ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ 1977 ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයේ සංකේතාත්මක චරිත දෙකක් වන විජමු ලොකුබණ්ඩාර සහ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු දෙසතියක් ඇතුළත මිය ගියේ කොවිඞ් 19 වසංගතයේ ගොදුරු බවට පත් වෙමිනි. ඔවුන් දෙදෙනාම අසූ විය ඉක්මවා සිටි උදවිය වූ අතර පනස් වසරකට පෙර අතීතයේදී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට එක් විය. ජේ.ආර්. එතෙක් පැවති එක්සත් ජාතික පක්ෂ ක‍්‍රමවේදයන් වෙනස් කරමින් ප‍්‍රාදේශීයව බොහෝ ජනපි‍්‍රය හා ප‍්‍රබල පුද්ගලයන් සිය පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් ලෙස පත් කරමින් පක්ෂයේ අනාගතය උදෙසා සාර්ථක අඩිතාලමක් දැම්මේය.
නෙවිල් ප‍්‍රනාන්දු පානදුර නගර මධ්‍යයේ සාර්ථක ඩිස්පැන්සරියක් පවත්වාගෙන ගිය එම ප‍්‍රදේශයේ ජනපි‍්‍රය වෛද්‍යවරයෙකු විය. ‘අත් ගුණය’ ඇති සහ ඉතා කාරුණික වෛද්‍යවරයෙකු ලෙස සලකා ඒ පළාතේ සිය ගණන් ජනයා වෛද්‍ය ප‍්‍රනාන්දුගේ ඩිස්පැන්සරිය කරා ඇදී ආහ. එවක ඔහුගේ දේශපාලන ප‍්‍රතිවාදියා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් සහ එවකට මහාමාර්ග ඇමතිවරයා වූ ලෙස්ලි ගුුණවර්ධනය. පසුව බණ්ඩාරනායක මැතිණිය විසින් ඔහුද ඇතුළත් සමසමාජ ඇමැතිවරුන් තිදෙනාගේ තනතුරු අහෝසි කරන ලදී. ඒ සඳහා බලපෑ අභ්‍යන්තර හේතුව වූයේ බණ්ඩාරනායක මැතිනියගේ ඇතැම් දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳව සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැවසූ උපහාස වදන් ඔහු විසින් ඉවත් කර නොගැනීමය. 1977 දී වැඩි ඡුන්ද 10000 කින් පමණ ලෙස්ලි පරදවා ජයග‍්‍රහණය ලැබීමට නෙවිල් ප‍්‍රනාන්දු සමත් විය. ලෙස්ලි පමණක් නොව සියලූම සමසමාජ නායකයන් ඔවුන් කලක් තිස්සේ නියෝජනය කළ අසුන්වලින් පරාජය වූ අතර යළි කිසි දිනෙක මැතිවරණ ක‍්‍රමය තුළ ඔවුන්ට පෙර තත්ත්වයට පැමිණීමට නොහැකි විය. 1987 මැතිවරණයේදී කොල්වින් ආර්. ද සිල්වා ජාතික ලැයිස්තුවෙන් මන්තී‍්‍රවරයෙකු ලෙස පත් කළත් ඔහු එහි දිව්රුම් දීමට පෙරාතුව අභාවප‍්‍රාප්ත විය.
1977 දී එක්සත් ජාතික පක්ෂ හයෙන් පහක බලයක් ලැබූ අතර එයම පක්ෂයේත් රටේත් දිගුකාලීනව ආපදාවක් බවට පත් විය. නව ව්‍යවස්ථාව යටතේ පත්වූ ජනාධිපතිවරයා ගේ අත්තනෝමතික කි‍්‍රයාකාරිත්වයට කිසිදු බලපෑමක් හෝ වාරණයක් පැනවීමට පාර්ලිමේන්තුවට නොහැකි විය. එම බලය මගින් ජේ.ආර්. ජයවර්ධන බණ්ඩාරණායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළේය. ඇන්.ඇම්. සහ කොල්වින් ඇමතිධුරවලින් නෙරපා දැමීමෙන් පසු ඔවුන් එදා මැතිනියට එරෙහිව වාචිකව ඉදිරිපත් කළ විශ්වාසය කඩවීමේ චෝදනාවක් ජේ.ආර්. මැතිනියට එරෙහිව තම අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා යොදා ගත්තේය. ආචාර්ය සරත් අමුණුගම මහතා විස්තර කරන ආකාරයට හිතුවක්කාරී ලෙස ජේ.ආර්. ජයවර්ධන විසින් බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයෙන් පහ කිරීම නිසා ජනතා විමුක්ති පෙරමුණ ඒ ඇති වූ දේශපාලන රික්තකයට ඇතුලූ විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනවාර්ගික ගැටලූව විසඳීම සඳහා අවශ්‍යව තිබූ පොදු සිංහල එකඟතාවක් ඇතිවීම වැළකී ගියේය.
සිංහල ඡුන්දදායකයන් මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසියෙන් පසුව පත්වූ අමෘතලිංගම් මහතාගේ විපක්ෂ නායක ධුරයේ සුජාතභාවය පිළිගත්තේ ද නැත. එමෙන්ම මැතිණියගේ ප‍්‍රතිරූපය නැවත වරක් ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ජේ.ආර්. සිතුවාට වඩා දිදුුලන්නට පටන් ගත්තේය. අමෘතලිංගම් මහතා විපක්ෂ නායක ධුරයට පත්වීම සටන්කාමී දෙමළ තරුණයන් දුටුවේ සිංහල ආණ්ඩු සමග දෙමළ නායකයන් සහයෝගිතා දේශපාලනයට යාමක් සහ තමන්ගේ කි‍්‍රයාකාරිත්වය පාවාදීමක් ලෙසිනි. ඒ විපක්ෂ නායක ධුරය බාර ගැනීම අමෘතලිංගම් සිය මරණ වරෙන්තුව ලියා ගැනීමක් පමණක් නොව පසුකාලීනව සිදුවූ එම පක්ෂයේ ඔහුගේ හිතවතුන්ගේ මරණයන්ටද හේතු විය.
මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරිම යන කාරණය පදනම් කරගෙන හා සිය හෘදසාක්ෂියට අනුව නෙවිල් ප‍්‍රනාන්දු බලවත් ජේ.ආර්. සමග ගැටුමකට ගියේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ නෙවිල් ප‍්‍රනාන්දුට එක්සත් ජාතික පක්ෂයෙන් පිටවීමට සිදුවීමයි. පසුකාලීනව ජේ.ආර් විසින් සූක්ෂම ලෙස මන්තී‍්‍රවරුන්ගෙන් ලබාගත් ඉල්ලා අස්වීමේ ලියුම් එම්.ඞී.එච්. ජයවර්ධන හා ගාමිණී ජයසූරිය මහත්වරුන්ට එරෙහිව පාවිච්චි කොට සූක්්ෂමව ඔවුන් මන්තී‍්‍රධුරවලින් ඉවත් කරන ලදී. ජේ.ආර්. ගේ මේ අත්තනෝමතික තීරණයට ගාමිණී දිසානායක මහතා සහ ආනන්ද තිස්ස ද අල්විස් මහතා විරුද්ධ වුවත් ඔවුන් කැබිනට් ඇැමතිවරුන් වූ නිසා නිහඬව සිටි බව මේ ගැන සඳහන් කරන සරත් අමුණුගම මහතා පවසයි.
විජමු. ලොකුබණ්ඩාර මහතා ජේ.ආර් විසින් හපුතලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස පත්කරන විට බොහෝ පැරණි පාක්ෂිකයන් ඔහුට එරෙහිව පෙත්සම් යවා තිබිණි. එම පෙත්සම් ගැන සොයා බැලීමට ජේ.ආර්. විසින් ගාමිණී දිසානයකට පවරන ලදී. ඔහු විසින් නිවැරදිව ජේ.ආර්.ට පවසා ඇත්තේ හපුතලේට එහි ‘භූමිපුත‍්‍රයෙකු’ අවශ්‍ය බවත් ඒ සඳහා විජමු තරම් සුදුස්සෙක් නොමැති බවත්ය. ඒ තීරණය හරියටම හරි ගියේය. අද පවා බදුල්ලේ සිංහල අපේක්ෂකයන් එහි සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් වූ වතුකර ජනයාගේ ඡුන්දය ගැන තැකීමක් නොකරයි.
ලොකුබණ්ඩාරගේ දේශපාලන ආගමනය, උච්චත්වයට පත් නව ලිබරල්වාදී දේශපාලන වටපිටාවක, සිංහල බෞද්ධ තමන්ගේම ක‍්‍රමවේදයක් ඔස්සේ නොනැසී අවසානයක් කරා ඔහුට බල දේශපාලනයේ යෙදී සිටීමට හැකිවීමත් නිසැකවම ප‍්‍රාතිහාර්යයකි. දියතලාවේ් ඈත ගමක උපන් ඔහු ගමේ පාසලට පළමුව ඇතුලූ විය. එහිදී ඔහුගේ දක්ෂතා දුටු පරමාදර්ශී ගුරුවරයෙකු ඔහුව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළේය. පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් දිවයිනේ පාසල් සඳහා වූ සියලූම කථිකත්වයට අදාළ ප‍්‍රමුඛ තරගවලින් ඔහු ජයග‍්‍රහණය කළේය. අනතුරුව බාහිර ශිෂ්‍යයෙකු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගත්තේය. පසුව නීති විද්‍යාලයට බැඳුනු ඔහු ඉන් පිටවූයේ සිංහල ඉංගී‍්‍රසි භාෂා ද්වයම මැනවින් දත් නීතිඥයෙකු ලෙසිනි. ඉන්පසු නීිති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බැඳුනේ සිංහල ඉංගී‍්‍රසි හා නීතිය පිළිබඳ ශූර කාර්ය මණ්ඩලයක සාමාජිකයෙක් වෙමිනි. ඉංගී‍්‍රසි නීිති කෙටුම්පත් සිංහලයට නැගීමේ විශාරදයෙකු වූ ඔහුට ඒ සඳහා උපකාර වු තවත් හේතුවක් වූයේ ‘හෙළ හවුලේ‘ කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස ලද භාෂා නිපුනතාවයයි.
ලොකුබණ්ඩාර විසින් රචිත බොහෝ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ එතුමාගේ ශාස්තී‍්‍රය හැකියාවට දෙස් දෙයි. ඔහුගේ ශාස්තී‍්‍රය සේවාවන් අතරින් විශිෂ්ඨතම සේවාව ලෙස සැලකිය හැක්කේ ඔහු රචිත ‘සීගිරි ගී සිරි’ කෘතියයි. සංස්කෘත හෝ පාළි මිශ‍්‍ර සිංහලයකට වඩා නිර්මල සිංහල භාෂා පරිනාමයක් ගැන හෙළ හවුලේ මතය ලොකුබණ්ඩාරයන්ටද බලපෑවේය. එහෙත් සුගතපාල ද සිල්වා වැනි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ, හෙළ හවුලෙන් බැහැර භාෂා විශාරදයන්ගේ දැනුම පද්ධතීන්ද සමගද ලොකුබණ්ඩාරයන්ට හොඳ සබඳතා තිබිණි. එහෙයින්ම ඔහු හෙල හවුලේ භාෂා ඥානයෙන්ද සමන්විත එහෙත් ඒ කොටු පවුරට කොටු නොවූ විද්වතෙකු බවට පත් විය.
විජමු එක්සත් ජාතික පක්ෂයට සිටි ඉතාම විචිත‍්‍ර වූ කථිකයෙකි. හොඳ කථිකයෙකු ලෙස නම් ලබන ආර්. පේ‍්‍රමදාසට වඩා විජමු හොඳ කථිකයෙකු ලෙස ආචාර්ය සරත් අමුණුගම හඳුන්වයි. භාෂාවේ ඇති අර්ථ හා ධ්වනි ගුණය විවිධත්වය හා රසෝත්පාදන ක‍්‍රමෝපායන් පාවිච්චි කරමින් ඕනෑම සභාවක් පිනවීමට තරම් එතුමා සමත් විය. 2002 මැතිවරණයෙන් පසු එළඹි පාලන සමයේ විපක්ෂ නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ ලොකුබණ්ඩාර වැනි සෑම අතින්ම දක්ෂ කථිකයෙකු කථානායක තනතුරට දැමීමෙන් ලොකු වරදක් කළ බව සරත් අමුණුගම සඳහන් කරයි. විජමු කථානායක තනතුරේ හිර කිරීමෙන් පසු කිසිදු ආකර්ෂණයක් නොමැති සාමාන්‍ය කථිකත්වයක් පවා නොමැති ඉදිරිපෙළ කථිකයින් සමග රනිල් පාර්ලිමේන්තුව තුළ අසාර්ථක ව්‍යායාමයක යෙදිනි. එහෙත් ලැබුනු අවස්ථාව තමන්ට වාසිදායක ලෙස සකසා ගත් එවකට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විජමුව උපායශීලීව තම පැත්තට දිනා ගැනීමට සමත් විය.
මෙම සංස්කාරක සටහන සඳහා පදනම් වූ මූලාශ‍්‍රය වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හා එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ ප‍්‍රමුඛ පෙළේ ඇමතිවරයෙකු වූ ආචාර්ය සරත් අමුණුගම මහතා ෂික්බා පත‍්‍රයට ලියන ලද Lokubandara: Mr Speker and Orator ලිපියයි. ආචාර්ය අමුණුගම සිය ලිපිය අවසානයේ මෙසේ ලියයි. ‘විජමු මරණයට පත් වූ ආකාරය අපව කලකිරීමට පත් කරවයි. ඔහුට එන්නත ලබාදුන්නේ නම් ඔහු මිය නොයනු ඇත. බෞද්ධ භික්ෂුවක් සහ තමන්ම වෛද්‍යවරයෙකු යයි කියා ගත් සෝමාරාම විසින් කලකට ඉහත දී බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලදී. සෝමාරාමට තනතුරු දෙමින් නාමධාරී වෛද්‍යවරයෙකු බවට පත් කරන ලද්දේ එවකට සෞඛ්‍ය ඇමතිවරියක වූ විමලා විජේවර්ධන විසිනි. අපේ කාලයේදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවාසනාවන්ත ලෙස ඇදහිලිවන්තයන් සහ සර්ප තෙල් අලෙවිකරුවන් හුවා දක්වමින් එන්නත ගෙන්වීමට උත්සුක නොවීය. උත්ප‍්‍රාසය වන්නේ මෙම ඛේදජනක අවස්ථා දෙකේදීම බණ්ඩාරනායක හා ලොකුබණ්ඩාර යුග දෙකක දී පෙනී සිටි අකි‍්‍රය දේශජවාදයක් විසින් එහි ගතික උපදේශකයන් දෙදෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇත. ’
සංස්කාරක