මෙයට වසර 105 කට පෙර අද වැනි දිනක රෝසා ලක්සේම්බර්ග් ජර්මනියේදී ප්රතිගාමී හමුදා විසින් ඝාතනය කරන විට ඇය 47 වී වියේ පසු වූ විප්ලවීය සටන්කාමී නායිකාවක් විය. ඇය සමග කාල් ලිබ්නෙක්ට් ද ඝාතනය කරනු ලැබිය. ඔව්හු දෙදෙනාම පසුව, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය බවට පත් වූ ස්පාර්ටකස් ලීගයේ නායකයෝ වුහ.
ලෙනින් සමග රෝසා ට න්‍යායික සහ දේශපාලන වෙනස් කම් පැවතිනි. රෝසා ලෙනින්ගේ ‘ජාතික ස්වං තීරණ අයිතියට විරෝධය පෑවේ එය ඒ ඒ රටවල ධනපති පංතියට දෙනු ලබන අනුග්‍රහයක් ලෙස විශ්වාස කල බැවිනි. දෙවැනිව නිර්ධන පංතික ආඥාදායකත්වය යටතේ මුලික ප්රජාතන්ත්රවාදී අයිතීන් සිමා කිරීම රෝසා ගේ දැඩි විවේචනයට ලක්විය. රෝසා පෙන්වා දුන්නේ මේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වැඩකරන ජනතාව ධනපති ක්‍රමය යටතේ දිනා ගත් අයිතීන් බවත් ඒවා සිමා කිරීම වැරදි සහගත බවත්ය.
රෝසා සහ කාල් ඝාතනය කිරීමේ ආරංචිය ලැබුණු විට ලෙනින් ඉමහත් කම්පාවට පත්විය.ලෙනින් මෙසේ ලීවේය. ”අපි රුසියානු පැරණි හොඳ උපමකතාවකින් පිළිතුරු දෙන්නෙමු. රාජාලිය සමහර විට කිකිලියකට වඩා පහලින් පියාසර කරන නමුත්, කිකිලියට කිසිදාක රාජාලිය මෙන් ඉහලට පියාසර කල නොහැකිය. රෝසා ලක්සේම්බර්ග් ඇයගේ වැරදි තිබියදීත් අපට රාජලියෙකි”, (්Hanna Arendt, Men in Dark Times, pp 54-55&’) රෝසා ගේ සියලූම කෘතීන් ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධ කරන ලෙසද ලෙනින් ඉල්ලීමක් කළේය.
රෝසා මෘත ශරීරය සොයා ගත්තේ මාස හතරකට පසුව ඇලකට විසිකොට තිබු බැවිනි. ඇය ගේ දේහය ගෞරවාන්විතව ජුනි 16 දින මිහිදන් කරනු ලැබිය.