මහත්මා දේශපාලනයක රුව ගුණ

දේශපාලන

අතීත කාමය මත පිහිටා වර්තමානය හෝ අනාගතය නිශ්චය කළයුතු නැතත් ඇතැම් සිද්ධීන් සසඳා බැලීමෙන් වර්තමානයේ පවත්නා දේශපාලන පරිහානියේ තරම තේරුම් ගන්න පුළුවන් .මේ සිද්ධිය වුණේ පනහ දශකයේ සර් ජෝන් කොතලාවල අගමැති කාලෙ .එතකොට විපක්ෂනායක ඇස්.ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක . මේ අතීත සිද්ධිය මතකයේ කොනක තිබුණත් එම මතකය යළි අවධි කළේ කාලයක්බණ්ඩාරනායක මහත්තයාගෙ සෙවනැල්ල වගේහිටපු දකුණේ ජේෂ්ඨතම දේශපාලකයකු වූ හෙන්රි අබේවික්‍රම සූරීන් ලියපු බණ්ඩාරනායක පරිවර්තන යුගය පොත කියවීමෙදියි.
කොතලාවල කියන්නෙ සෙල්ලං නිරිඳෙක්. මිනිහ සෙල්ලක්කාරය බව ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධයි. පරිණත දේශපාලකයකුත් නෙමෙයි. මේ කාලෙත් උග්‍ර ඉන්දු ලංකා ප්‍රශ්නයක් තිවුණා. කොතලාවල නේරු ගිවිසුම අත්සන් කළෙත් ඔය කාලෙ. ඒ ගිවිසුමේ තවත් මොනවද කරුණු කාරණා වගයකට අගමැති කොතලාවලට ඉන්දියාවට යන්න සිද්ධ වණා .මෙහෙන් ගිය නියෝජිත පිරිසට විපක්ෂනායක බණ්ඩාරනායකවත් ඇතුළත් කරගැනීමයි වි⁣ශේෂත්වය. ඩඩ්ලිත් ඒපිරිසට අයත් වුණා . ඩඩ්ලි කොතලාවල දෙන්නත් යටින් නයි වෛරයි. නමුත් බරපතළ ජාතික ප්‍රශ්නයක් හමුවේ ඔවුන් එකාවන්ව නැගී හිටිය .කොතලාවල යි බණ්ඩාරනායක යි අතින් පයිනුත් ගහගන්ඩ ගිහින් තියෙනව
දැන් නමි මොන ජාතික ප්‍රශ්නය හමුවේවත් එකමුතු වෙතැයි හිතන්න වත් බෑ .කොවිඩ් හමුවේ හැසිරෙන හැටි පෙනවනෙ.
එකිනෙකා නියෝගන්නව හැරෙන්න කිසිදු පලදායි මැදිහත් වීමක් නෑ. තමන්ගෙ පක්⁣ෂෙ එවුන් වත් ලඟට ගන්නෙ හොඳට පරීක්ෂා කරල.

උපාලි කොළඹගේ මුහුණු පොතේ තැබූ සටහනකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *