වීර කැප්පෙටිපොළ පරම්පරාවේ වයස්ගතම කාන්තාව මියයයි

පුවත්

වීර කැප්පෙටිපොළ අදිකාරම්ගේ හතර (4) වැනි පරම්පරාවේ මෙතෙක් ජීවත් වූ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන (මී මිනිපිරිය), මොනරවිල කැප්පෙටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි පසුගියදා (26දා) කලුරිය කළාය.
වික්‍රමසේකර මොනරවිල රාජපක්ෂ අබේරත්න විජේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ලොකු බණ්ඩා කැප්පිටිපොළ මොනරවිල කැප්පෙටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි නම් ඇය හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ.
ඇය 1924 නොවැම්බර් මස පළමුවැනිදා (1දා) මෙලොව ජන්ම ලාභය ලැබ ඇති අතර ඒ අනුව මොනරවිල කැප්පෙටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි මියයන විට වයස අවුරුදු අනූ හයක් සම්පූර්ණ කර තිබිණි.
මාතලේ, හුළංගමුවල කහද වලවේ ඉපදී 1947 දී විවාහ දිවියට පත්ව ඇති මොනරවිල චන්ද්‍රාවතී කුමාරිහාමිගේ අත ගෙන ඇත්තේ කුරුණෑගල, ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි හේරත් විජයපාල විජේසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ පුංචිබණ්ඩාර තල්ගොඩපිටිය මහතාය. එතැන් සිට වසර හැත්තෑ එකක කාලය ගතවන තෙක්ම ඇය තල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටියාය.
ඇය දරුවන් පස් (5) දෙනකුගේ මවක වූවාය. වික්‍රමස්කාර මොනරවිල රාජපක්ෂ අබේරත්න විජේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ලොකු බණ්ඩා කැප්පිටිපොළ මොනරවිල කැප්පෙටිපොළ චන්ද්‍රාවතී කුමාරිහාමි නම් වූ ඇය වර්ෂ 1818 සිංහලේ පළමු නිදහස් සටන්නේ පුරෝගාමියා වූ උඌව වෙල්ලස්ස කැරැලේ නායක වීර කැප්පෙටිපොළ අදිකාරගේ හතර වැනි පරම්පරාවේ වයස්ගතම පුරුක ලෙසින් සමාජ බහුමානයට ලක්ව සිටි තැනැත්තියකි.
කුරුණෑගල – සුනිල් එස්. පැල්ලදෙණිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *