බණී මාධව බරුවා ගැන මා කොතරම් පැහැදුනේ ද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවකු ලදහොත් මේ වියතා සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට මම අදිටන් කර ගතිමි.මා සිතූ පරිදි 1944 මැයි 12 වැනිදා ශල්‍යකර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙකි.පැය ගණනක් යනතුරු ඔහුට පණ නොආවේ ය.ඔහුට පණදීම සඳහා අම්ලකර වායු නළ නාසය සම්බන්ධ කරන ලදී.
මම ඉතා දුකින් හඬමින් ,වැළපෙමින් ද සොයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල සිටියෙමි.පැය ගණනකට පසු සුරූපී නව යොවුන් වින්නඹුවක් ගේට්ටුව ළඟට දුව විත් ‘මට කවියක් කියනවා නම් හොඳ ආරංචියක් කියනවා‘යි කීවා ය.
කිසි වග විභාගයක් නැතිව මම ඇඩ්ලින් සිටි වාට්ටුවට දුවන්නට සූදානම් වූයෙමි.
‘දැන් ම යන්නට එපා.පස්සෙ මට කවියක් ලියා එවන්න.දරුවා හුස්ම ගන්නවා‘යි කී වින්නඹුව නෙතඟ ගස්වා මුවඟ සිනාවකින් සරසා යන්නට ගියා ය.
ඒ අමාරුවෙන් මෙලොව එළිය දුටු කුඩා සුනිල් මාධව ප්‍රේමතිලක ය.ජීවිතය දැන් ඉතා රසවත් ය.දරුවකු ඇති ගෙදර අඩු සම්පතක් නැත.
-මගේ ප්‍රේමය,කලාව හා ජීවිතය : මීමන ප්‍රේමතිලක-