සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු කැනඩාවට කුලී ඝාතකයින් යැවූ බවට චෝදනා

පුවත්

ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු සෞදි අරාබියේ නිල නොවන නායකයා ලෙස සැලකේ
සෞදි අරාබි හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු මරා දැමීම සඳහා කැනඩාව වෙත ඝාතකයන් කණ්ඩායමක් යැවූ බවට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඞ් බින් සල්මාන් වෙත චෝදනා එල්ල වී තිබේ.
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේදී ඝාතනයට ලක් වී කෙටි කලක් තුළ බුද්ධි අංශ නිලධාරී සාද් අල් ජබි්‍ර මරා දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව එක්සත් ජනපදයේ ගොනු කර ඇති අධිකරණ ලිපිගොනු මගින් පැවසේ.
සෞදි අරාබි ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කළ පළපුරුදු අයෙකු වූ අල් ජබි්‍ර තෙවසරකට ඉහතදී එරටින් පලා ගියේය.
එතැන් සිට ටොරොන්ටෝ නුවර පෞද්ගලික ආරක්ෂක රැකවල් යටතේ ඔහු දිවි ගෙවීය.
ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් රට තුළට ඇතුළු වීමට උත්සාහ කළ ඝාතකයන් වෙත කැනේඩියානු ආගමන නිලධාරීන්ගේ සැකය යොමු වීමත් සමග, ක්‍රියාත්මක වූ බව පැවසෙන ඝාතන කුමන්ත්‍රණය ව්‍යර්ථ වී ඇතැයි අධිකරණ වාර්තාවල දැක්වේ.
61 හැවිරිදි අල් ජබි්‍ර වසර ගණනාවක් සෞදි අරාබියේ ක්‍රියාත්මක බි්‍රතාන්‍ය ඵ16 සහ සෙසු බටහිර ඔත්තු සේවා සමග අතරමැදියෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.

2015 ලන්ඩනයේ කළ සංචාරයකදී එවක ස්වදේශ කටයුතු අමාත්‍යවරිය තෙරේසා මේ විසින් පිළිගනු ලැබූ සාද් අල් ජබි්‍ර (රවුමේ දැක්වෙන)

පැමිණිල්ලේ සඳහන් වන්නේ කුමක්ද?
ජබි්‍ර නිහඬ කිරීමේ අරමුණින් ඔහු ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි වොෂිංටන් ඩීසී හි ගොනු කරන ලද පිටු 106 කින් සමන්විත මෙතෙක් සනාථ නොවූ පැමිණිල්ල මගින් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වෙත චෝදනා කර ඇත.
තමා සන්තකයේ ඇති හානිකර තොරතුරු ඊට හේතු වී ඇති බව ජබි්‍ර පවසයි. සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ ‘ටයිගර් ස්කොඞ්‘ නමින් හැඳින්වුණු කුලී හේවායන් කණ්ඩායමක් අධීක්ෂණය කිරීම ඊට ඇතුළත් බව පැමිණිල්ලේ සඳහන් වේ.
2018 වසරේ දී ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු විරුද්ධ මතවාදී මාධ්‍යවේදී කශෝගිගේ ඝාතනයට ‘ටයිගර් ස්කොඞ්‘ හි සාමාජිකයන් සම්බන්ධ බවත් එහි දැක්වේ.

ලෝකයට ම අභිරහසක් වූ සෞදි මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම
”ආචාර්ය සාද් අල් ජබි්‍රගේ මනස සහ මතකයට වඩා, විත්තිකාර බින් සල්මාන් පිළිබඳ වඩාත් සංවේදී, නින්දා සහගත සහ හානිකර තොරතුරු තැන් කිහිපයක ඇතුළත්,” යනුවෙන් අධිකරණ ලේඛනයේ සඳහන් වේ.
”විත්තිකාර බින් සල්මාන්ට ඔහු ඝාතනය කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි. පසුගිය වසර තුනක කාලය පුරා විත්තිකාර බින් සල්මාන් මේ ඉලක්කය වෙත ළඟා වෙන්න කටයුතු කර ඇත්තේ ඒ නිසයි,”

මාධ්‍යවේදී කෂෝගි අතුරුදන් වූයේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසුවය.
2017 වසරේ දී තමන් ඉවත් කරනු ලැබීමට පෙර, කල්තියාම සෞදි අරාබියෙන් පැනගිය අල් ජබි්‍ර තුර්කිය හරහා කැනඩාවට පැමිණියේය.
තමන් සෞදි අරාබියට යළි ගෙන්වා ගැනීම සඳහා මොහොමඞ් බින් සල්මාන් දිගින් දිගටම උත්සාහ කළ බවට ඔහු චෝදනා කරයි. ඒ සඳහා තමා වෙත පෞද්ගලික පණිවිඩ එවූ බවත් ”අපි අනිවාර්යෙන් උඹ වෙත ළඟා වෙනවා” යනුවෙන් එවැනි එක් පණිවිඩයක සඳහන් වූ බවත් ජබි්‍ර පවසයි.
ඉන් පසු කශෝගි ඝාතනයෙන් සති දෙකකටත් අඩු කාලයක් තුළ තමා ඝාතනය කිරීමේ අරමුණින් ‘ටයිගර් ස්කොඞ්‘ කණ්ඩායම කැනඩාවට පැමිණ ඇති බව ජබි්‍ර කියා සිටී.
මාධ්‍යවේදී කශෝගිගේ සිරුර කැබලිවලට වෙන් කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයා හා සමාන එම අංශයේම තවත් පුද්ගලයෙකුගෙන් සමන්විත කණ්ඩායම මළ සිරුරු කැපීමට යොදා ගන්නා උපකරණ සහිත මළු දෙකක් රැගෙන පැමිණ ඇති බව අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ දැක්වේ.

කෙසේ නමුත් කැනේඩියානු ආගමන නිලධාරීන්ගේ සැකය ඔවුන් වෙත එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් පසු රට තුළට ඇතුළුවීමට අවසර දී නොමැති බවත් එහි සඳහන් වේ.

”ආචාර්ය සාද් අල් ජබි්‍ර මරා දැමීම සඳහා බින් සල්මාන් උතුරු ඇමරිකාව වෙත ඝාතකයින් කණ්ඩායමක් ඒවා තිබෙනවා” යනුවෙන් අදාළ චෝදනාව මගින් තරයේ පවසයි.
එක්සත් ජනපදයේ වධහිංසාවට ලක්වන වින්දිතයන්ට ආරක්ෂාව ලබා දීමේ පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ඝාතන උත්සාහයක යෙදී ඇති බවට ජබි්‍ර ඔටුන්න හිමි සල්මාන් කුමරුට චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස කළ ඉල්ලීමට සෞදි ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීය.
අදාළ නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි බව කී කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ පළාත් අමාත්‍ය බිල් බ්ලෙයාර්, ”විදෙස් පුද්ගලයන් කැනේඩියානුවන් සහ කැනඩාවේ වෙසෙන පුද්ගලයන් දෙස දැඩි විමසිල්ලෙන් පසුවන, ඔවුන් බියගන්වන හෝ තර්ජනය කිරීමට උත්සාහ කළ අවස්ථාවන් පිළිබඳ ආණ්ඩුව දැනුවත්” බව සඳහන් කළේය.
”එය කිසි ලෙසක පිළිගන්න බැහැ. කැනඩාවේ ජාතික ආරක්ෂාවට හෝ අපේ පුරවැසියන්ගේ සහ මෙරට ජීවත් වන්නන්ගේ ආරක්ෂාවට විදෙස් පුද්ගලයන් තර්ජනය කිරීම අප කිසි ලෙසක ඉවසන්නේ නැහැ. ඒවා හඳුනා ගන්න, විමර්ශනය කරන්න සහ එවැනි තර්ජනවලට ප්‍රතිචාර දක්වන්න අපේ ආරක්ෂක අංශ සතු හැකියාව කෙරෙහි කැනේඩියානුවන්ට විශ්වාසය තැබිය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
”කැනේඩියානුවන්ගේ සහ මේ පොලොව මත ඉන්න අන් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප සෑම විටම සුදුසු පියවර ගනීවි. එවැනි ඕනෑම තර්ජනයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත දන්වන ලෙසට අප ජනතාවට ආරාධනා කරනවා,”
ජබි්‍රගේ වැඩිමහල් පුතු පවසන පරිදී, ඔහුගේ දරුවන් ”ප්‍රාණ ඇපකරුවන්” වශයෙන් භාරයට ගෙන ඇති බව බීබීසීය මැයි මස වාර්තා කළේය.
කවුද මේ සාද් අල් ජබි්‍ර?
ඔහු වසර ගණනාවක්, 2000 දශකයේ දී අල් කයිඩා කැරලිකරුවන් පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් ගෞරවයට ලක් වූ මොහොමඞ් බින් නයෙෆ් කුමරුගේ ‘දකුණු අත‘ වශයෙන් කටයුතු කළේය. එසේම ජබි්‍ර ”ඇස් පහ” ලෙස හැඳින්වෙන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන බටහිර රටවල් සහ සෞදි අරාබිය අතර මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කළේය.
එඩින්බරා විශ්වවිද්‍යාලයේ කෘතීම බුද්ධිය (්රඑසසෙජස්ක සබඑැකකසටැබජැ) පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ජබි්‍ර කැබිනට් ඇමති ධුරයක් දක්වා උසස් කෙරුණු අතර අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මේජර් ජෙනරාල් ශ්‍රේණියක් දැරුවේය.
නමුත් 2015 වසරේදී සියල්ල වෙනස් විය. අබ්දුල්ලා රජුගේ අභාවයත් සමග ඔහුගේ අඩ සොහොයුරු (්‍ය්කf-ඉරදඑයැර) සල්මාන් වෙත ඔටුන්න ගිය අතර ඔහුගේ තරුණ, අත්දැකීම් නොමැති පුතු මොහොමඞ් බින් සල්මාන් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි.
2017 වසරේ දී මොහොමඞ් බින් සල්මාන් සිය පියාගේ ද ආශීර්වාදය ඇතිව ජීවිත හානියකින් තොරව කුමන්ත්‍රණයක් දියත් කළේය. ඔහු විසින් මීළඟට ඔටුන්නට හිමිකම් කියන මොහොමඞ් බින් නයෙෆ් බලහත්කාරයෙන් සිය භාරයට ගනු ලැබීය. ඒ සමග බින් සල්මන් ඔටුන්න හිමි කුමරු බවට පත් විය.

ධූරයෙන් ඉවත් කරන ලද මීළඟට ඔටුන්නට හිමිකම් කියූ මොහොමඞ් බින් නයෙෆ් කුමරු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ දේපල රජය භාරයට ගෙන තිබේ. මොහොමඞ් බින් නයෙෆ් වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කෙරිණි. ඒ සමග ජබි්‍ර කැනඩාව වෙත පළා ගියේය.
(බීී.බී.සී. ඇසුරෙන්.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *