‘ඩිජිටල් යුගයේ‘ දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල දක්නට හැකිය. ඉතා වටිනා ඡායාරූප, වීඩියෝ සහ ලිපි දිනකට මිලියන ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. නමුත්, මියගිය පසු ඔබේ ‘අන්තර්ජාල බූදලය‘ උරුම වන්නේ කාහට ද?
යමෙකු සිය දිවි ගමන තුළ එක්රැස් කරගත් සිහිවටන මෙන්ම සිතට නැගුණු හැඟීම් වචන බවට පෙරලා සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කළ විට, එය ඔහු හෝ ඇය සතු දේපළක් බවට පත් වේ.
ඉඩම්, නිවාස, වාහන, මුදල් ඇතුළු භෞතික දේපළ අන් අයට පැවරිය හැකි වුව ද, පුද්ගලයෙකුගේ ඩිජිටල් දේපළ පවරා දීමක් හෝ අවසන් කැමති පත්‍රයකට ඇතුළත් කළ හැකි නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැත.
නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මේ සඳහා නීති සකසා ඇත. The Revised Uniform Fiduciary Access to Digital Assets Act (RUFADAA) එවැනි එක් පනතකි.
”මගේ පාසලේ යෙහෙළියක් මීට මාස හයකට කලින් මියගියා. නමුත් ඇය මිය ගිහින් දින කීපයකින් ඇයගේ ෆෙස්බුක් ගිණුමේ පින්තූර වගේම විවිධ දේ පළ වෙන්න ගත්තා. එයාගේ නමින් මේ දේවල් දාන්නේ අම්මා,” සිය අදහස් දක්වමින් ගුරුවරියක වන රන්දිමා පරණවිතාන පැවසුවාය.
”මුලින් මට මේ දේ තේරුණේ නැහැ. පසුව මම මේ ගැන සොයා බැලුවා. මියගිය පසු ෆෙස්බුක් ගිණුමට ඇතුළු වීමේ අයිතිය ඇය අසනීප වෙලා ඉන්න කාලයේ තමන්ගේ අම්මාට පවරලා.”
කෙසේවෙතත්, පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ ෆෙස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් හෝ ඊමේල් ගිණුම්වලට ඇතුළු වීමට ඥාතීන්ට හෝ වෙනත් අයට අවසර ලබා දෙන නීතියක් ද නොමැත.
දිවිය පුරාවට අන්තර්ජාලය ඔස්සේ විවිධ දේ එක්රැස් කළ ද ඔහු/ඇය මියගිය පසු ඒ සියල්ල ද මියැදෙන්නේය. කෙසේනමුත්, මියගිය පුද්ගලයාගේ හිතවත් අයට අදාළ ගිණුම්වලට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් සමහර සමාජ මාධ්‍ය ජාල ආයතන විසින් සකසනු ලැබ තිබේ.
විශේෂයෙන්ම වැඩිමහල් පුද්ගලයන්ට ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම්වල තිබෙන දත්තවලට සිදු වන්නේ කුමක් දැයි නිශ්චිත දැනුමක් නොමැති බව තොරතුරු තාක්ෂණ විශේෂඥවරියක වන දෙරණි නතාෂා දිසානායක ඕස්ටේ්‍රලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයේ දී සිදු කළ පරීක්ෂණයක දී හෙළි වී තිබේ.
”බොහෝ වැඩිහිටි පුද්ගලයන් සිතාගෙන ඉන්නවා ඔවුන්ගේ මරණයෙන් පසු මෙම දත්තවල අයිතිය අදාළ පරිගණක සහ ජංගම දුරකතන ද සමඟ ඉබේම තම දරුවන්ට හෝ උරුමකරුවන්ට ලැබෙන බව,” ඇය කියා සිටියාය.
”කෙසේනමුත්, මෙම දත්ත සංරක්ෂණය කර තිබෙන ආකාරය සහ ඒවා පරිහරණය කළ ආකාරය නිසා, ඡායාරූප, ගීත, පොත් සහ වීඩියෝ ගේම් වගේ දේවල් තවත් කෙනෙකුට උරුම කිරීම පහසු දෙයක් නොවෙයි,” ඇය පැවසුවාය.
බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිසි දැනුමක් නොමැති වීමට තවත් හේතුවක් වන්නේ සමාජ මාධ්‍ය ජාල සහ තාක්ෂණික සමාගම් මේ සම්බන්ධයෙන් එක් පිළිවෙතක් අනුගමනය නොකිරීම යැයි ද දෙරණි නතාෂා දිසානායක පැවසීය.
පවුලේ කෙනෙකුට ලබා දී තිබීමෙන් ඔහු හෝ ඇය මියගිය පසු ගිණුම යාවත්කාලීන කිරීම නීතියට පටහැණි ද?
සමාජ මාධ්‍ය ජාල ලොව පුරා අතිශය ජනප්‍රිය වීම සිදු වී තවමත් ගත වී ඇත්තේ වසර කීපයක් පමණි. නමුත් ෆෙස්බුක් සමාගම පවසන පරිදි 2100 වසර වන විට ෆෙස්බුක් ගිණුම්වලින් බිලියන හතරකට වැඩි ගණනක් අයත් වන්නේ මියගිය පුද්ගලයන්ටය.
බොහෝ දෙනෙකුට නැගෙන ප්‍රශ්න මොනවා ද?
ඩිජිටල් දේපළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනෙකු මතු කළ පොදු ප්‍රශ්න කීපයක් පහත දක්වා ඇත.
මියගිය පසු මගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම නම් කරන ලද උරුමකරුවෙකුට පරිශීලනය කළ හැකිද?
රහස් වචනය (Password) පවුලේ කෙනෙකුට ලබා දී තිබීමෙන් ඔහු හෝ ඇය මා මියගිය පසු ගිණුම යාවත්කාලීන කිරීම නීතියට පටහැණි ද?
බොහෝ කාලයක් පුරාවට මා අන්තර්ජාලයේ පළ කළ ලිපි, බ්ලොග් සහ වෙනත් ලියවිලිවලට සිදු වන්නේ කුමක්ද?
අතිශය ජනප්‍රියත්වයට පත් වුණ වීඩියෝ, බ්ලොග් සහ ඡායාරූපවලට සිදු වන්නේ කුමක් ද?
සමාජ මාධ්‍ය ජාල ආයතන මෙන්ම තාක්ෂණික සමාගම් පුද්ගලයන්ගේ ඩිජිටල් දේපළ සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රතිපත්ති හඳුන්වා දී තිබේ.
ෆේස්බුක්
යම් පුද්ගලයෙකු මිය යෑමට පෙර තමන්ගේ විශ්වාසවන්තම මිතුරෙකු හෝ ඥාතියෙකුගේ නම උරුමකරු ලෙස නම් කර තැබීමේ හැකියාව ෆෙස්බුක් සමාගම ලබා දී ඇත.
බොහෝ කාලයක් පුරාවට අන්තර්ජාලයේ පළ කළ ලිපි, බ්ලොග් සහ වෙනත් ලියවිලිවලට සිදු වන්නේ කුමක්ද?
උරුමකරුට ෆේස්බුක් ගිණුමට ඇතුළු විය හැකි වන්නේ අදාළ පුද්ගලයා මියගිය පසු පමණි.
ෆේස්බුක් ගිණුමක Security Settings පිටුවේ ඇති උපදෙස් අනුගමනය කර අදාළ ස්ථානයේ සිය මිතුරා හෝ ඥාතියාගේ නම ඇතුළත් කිරීම තුළින් ඔහු හෝ ඇයට ගිණුම හිමි පුද්ගලයාගේ මරණයෙන් පසු අදාළ ගිණුමට ඇතුළු වී එහි ඡායාරූප වෙනස් කිරීමේ සිට ගිණුම පාලනය කිරීමේ හැකියාව ද ලැබේ.
මීට අමතරව, මියගිය පසු ඔබේ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් මැකී යන ආකාරයට .ිැඑඑසබටි. සකස් කිරීමේ හැකියාව ද පවතී. නමුත් මෙය ඉතා ඉක්මණින්, පහසුවෙන් සිදු වන ක්‍රියාවලියක් නොවේ. අදාළ පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ ගිණුම ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගනී. ඒ සඳහා විවිධ පුද්ගලයන් පළ කරන ශෝක ප්‍රකාශ, පුවත් වාර්තා, මරණ සහතිකය මෙන්ම මරණ දැන්වීම් යන සියල්ල සැලකිල්ලට ගනු ලැබේ.
ගිණුම් හිමියා මියගිය පසු ඔහු හෝ ඇය නම් කළ උරුමකරු මේ ගැන ෆෙස්බුක් සමාගමට දැන්වීමෙන් පසු අදාළ ගිණුමේ ‘ආවර්ජනය කරනවා‘ (remembering) යනුවෙන් සඳහන් වේ. එම ගිණුම වෙනත් මිතුරන්ට යෝජනා කිරීම නැවැත්වීමට ද ෆෙස්බුක් සමාගම පියවර ගනී.
උරුමකරු ලෙස නම් කළ පුද්ගලයාට මියගිය අයට අයත්ව තිබූ ඡායාරූප බාගත කළ (download) හැකිය. කෙසේනමුත්, මියගිය පුද්ගලයාගේ කෙටි පණිවිඩවලට (Messenger) ඇතුළු වීමට උරුමකරුට අවසර නොලැබේ.
ඉන්ස්ටග්‍රෑම්
මියගිය පුද්ගලයෙකුගේ ගිණුමකට වෙනත් පුද්ගලයෙකුට ඇතුළු වීමට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඉඩ ලබා දෙනු නොලැබේ.
අතිශය ජනප්‍රියත්වයට පත් වුණ වීඩියෝ, බ්ලොග් සහ ඡායාරූපවලට සිදු වන්නේ කුමක් ද?
මියගිය පුද්ගලයාගේ ගිණුම ඉවත් කිරීමට ඥාතියෙකුට හෝ මිතුරෙකුට ඉන්ස්ටග්‍රෑම් මෙහෙයවන සමාගමට ඉල්ලීමක් කළ හැකිය. ඒ සඳහා අදාළ පුද්ගලයාගේ මරණ සහතිකය, උප්පැන්න සහතිකය මෙන්ම ඉල්ලීම සිදු කරන පුද්ගලයා සහ මියගිය පුද්ගලයා අතර සම්බන්ධය තහවුරු කරන ලිපි ලේඛන බාර දිය යුතුය.
මෙම තහවුරු කිරීම්වලින් පසු මියගිය පුද්ගලයාගේ ගිණුම ඉන්ස්ටග්‍රෑම් ජාලයෙන් ඉවත් කරනු ඇත.
කෙසේවෙතත්, මියගිය පුද්ගලයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අන් ගිණුම්වලින් වෙනස් නොවන අතර, ඔහු හෝ ඇය පළ කළ සියලු ඡායාරූප සහ වීඩියෝ මිතුරන්ට දැකිය හැකිය.
නමුත් එම ගිණුම පොදු ස්ථානවල (Messenger) දක්නට නොහැකිය.
මියගිය ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙකුගේ ගිණුම කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට වෙනත් පුද්ගලයෙකුට අවසර නොලැබේ.
මයික්‍රොසොෆ්ට්
මයික්‍රොසොෆ්ට් සමාගමේ දේපළ සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති අනුව සමහර දත්තවලට ඇතුළු වීමට ”උරුමකරුට” හැකියාව ලැබේ.
”බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිසි දැනුමක් නැහැ….”
ගූගල්
යම් පුද්ගලයෙකුගේ ගූගල් ගිණුම මාස දොළහක කාලයක් ක්‍රියාවිරහිතව තිබුණහොත්, සමාගමේ ‘ඩිජිටල් දේපළ‘ ප්‍රතිපත්ති යටතේ අදාළ දත්ත මකා දමනු ලැබේ.
යාහූ
මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය යාහූ සමාගමට ලබා දීමෙන් පසු ඔහු හෝ ඇයට අයත් ගිණුම් වසා දැමීමට යාහූ සමාගම ක්‍රියා කරයි.
ට්විටර්
යම් ගිණුමක් ක්‍රියාවිරහිත වී දින තිහක කාලයකට පසු සියලු දත්ත මකා දැමීමට ක්‍රියා කෙරේ. පුද්ගලයාගේ මරණ සහතිකය හෝ බලය පැවරූ ඇටෝර්නි බලපත්‍රයක් අදාළ සමාගමට බාර දීමෙන් ගිණුම ඉවත් කළ හැකිය.
”මගේ ලොකුම බය මම හදිසියේ මැරුනොත් එහෙම මේ සියලු දේ ඩිලීට් වෙලා යයි කියන එක…”
”මම දවසේ බොහෝ කාලයක් අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක්. මගේ ජීවිතයේ හැම අවස්ථාවකම පින්තූර සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල තිබෙනවා. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාගේ මතකයන් මේවගේ තිබෙනවා,” පූර්ණ කාලීන විනෝදාංශයක් ලෙස ‘ටික් ටොක්‘ වීඩියෝ ප්‍රචාරය කරන දිනේෂා වික්‍රමරත්න පැවසීය.
”මගේ ලොකුම බය මම හදිසියේ මැරුනොත් එහෙම මේ සියලු දේ මැකිලා යයි කියන එක. එහෙම වුණොත් මගේ පවුලේ අයගේ පින්තූර පවා නැති වෙනවා.”
”ඉස්සර ඇල්බම් එකක් හදලා පරම්පරා ගණනාවක් තියා ගත්ත එක ඇත්තටම සුන්දර මෙන්ම වඩාත් පෞද්ගලික දෙයක් කියලා හිතෙනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ කොයි මොහොතක හරි මේ මවලා තිබෙන ඩිජිටල් ලෝකය කඩා වැටුනොත් අපේ ජීවිතේ සියලු මතකයන් නැති වෙලා යනවා,” ඇය තවදුරටත් පැවසුවාය.