහනයෙන් දෙවන විශාලතම ජනතාව වන දේව ගෝත‍්‍රිකයන් කන්ද උඩරට ප‍්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටිති. පන්ඩුකාභය රජ සමයේ යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත‍්‍ර හා විජය ඇතුලූ පිරිස එක්ව සිංහල ජාතිය ලෙස එක්සත් වීමෙන් පසු දුටුගැමුණු රජරජතුමාගේ සෙන්පතිවරු සේ බොහෝ දේව ගෝත‍්‍රික නායකයන් කටයුතු කලහ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කල ලම්බ්භකර්ණ වංශිකයන්ද දේව ගෝත‍්‍රිකයන් බව ඉතිහාසයේ සදහන් වේ. වීරසුන්දර බණ්ඩාර නම් ගොවිගම පියෙක් හා කොස්බොක්කේ විමලූ නම් බත්ගම මවකගෙන් උපන් යටිනුවර පේරාදෙණිය ඒදෙඩුවාවේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය 1 නමින් උඩරට රජවීමෙන් හා ඔහුගේ පසු පරම්පරාව ඊනියා සූර්ය වංශ විවාහ සොයා කේරළ ද්‍රවිඩයන් සමග විවාහ බැදී පසු කාලිංග මාඝ යුගයේ ආරම්භ වූ ගොවිගම වෙල්ලාල මූලික හින්දු කුල ක‍්‍රමය මනාව මෙරට ස්ථාපනය විය. මෙනිසා කන්ද උඩරට මූලිකව කදු පලාත් වාසභුමි කරගත් ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර උඩරට රජුන්ට දැකුම් සතුටු පඩුරු ලෙස ඉඩම් ලබා ඉඩම් හිමියන් වූ රදල පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මහනුවර යුගයේ ඔවුන්ට අයත් කාර්යයන් විය. (මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප‍්‍රධාන උප කුල හතකට බෙදී පවතී.
බත්ගම කුලය …
ලංකාවේ අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් සහිත කුලයති. ශ‍්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ක ගෝත‍්‍රික ජනයාගෙන් පැවත එන්නන් සේ සැලකේ. අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයකි. අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කර ඇත්තේද මෙම බලත්ත කුලිකයන් විසිණි. අතීතයේ සිදුවූ මහා නිර්මානයන් සියල්ලක්ම පාහේ මොවුන් අතින් සිදුවී ඇති බව සැලකේ.එමෙන්ම පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතී.මහනුවර යුගයේදී සිදුවූ මහා කුල පෙරළියත් සමග මෙය පහත් කුලයක් බවට පත් වුවද අතීතයේදී මෙරට පාලකයන් මොවුන්ය. මහනුවර යුගයේදී පැවරුණු රාජකාරී අතර ප‍්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැුගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. මෙම කුලය වර්තමානයේ ඉඩම් හිඟය, විරැුකියාව සහ ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට පත්ව ඇත.
ලේඛන මූලාශ‍්‍ර –
අමරසේකර, දයා. 1988, ශ‍්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්*
අයිවන්, වික්ටර්. 1990, ශ‍්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම
නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඬේවිඞ් කරුණාරත්න: (පරි*
පීරිස්, රැුල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය*
සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
යාල්මාන්, නූර්. 2004, කුල ක‍්‍රමයේ නම්‍යශීලී බව: උඩරට ගමක අත්දැකීම්, නිස්සංක, රුක්මණී.
(ගුරු ගෙදර මුහුණු පොත් පිටුවෙන් කළ උපුටා ගැනීමකි.)