විප්‍රවාසයේ පිපුණු මනුස්සකම

විශේෂාංග

තම ආර්ථික අසීරැතා වලට පිලියමක් වශයෙන් සහ සිය දරැවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීමට දිනේෂා අමරසිංහ සහ සෑම් විජේරත්න නවසීලන්තය බලා ගියේ මීට වසර අටකට පෙරය.ඔවුන්ට වයස අවුරුදු 8 ,10 ක් සහ 11 වන පිරිමි දරුවන් තිදෙනෙක් වෙති. සෑම්ට නවසීලන්තයේදී සොයාගතහැකි වුයේ කුලී රියදුරු රැකියාවයි. නමුත් මීට වසර 3 කට පෙර ඇදෙන් පවා බැසිය නොහැකි තරමට දිනේෂා රෝගාතුර විය.ගැටලුව මතුවන්නේ එවිටය. සෑම්ට උපයන අදායමෙන් විශාල ප්‍රතිශතයක් දිනේෂාගේ රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වැයකරන්නට සිදුවිය. ඉතිරිවන මුදල තම එදිනෙදා වියදම් සහ දරුවන්ගේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් ප්‍රමාණවත් නොවිය.
ඔවුන්ගේ වීසා මේවන විට කල් ඉකුත් ඇති බැවින් නෛතික ගැටලුවක් මතුවුයේ එම කරදර අතරතුරේදීය. ඒ අනුව ඔවුන්ට දින 28 ක් ඇතුලත නවසීලන්තයෙන් පිටවෙන ලෙසට එරට අධිකරනය නියෝග කර ඇත. නමුත් ඔවුන් වෙනුවෙන් ක්වින්ස්ටවුමේ නගර වාසීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පාසැලේ ගුරුවරුන් සහ සමාජ සේවා සංවිධාන එකතුව මානුෂියව මෙය නැවත සලකා බලන ලෙස අභියාචනයකරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරපත් කර ඇත. කෙසේ වුවත් තවත් මාස හයක් නවසීලන්තයේ රැදී සිටීමට ඔවුන්ට හැකි නමුත් කිසිදු වෘත්තියක් කිරීමට හෝ දරුවන් පාසැල් යැවීම තහනම්ය. මීට විරෝධය පලකරමින් ක්වින්ස්ටවුන් මිනිසුන් සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී හමීෂ් වෝකර්ද පාරට බැස ඇත.
“මෙය මනුෂ්‍යත්වය පිළිබද කාරණාවකි. දිනේෂා රෝගියෙක්. ඇයට අවශ්‍ය බෙහෙත් ලංකාවේ නෑ. ඔවුනගේ දරුවෝ හැදුනේ වැඩුනේ නවසීලන්තයේ. ඔවුනට ශ්‍රි ලංකාවේ භාෂාව නුහුරුයි. මෙය දරුවන් වෘකයන් වෙත යැවුවා හා සමානයි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හමීෂ් වෝකර් පවසා ඇත.
“මම ඔවුන්ගේ නිවහන වෙත ගියෙමි. ඔවුන් දුටු සැනින් ඔවුන් පත්විසිටි අසරණභාවය තේරුම් ගැනීමට හැකිවිය. මම තීරණයක් ගත්තා. මේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් අපි පාරට බැසිය යුතුයි. හඩක් නැගිය යුතුයි. අපි පාරට බැස්සෙමු. මම අපේක්ෂා කලේ මිනිසුන් 30 ක් හෝ 40 ක ප්‍රමාණයක් අප පසුපස ඒයැයි සිතාය. නමුත් මට වැරදුනි. එය 100 ක් 200 ක් වී 300 ක් 400 ක් පසුකරනවිට අපිට හැඩුම් ආවෙමු. ශ්‍රී ලංකා පවුලක් වෙනුවෙන් නවසීලන්ත ජාතිකයෝ පාරට බැස්ස ප්‍රථම වතාවය. එමෙන්ම එකවර දුක හා සතුට අතර දෝලනය වෙමින් හඩමින් හා සිනාසෙමින් රෝද පුටුවේ සිටි දිනේෂා මා දිහා බලා සිටි ආකාරය මට කිසි දිනෙක අමතක කල නොහැකියි.” යනුවෙන් Baskets of Blessings සංවිධානයේ ටැමි ශෘෘමන් මහත්මිය පවසන ලදි.
ශ්‍රී ලාංකික පවුලක් සදහා නවසීලන්ත ජාතිකයෝ සටන් වදිති.ඔවුන් නවසීලන්ත ජාතිකයෝ පමණක්ද? නැත. පෙළපාලියේ ඉදිරියෙන්ම සිය ජාතික කොඩියද අතැතිව ඉන්දියානුවෙක්ද ඔහුට පිටුපසින් පිලිපීන ජාතික කොඩිය අතැතිව තවත් පුද්ගලයෙකුද ගමන් කරයි…
පසුව ප්‍රදේශවාසීන් එකමුතුව මොවුන් වෙත පලකල සහයෝගය වගේම ඔවුන් විසින් මෙම පවුලේ අසරණ කම වගේම පලාතේ ජීවත්වීමේදි ඔවුන්ගේ ඇති හැදියාව ඔවුන්ගෙන් පලාතේ අයට ලැබෙන සහයෝගය පලාතේ ආණ්ඩුව වෙත කරුණු සහිතව ඉදිරිපත් කිරීමේ හේතුවෙන් ඔවුනට මේ වනවිට මෙම තහනම ඉවත්කර නවසීලන්තයේ පුරවැසිභාවය ලබාදී ඇත…
කැපකිරීම් සහ මනුෂ්‍යත්වය ඇත්තේ එතැනය. පරාර්ථකාමීත්වය ඇත්තේ එතැනය. ජාති, ආගම්, කුලමල භේදයන්ගෙන් ඔබ්බට ගිය මානුෂිකත්වය පිරිච්ච සමාජයකි. අනෙකාගේ දුක වේදනාව හදුනන සමාජයකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍ය සමාජයකි…
https://www.odt.co.nz/…/sri-lankan-couple-granted…
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්…

ධම්මික සමරතුංගගේ මුහුණු පොත් පිටුවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *