මහා කරුණාවේ පණිවිඩය
වෙසක් සඳ බැස ගොස් පොසොන් සඳ මෝදු වන සමයක මේ ලියවිල්ල ඔබට කියවන්නට ලැබෙනු ඇත. අති බහුුතරය බෞද්ධයන් වූ රටකින් පැමිණි ප‍්‍රජාවකට මේ සිදුවීම් දෙක කිසිසේත් අමතක කළ නොහැකිය. මක් නිසාද යත් ඒ සිදුවීම් දෙක වනාහි අනාදිමත් කාලයක් තිස්සේ අපගේ සිතුම් පැතුම් සමුදාය සකස් කළ හා අපගේ සංස්කෘතිය නිර්මාණය කළ ප‍්‍රධාන සංරචකයන් :ක්‍දපචදබැබඑි* වූ බැවිනි.
බුදුන් පිරිනිවීමත් සමග උන්වහන්සේ බිහි කළ දර්ශනය උල්ලංඝනය කිරීමේ කතා පුවත් අපට බෞද්ධ සාහිත්‍යයෙන් හමුවේ. එවැනි විකෘති කිරීම් බුදු දහමට පමණක් නොව ඕනෑම ආගමික දර්ශනයකට ඕනෑම දේශපාලන දර්ශනයකට විය හැකි වී ඇති ඒවාය. බුදුන් ජිවමාන සමයේ ම උන්වහන්සේගේ සමීප ඥාතියෙක් වන දේවදත්ත වෙනම ම කණ්ඩායමක්ව කටයුතු කළේය. අජාසත්ත රජු පොළඹවා ගත් ඔහු ‘‘ඔබ පියරජු මරා රජවෙන්න. මම බුදුන් මරා බුදු වෙමි’’ ආදී වශයෙන් සපථ කර ගත් බවත් එයින් අජාසත්ත පියා මරා රජ වී පීතෘ ඝාතක පාපයට ගොදුරු වූ බවත් බෞද්ධ සාහිත්‍යයේ ඒ. එහෙත් දේවදත්ත සපථ කළ ලෙසින් ඒ කටයුත්ත කරන්නට ගියත් එය අසාර්ථක වී අපායගාමී විය. ඒ බුදුන් ධරමාන සමයේ වූ දේවල්ය.
චතුරාර්ය සත්‍යය පදනම් කරගත් උන්වහන්සේ ධර්මය ප‍්‍රාඥයනට මෙන්ම සාමාන්‍ය මිනිසාටත් වටහා ගත හැකි ඒ ඕනෑම කෙනෙතුට සරණ ගිය හැකි සරල දහමකි. එය මේ සා කාලයක් පැවතීමේ රහස ද එයම ය. බුදුන් පිරිනිවීමෙන් පසුව බුදුන් වදාළ දහම රැුක ගැනීමේ අරමුණින් හා එකිනෙකා තම තමන්ගේ නැණ පමණින් හා තම ස්වාර්ථ අරමුණු සඳහාත් එයට නිරුක්ති දීම වැළැක්වීමේ අරමුණිනුත් ධර්ම සංගායනාවන් පැවැත්වී ය. එසේ තිබිය දී පවා අලජ්ජි වජ්ජි භික්ෂූන් වශයෙන් පළමු නිකාය භේදය පවා ඇති වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වැඩි කාලයක් යන්නට පෙර ය.
එහෙත් බුදු දහමේ මූලික හරය නොනසාම ලෝකයේ විවිධ දිසාවන්ට පැතිරී ගිය බුදු දහම විවිධ හැඩරුව ගත්තේය. විශේෂයෙන් ඒ පැතිරී ගිය කලාපයන්හි දේශගුණික හා වෙනත් සමාජයීය සාධක සපුරා එකිනෙකට වෙනස් ය. උදාහරණයක් දක්වතොත් කඳුකර රාජ්‍යයක් වන, ලෝකයේ පියස්ස ලෙස හැඳින්වෙන තිබ්බතයට ගිය බුදු දහම වජ‍්‍රයානය ලෙස වෙනම හැඩරුවක් ගෙන එය අද ලෝකයේ බලවත් අවධානයට ලක්ව තිබේ. එය එවැනි දේශගුණික පරිසරයක් සහිත කඳුකර රාජ්‍යයක් වන භූතානයට ලදක් වැනි රාජ්‍යයන් කරා ද ව්‍යාප්ත විය. තොරතුරුවලට අනුව ටිබටයේ තරම් එදිනෙදා ජීවිතයේ ජනයාගේ අධ්‍යාත්මික ජීවිතයට පමණක් නොව භෞතික ජීවිතයට පවා ප‍්‍රයෝජනවත් වන ආකාරයට බුදු දහම උපයෝගී කරගන්නා අන් රටක් නැත. උදාහරණයක් වශයෙන් දැඩි සීතලෙන් පීඩා විඳින කඳුකර රාජ්‍යයක් වන එහි ජනයා සිය භෞතික ශරීරය උණුසුම් කර ගැනීමට පවා ආපෝ තේජෝ වායෝ යන ගුණාංගවලින් තේජෝ ගුණය වඩාලීමට භාවනාව උපයෝගී කර ගනී.
බුදුදහම ටිබටයට යාමට පෙර එහි ප‍්‍රධාන ආගම බවට පත්ව තිබුණේ බොන් ආගමයි. ඒ භූමිය තුළ පවත්නා දුෂ්කර පරිසර සාධක අභිබවා යන්නට හැකි ලෙස සකස් වු දහමකි බොන් ආගම. බුදු දහම ටිබටයට පැමිණ එහි තහවුරු වූයේ බොන් ආගම අතුරුදහන් කරමින් හෝ පසමිතුරු ස්වභාවයකින් නොව ඒ ආගම සමග මිශ‍්‍ර වෙමිනි. බෞද්ධ ලෝකයේ අතිෂය බුහුමනට ලක්වන මිලරෝපා තුමන් වැනි ශ්‍රේෂ්ඨයන් වත්මන් දලයි ලාමා තුමන් වැනි අද ලෝකයේ ප‍්‍රමුඛම සාම කි‍්‍රයාකාරිකයෙක් බිහිවන්නේ එසේ බිහිවූ ටිබෙට් බුදුදහම තුළිනි. මෑතකදී අපවත් වූ ලාමා සෝපා රිම්පෝෂේ ඒ බුදු දහමේ අග‍්‍ර ඵලයන් අතර කිහිපදෙනෙකි.
එමෙන්ම ජපානය, වියට්නාමය වැනි රටවලට ව්‍යාප්ත ව ඉතා උසස් තත්ත්වයක් ලබා ගත් පාර්ශ්වයක් සෙන් බුදු දහම ලෙස හැඳින්වේ. ලෝකයේ බුදු දහම ව්‍යාප්ත කිරීමේ දී ති‍්‍රවි නාත් හං වැනි භික්ෂූන් වහන්සේ නමක් කළ සේවාව අතිමහත්ය. උන්වහන්සේ, දලයි ලාමා තුමන්, ඛ්ප් ’දච් ඍසපචදජයැ වැනි ආගමික නායකයන් බුදුන් වහන්සේගේ ධර්මයේ සාරය බලවත් ලෙස සමාජයට හඳුන්වා දෙමින් මිනිසා මිනිසාට කරුණාව දක්වමින් අනෙකාව ඉවසමින් කටයුතු කරන ආකාරය කියාදෙමින් ලෝකයේ සාමය පිළිබඳ බලවත් මැදිහත්වීමක් කර ඇත.
ථෙරවාද බුදු දහම පැතිරී ඇති රටවල් අතර එක් රටකි ශී‍්‍ර ලංකාව. තායිලන්තය, කාම්බෝජය ලා ඕසය හා බුරුමය ප‍්‍රධාන වශයෙන් ථේරවාදය බහුලව පැතිරුණු තවත් රටවල්ය. මේ හැම රටක්ම පාහේත් ඒ රටේ ආගමික ජීවිතයට පමණක් නොව කලා ශිල්පවලට සංස්කෘතියට කර ඇති මෙහෙවර සුලූපටු නොවේ.
යාත‍්‍රා කියවන බෞද්ධ පාඨක ප‍්‍රජාව වඩා උනන්දු වන්නේ ලංකාවේ බුදුදහම පිළිබඳවය. ලෝකයේ බොහෝ රටවල සිදුවන දහමේ විකෘති කිරීම්ව්ලට වඩා බහුල ලෙස විකෘති කිරීම් සිදුවන්නේ ලංකාවේ බුදුදහම විෂයෙහිය. ඒ සඳහා ඉඩකඩ සකස් වී ඇත්තේ එක් අතකින් දේශපාලන යාන්ත‍්‍රණය දහම කෙරේ කෙරෙන අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසාය. අනෙක් අතට නිකායන්ගේ ප‍්‍රධානීන් තම පාර්ශ්ව භික්ෂූන් කරන බරපතළ වැරදි නිවැරදි කිරීමට කුමක් හෝ හේතු නිසා මැලිවීමය. බුදුදහමේ විකෘති කිරීම් විශාල ප‍්‍රමාණයක් අතර ප‍්‍රමුඛම කාරණය බුදුන් ලංකාවේ ඉපදීම යන නිරුක්තිය ගත හැකිය. ඒ නිරුක්තිය ඉතිහාස විරෝධී වන්නාසේම ධර්ම විරෝධී ද වෙයි. මේ පිළිබඳව චිවරණයක් කරන කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල මේ ව්‍යාපෘතියේ අනතුර ගැන මෙසේ ලියා තිබේ.
‘‘මේ අය පැහැදිලිව බෞද්ධයන්ගේ උරුමයක් වෙච්ච බුද්ධ ගයාව සහ ඉන්දීය සහ නේපාල බෞද්ධ උරුමයන් හින්දුන්ට පාවා දීමටත් මතු දවසේ ඒවා විනාශ කිරීමටත් මතය නිර්මාණය කරනවා.
බංග්ලාදේශය වියට්නාමය තායිලන්තය වගේ හැම රටකම මේ වැඬේ සැලසුම් සහගතව වෙනවා. ’’
ශී‍්‍ර ලංකාව යන දේශයේ ආධ්‍යාත්මය නිර්මාණය කිරීමේ දී බුදු දහම සිදුකොට ඇති කාර්යභාරය කිසිවෙකුට නොතකා හැරිය නොහැකි දෙයක්. එහෙත් එය පය බරවායක් ද නොවිය යුතුයි. භික්ෂුව නිශ්චිතව දේශපාලනයට පැමිණි 1956 සිටම ගැඹුරු ලෙස බුදුදහමේ සාරය සමග සමාජයට තිබූ බැඳීම සෙලවීමට පටන් ගත්තා. තවදුරටත් එය වර්ධනය වූයේ යුද්ධයක් එක්ක. බුදුවරුන්, රහත් හාමුදුරුවන් ලෙස තමන් ම හඳුන්වා ගන්නා භික්ෂූන් නටන නාඩගම් නිරන්තරව අපට දකින්නට පුළුවනි. මේ සඳහා වන විශාල අනුග‍්‍රාහක පිරිසක්ද නිර්මාණය කර ගැනීමට හැකි වී ඇත්තේ අසරණ බෞද්ධයාගේ ජීවිතය හා පරලොවට ඇති බිය පදනම් කරගෙනයි.
බුදුන් වහන්සේ වෙත සැපැත් වූවෝ විිසින් තමා විඳවන ගැටලූ උන් වහන්සේ හමුවේ කියා පෑහ. ඒවාට උන්වහන්සේ දුන් විසඳුම ආසි‍්‍රත විවරණයන් ධර්මයේ එක් කොටසකි. ඒවා පවතින්නේ තමාම සතතාභ්‍යාසයෙන් සොයාගත් දෙය ඇසුරෙන් පස්වග තවුසන්ට දෙසූ ධම්ම චක්කපවත්නා සූත‍්‍රය වැනි දේශනාවන්ට අමතරවය.
බුදුන් වහන්සේගේ කියා දුන් මඟ ඔස්සේ යමින් තමා අත්විඳි විමුක්තිය ගැන අව් අතු වියන්නෙකුට බිරිඳ වූ සුමංගල මාතාවෝ මෙසේ පවසා ඇත.
‘‘මනා ලෙස මිදුනෙමිය.
කෙතරම් නම් මිදුනෙම් ද?
මුළු තැන් ගෙයි කොඳු කැඩුමින්
මුළුමනින්ම මිදුනෙමිය.
හැළි වළඳින් වැකි
දැලි කුණු කසළින්
රුදුරු ගුණැති වූ සැමියාගෙන්
ඔහු වියනා ඒ අව් අත්තෙන්
රාග ද්වේෂ සැම
දුරු කරලූවෙමි.
සිහිලැල් සෙවණැලි
දෙන අතු පතරැුතිි
රුප්පාවක හිඳ බවුන් වඩමිය.
අහෝ සුවයි මා ලත් මේ සැනසුමෟ,
මේ ආකාරයට විකෘතීන්ට භාජනය නොවූ මුල් බුදු සමය වඩාත් ගැඹුරුතර අර්ථයකින් පීඩිතයාගේ සුසුම් ලෑමක් ද හදවතක් නැති ලොවක හදවත ද විය. එය සැබෑ ජීවිතයේ දී සමාන භාවයෙන් ද ධර්මයෙන් රුදුරු ලෙස වියෝ කොට තැබුණු ජනතාව අතර සමානතාවය හා ධර්මය පිළිබඳව හැඟීමක් ජනිත කළේය.
1996 දී ඵ්බම්ක දෙ ෂබාස් ඊමාායසිප නම් ග‍්‍රන්ථය පළ කළ ජේ.එච්.සී. කර්න් නම් පඬිවරයා මෙසේ කියා ඇත.
‘‘තමා සම්බුද්ධවයට පත් අසුන අරා වැඩ සිටි බුදුහු තමාගේ අභ්‍යන්තරයෙන් විධියෝග දෙකක් විකාසනය කළහ. උන්වහන්සේ ඒවා සකල සත්වයා වෙත අනාවරණය කළහ. එතැන් පටන් ඒවා උන් වහන්සේගේ ඉගැන්වීමෙහි මූලික සත්‍යයක් ලෙස නිරූපණය කෙරෙයි. මේ විධියෝග නම් ආර්ය සත්‍ය සතර සහ දොළාස් වැදෑරුම් පටිච්ච සමුප්පාදයයි.’’
(උපුටා ගැනීම් : මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ බුද්ධ චරිතය කෘතියෙනි.*
මේ සා කාරණා දිග හැරීමකින් පසු අපි බුදු දහමේ අභිවෘද්ධිය සැබෑවට පතන වියතුන් අමතමු. බුදුන් වහන්සේගේ කාලයාගේ ඇවෑමෙන් විකෘති නොවූ සද්ධර්මය ඇති මුල් බුදු සමය සරලව අප බෞද්ධයන් වෙත කියා ලියා දෙන ලෙසයි ඒ.
සුබ වෙසක් හා පොසොන් මංගල්‍යයක් වේවා.
සංස්කාරක.