මහා විහාර වංශික අමරපුර මහා නිකායේ පාර්ශව විසි දෙකක තොරතුරු

විශේෂාංග

මහා විහාර වංශික අමරපුර මහා නිකායේ පාර්ශව විසි දෙකක තොරතුරු
ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත ලිපි ලියනා මා වෙත ඉතාමත් ම අභියෝගයක් පැමිණුනි. ඒ අමරපුර මහානිකායේ පාර්ශ්ව 22 ට අයත් ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව ලිපියක් රචනා කිරීමයි . ඇත්තටම එය අභියෝගයකි. එයට හේතුව නම් එම පාර්ශව විසි දෙකට අයත් මහා නායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව තොරතුරු බොහෝ විට අන්තර්ජාලය තුළ වත් නොමැති වීමයි . අඩුම තරමේ අමරපුර මහා මහානිකායේ වෙබ් අඩවි තුළ පවා එම කරුණු හරි හැටි අන්තර් ගත කර නොමැත .
1.අමරපුර මහානිකායේ කල්‍යාණිවංශ පාර්ශවය – කොළඹ කලපළුවාව ගෝතම තපෝවනාරාමාධිපති කල්‍යාණිවංසකීර්ති ශ‍්‍රී වංගීස වංශාලංකාර, මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේ. ( උන්වහන්සේ ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේ ද වන්නේය.*
2. අමරපුර මහානිකායේ ම‍්‍රම්මවංසාභිධජ සිරි සද්ධම්මයුත්තික පාර්ශවය- රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ.
3. අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශ්වය ( මෑතක් වන තුරු එම පාර්ශවය අමරපුර මහානිකාය යන නමින් හදුන්වන ලදී.* හීනටියන පොත්ගුල් විහාරාධිපති , වැල්ල වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති , වැල්ලවත්ත යමුනා සදහම් ආරාමාධිපති ගෞරව ශාස්ත‍්‍රවේදී අමරපුර ගණපාමොක්ඛාචරිය අරියවංශාලංකාර මහා මහෝපාධ්‍යාය ශාස්ත‍්‍රාචාර්ය හීනටියන නන්දතිස්ස මහා නායක ස්වාමීන් වහන්සේ .
4.අමරපුර මහා නිකායේ ශ‍්‍රී අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශවය- කුරුණෑගල රම්බොඩගල්ල විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරාධිපති , ශාස්ත‍්‍රපති, විනය කීර්ති ශ‍්‍රී පර්යාප්ති විශාරද , ශ‍්‍රී සෝමානන්ද පඤ්ඤාසාර වංශාලංකාර, මහෝපාධ්‍යාය එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක ස්වාමීන් වහන්සේ .
5. අමරපුර මහානිකායේ ඌව උඩුකිඳ පාර්ශවය- ගලඋඩ ධර්මනිකේතනාධිපති , අධ්‍යාපනවේදී , මහෝපාධ්‍යාය බොකන්ඔරුවේ ජිනානන්ද මහා නායක ස්වාමීන් වහන්සේ.
6.අමරපුර මහානිකායේ සිරි සද්ධම්මවංශ පාර්ශ්වය – ගෝමරන්කඩවල රංගිරි උල්පත රාජමහා විහාරය , උප්පුවේලි ශ‍්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති සිරි සුගත සාසන වංශාලංකාර , සිරි සද්ධම්මවංසපාල ගණාචරිය, මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නායක ස්වාමීන් වහන්සේ .
7.අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වය- බලංගොඩ ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති, රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත‍්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ.
8.අමරපුර මහානිකායේ ශ්වේජින් පාර්ශවය- කදුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති , විනයාචාර්ය , කම්මට්ඨානාචාර්ය ශාසන සෝභන සිරි සුමතිපාල වංසාභිධජ ඉඟුරුවත්තේ පියනන්ද මහනායක ස්වාමීන් වහන්සේ .
9.අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශ්වය – විදුරුපොල ශ‍්‍රී සුමංගලාරාම විහාරය හා ගරම්මාන ශ‍්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ‍්‍රී ශාසනවංශාලංකාර සද්ධම්මභාණක, ප‍්‍රවචන කීර්ති ශ‍්‍රී ධර්ම ශාස්ත‍්‍රසූරී , ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය නුවරඑළියේ චන්ද්‍රජෝති මහා නායක ස්වාමීන් වහන්සේ
10.අමරපුර මහානිකායේ සම්බුද්ධශාසනෝදය සංඝසභාව- වස්කඩුව ශ‍්‍රී සුභූති විහාරය, කොළඹ කොටහේන දීපදුත්තාරාමය , තායි රජමහා විහාරය යන විහාරයන්හි විහාරාධිපති ධුරන්දර ශාස්ත‍්‍රපති මහෝපාධ්‍යාය වස්කඩුවේ මහින්දවංස මහා නායක ස්වාමීන් වහන්සේ
11.අමරපුර මහා නිකායේ වජිරවංස පාර්ශ්වය- ඕපනායක සිරි විජයාරාමය හා පෑලියගොඩ ශ‍්‍රී නිග්‍රෝධාරාම විහාරයන්හි විහාරාධිපති , විනය කීර්ති ශ‍්‍රී වජිරඤාණ වංශාලංකාර ශාස්ත‍්‍රවේදී නෙල්ලිවල විමලජෝති මහා නායක ස්වාමීන් වහන්සේ.
12.අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වය – පුලිහේන්ගොඩ ශ‍්‍රී ගංගාරාම පුරාණ විහාරය, ගිනිහිරිය ශ‍්‍රී සිද්ධාර්යෝදය පිරිවෙන් විහාරය යන විහාරයන්හි විහාරාධිපති , සද්ධර්ම භාරතීචන්ද්‍ර චන්ද්‍රකීර්ති ශ‍්‍රී ධීරානන්ද, සාහිත්‍ය කලා විශාරද කරන්ගොඩ ශ‍්‍රී සේනානන්දාභිධාන වැඩ බලන මහ නායක ස්වාමීන් වහන්සේ.
13.අමරපුර මහා නිකායේ ධර්මරක්ෂිත පාර්ශ්වය- බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ධර්ම රක්ෂිත වංශාලංකාර , උපාධ්‍යාය, ශාස්ත‍්‍රපති, ශ‍්‍රී ප‍්‍රඥාසිංහ ධර්මකීර්ති ශ‍්‍රී තිරිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ .
14.අමරපුර මහා නිකායේ උඩරට අමරපුර සාමග‍්‍රී සංඝ සභාව- ශාසන සෝභන ශ‍්‍රී ප‍්‍රඥාසාර ත‍්‍රිපිටකාචාර්ය මහෝපාධ්‍යාය ගිරාඹේ මංගල මහා නායක ස්වාමීන් වහන්සේ.
15.අමරපුර මහානිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවය- රාජකීය පණ්ඩිත මහා මහෝපාධ්‍ය මඩලගම වජිරබුද්ධි මහ නායක ස්වාමීන් වහන්සේ .
16.අමරපුර මහා නිකායේ ඌව අමරපුර පාර්ශ්වය- සිරි සුදත්ත වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ‍්‍රී මහෝපාධ්‍ය බෝපිටියේ සුමනවංස මහනායක ස්වාමීන් වහන්සේ .
17. අමරපුර මහා නිකායේ දඩළු පරම්පරායන්ත සිරි සුමන පාර්ශවය – පන්නිපිටිය දෙව්රම් මහා විහාරාධිපති , ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ.
18.අමරපුර මහා නිකායේ සද්ධම්මයුක්තික මාතර පාර්ශවය- කොළඹ වනාතමුල්ල විවේකාරාමය, හාතාගල විවේකාරාමය යන විහාරාධිපති , මහෝපාධ්‍යාය නාකුළුගමුව පේමතිලක මහා නායක ස්වාමීන් වහන්සේ.
19.අමරපුර මහානිකායේ චූලගණ්ඨි පාර්ශ්වය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සාහිත්‍ය සූරී, අග්ගමහාපණ්ඩිත ගන්තුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ.
20.අමරපුර මහා නිකායේ අමරපුර මූලවංශික පාර්ශවය – රාජකීය පණ්ඩිත , අතිපූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්මතිස්සාභිධාන මහානායක ස්වාමින් වහන්සේ
21.අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වය- පානදුර රන්කොත් පුරාණ විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන මහා නායක ස්වාමීන් වහන්සේ .
22.අමරපුර මහා නිකායේ කළ්‍යාණවංශික ශ‍්‍රී ධර්මාරාම සද්ධම්මයුක්තික පාර්ශවය- ශ‍්‍රී සුමංගල සුමනජෝති වංශාවතංස විමලකීර්ති ශ‍්‍රී පූජ්‍ය මාගල්ලේ නාගිත මහානායක ස්වාමීන් වහන්සේ .
නිමින්ද චතුරංග
(සිය ෆේස් බුක් පිටුවට සැපයූ ලිපියකි*

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *