ලෝක පුරවැසි සමාජයට නව මානයක් ලැබීමට සමාජ ජාලා අන්තර්ජාල අඩවි බිහිවීම ද හේතුකාරක විය. විශේෂයෙන් ෆේස් බුක් හෙවත් මුහුණු පොත පොදුජන විෂයයක් විදියට බෙහෙවින් ආකර්ෂණීය මෙවලමක් බවට පත් විය. ටියුනීසියාවෙන් පටන්ගෙන ඊජිප්තුව ලිබියාව ආදී රටවල් හරහා හඹා ගිය අරාබි වසන්තය පොදු අරමුණක් සඳහා මහජන ඒකරාශී කිරීම සඳහා සන්නිවේදන මාධ්‍ය ලෙස ක‍්‍රියා කළේ ෆෙස්බුක් හා ට්විටර් මාධ්‍ය ජාලයන් ය. ඒකාධිපතිත්වයට විරුද්ධ ව ගොඩනැගුණු මහජන බලවේගය ආරම්භ වූයේ මේ සමාජ මාධ්‍ය ජාල හරහා ය. දේශපාලන ඒකාධිකාරීත්වයන් පමණක් නොව ව්‍යාපාරික ඒකාධිකාරයන් පවා බිඳ වැට්ටටීම්වලට මෙම මහජන අවකාශය ප‍්‍රයෝජනවත් විය. ලංකාවේ ද පොලිස් අත්තනෝමතිකත්වයන්ට එරෙහි සිද්ධි ගණනාවක් මෙම මාධ්‍යයන් ඔස්සේ සමාජගත වීම හරහා ඇතිවූ මහජන විරෝධය බොහෝ ප‍්‍රතිඵල දායක විය. රත්නපුර දිසාවේ බීමත් නියෝජ්‍ය පොලිස්පති මැරයෙකු තරුණයකුට කළ වධහිංසාව වින්දිතයාට යුක්තිය ඉෂ්ඨ වන ලෙස කරුණු සිද්ධ වූයේ ෆෙස්බුක් මගින් එය ප‍්‍රසිද්ධ වූ නිසාය.
මෙවැනි සමාජ මාධ්‍ය ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව මහජන බල ගැන්වීමේ ක‍්‍රියාවලිය පුවත්පත්වලට හා දේශපාලන පක්ෂ වලට පමණක් සීමා විය. විද්්‍යුත් මාධ්‍ය, විශේෂයෙන් ගුවන්විදුලිය හා රූපවාහිනිය පළමුව රජයේත් දෙවනුව ප‍්‍රධාන ව්‍යාපාරික සමාගම් අතත් හිමිකම් තිබීම හේතුවෙන් මහජන හඬ නිරූපණය වූයේ පළමු කොට ආණ්ඩුවේ හා ආයතන හිමියන්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙන ආකාරයටය. කිසිදු පුද්ගලික ගුවන් විදුලියක් නොතිබුණු 1980ට පෙර යුගයේ නිර්ලජ්ජිත රාජ්‍ය ඒකාධිකාරයක් එහි ක‍්‍රියාත්මක විය. රතුපාට හැඟවෙන ගීතයක්වත් වාදනය නොකළ හැකි යුගයක් තිබුණි. විජය කුමාරතුංගයන්ගේ නම තිබෙන නිසා ඇතැම් චිත‍්‍රපට දැන්වීම් රජයේ ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කළ නොහැකි විය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉල්ලා සැකසුණු පෙත්සමකට අත්සන් තැබීම නිසා අමරදේවයන්ගේ ගීත පවා ගුවන්විදුලියෙන් වාරණය කෙරුණි. ගීත වල අන්තර්ගතය නොව ගායකයාගේ දේශපාලන සමාජ හැසිරීම වුවද ආණ්ඩුවට පක්ෂපාතී නොවේ නම් ගීත වාරණය කෙරුණි. නන්දා මාලනි ගුණදාස කපුගේ වැන්නෝ මෙවැනි වාරණයන්ට නිතර නිතර ලක් වූ බව වැඩිහිටි බොහෝ දෙනා දනිති. ප`වීණ කලාකරු සුගතපාල ද සිල්වා එලෙස වාරණයට ලක් වූවා පමණක් නොව රැුකියාවෙන් පවා දොට්ට වැටුණි. රූපවාහිනිය ද ලංකාවේ ආරම්භ වූයේ ඒ අප‍්‍රසන්න උරුමය ද කැටිව ය. අදටත් රාජ්‍ය මාධ්‍යවලට ස්වකීය අනන්‍යතාවක් සහිතව වඩාත් ඵලදායි සහ වගකීම් සහගත මාධ්‍යයක් බවට පත්විමට නොහැක්කේ අතීත උරුමය වෙනස් කිරීමට සමත් ආණ්ඩුකරණයක් රටේ නොමැති නිසාය.
විශේෂයෙන් 70 හා 80 දශක වල මේ අධිකාරිවාදී මාධ්‍ය සංචිතය නිසා සමාජයේ සිදුවන ඇත්ත ඇති සැටියෙන් බැලීමට හැකි වූයේ එකල පළ වූ ඇත්ත, ජන දින වැනි පුවත්පත් මගිනි. විශේෂයෙන් ඇත්ත පුවත්පත බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, එච්. ජී. එස්. රත්නවීර, සුරත් අම්බලන්ගොඩ වැනි පඬිවරු විකල්ප අදහස් සමාජගත කළේ සිංහල භාෂාව ද මනාව පරිහරණය කරමිනි. එකල ප‍්‍රචලිත මතයක් වූයේ දේශපාලනය කුමක් වුවද යමක් මැනවින් ලියන්නේ කෙසේ දැයි දැන ගැනීමට ඇත්ත පුවත් පතේ කතුවැකිය කියවන්න කියාය.
ඒ උරුමය අදාළ යුගයට අනුරූපව වෙනස් කරගනිමින් රාවය, යුක්තිය, හිරු ආදී පුවත්පත් බිහිවිය. ඒවා විශාල වශයෙන් විකල්ප මත සමාජගත කෙරිණි. සැබැවින්ම 1994 මහා පෙරළියට මෙකී පුවත්පත් දරන ලද දායකත්වය අති විශාලය.
පුවත්පත අභිබවා අන්තර්ජාලය පැමිණ එය ජන ජීවිතයේ තොරතුරු දැන ගැනීමේ මහජන අභිලාෂයන් සෑහෙන කොටසක් සිය ග‍්‍රහණයට ගැනීමට සමත් විය. එය ලෝක පරිමාණ ප‍්‍රවණතාවයකි. ලෝ ප‍්‍රකට එමෙන්ම දීර්ඝ ඉතිහාසයක් සහිත නිව්ස්වීක් වැනි සඟරා පවා වැසී ගියේ අන්තර්ජාල ප‍්‍රවණතාවයේ අනුහස ට යටත්වය.
අද ලංකාවේ ෆේස්බුක් වනාහි මහජන බලගැන්වීමේ ප‍්‍රධාන ප‍්‍රවණතාව වී තිබේ. ඇතැම් උගතුන් මේ දෙස නිශේධනීය අදහස් පල කලත් හඬක් නොමැති ජනයාට හඬක් වීමට ෆේස්බුක් ප‍්‍රධාන අනෙකුත් සමාජ මාධ්‍යන්ට හැකියාව ලැබී තිබේ. එය දේශපාලනික සමාජ හා සංස්කෘතිය යන ක්ෂේත‍්‍ර ගණනාවක් වෙත පැතිරුණු තත්ත්වයකි. යම් නිර්මාණාත්මක අදහසක් පළ කිරීමට පුවත්පතක ගුවන් විදුලියක හෝ ප‍්‍රධාන ධාරාවේ රූපවාහිනි ජාලයක අවස්ථාව නොලද තමන්ගේම වූ සමාජ මාධ්‍යයක වාරණයට ලක් නොකොට සමාජගත කළ හැකිය. අද ගම්බද නගරබද හෝ වරප‍්‍රසාදිත හෝ අවවරප‍්‍රසාදිත ආදි වශයෙන් වෙනසක් නොමැතිව තම හ`ඩ සමාජයට යොමු කළ හැකිය. සමාජ මාධ්‍ය ලංකාවේ සකලවිධ අත්තනෝමතිකත්වයන්ට එරෙහිව මහජන ආයුධයක් ලෙස සමාජය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබේ. කාර්යාල තුල ප‍්‍රධානීන්ගෙන් වන හිරිහැර, පොලිසියෙන් සිදුවන හිරිහැර, දේශපාලනඥයන්ගෙන් වන හිරිහැර, ආදියට වින්දිත පාර්ශවයට අභියෝග කිරීමට මේ සමාජ මාධ්‍ය පිළිසරණක් වී තිබේ. විෂය භාර ඇමතිවරයාම මහ ? බීමතින් හිරගෙදරට කඩාවැදී කල නොමනා ක‍්‍රියාව රටට හෙළිදරව් කළේත් ලෝකයාට හෙළි දරව් වූයේත් ආණ්ඩුවට අදාළ ඇමතිවරයාගේ ඇමතිකම අහෝසි කරන්නට සිදුවූයේත් සමාජ මාධ්‍ය මගින් කළ තෙරපුම නිසාය.
අද ලංකාව විසින් ඉතා අමනෝඥ ලෙස ගෙන්වා ගන්නට උත්සාහ ගනිමින් හත්පොලේ ගාගත් මිනිස් මල සහිත කාබනික පොහොර නැව බා ගත නොහැකිව ලත වන්නේත් අශෝභන ගනුදෙනුවේ ගති ස්වභාවය රට දැනගත්තේත් සමාජ මාධ්‍යන්ට පින් සිදුවන්නටය.
අද ලංකාවේ ආණ්ඩුව මෙන්ම ප‍්‍රධාන විපක්ෂය ද ඉතා දුර්වලය. අතීතයේ දී නම් ආණ්ඩු වලින් සිදුවන අනේක විධ අත්තනෝමතිකත්වයන්ට එරෙහිව හඬ නැගුවේ ප‍්‍රධාන විපක්ෂයයි. එහෙත් අද ප‍්‍රධාන විපක්ෂය ද විශ්වාස කළ නොහැකි එමෙන්ම නිර්මාණාත්මක නොවන එකකි. ඔවුන් වටා ඇති අක‍්‍රමිකතා චෝදනා නිසා ඔවුන් කට අරින්නේ ඇරිය හැකි ප‍්‍රමාණයට නොවේ. ජනබලවේගයේ හා ටීයූඑල්එෆ් මන්ත‍්‍රීවරු සක‍්‍රීය වුවත් එය සමස්ත විපක්ෂයේ සුළු පංගුවක් වන්නාසේම මහජනයාගෙන් සුළු කොටසක් පමණි නියෝජනය කරන්නේ.
මේ තත්වයන් යටතේ සමාජ මාධ්‍ය විසින් තනා දී ඇති නව වේදිකාව සමාජ දේශපාලන ක්ෂේත‍්‍රයේ අත්තනෝමතිකත්වයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂපාතී එකකි. එය වටිනාකම් සහිතව පාවිච්චි කිරීම ඒ පුරවැසි සමාජයේ ප‍්‍රබුද්ධ අප‍්‍රබුද්ධ බව අනුව තීරණය වන්නකි. ලංකාවේ පුරවැසි සමාජයේ හැසිරීම තේරුම් ගැනීමට සමාජ මාධ්‍ය වනාහි සමාජ විද්‍යාඥයන්ට දේශපාලන විද්‍යාර්ථීන්ට මනා තෝතැන්නකි.
එමෙන්ම එතෙක් පැවති මාධ්‍යයන්හි අත්තනෝමතිකත්වය ක‍්‍රමයෙන් ගිලිහී යාමටත් නව බුද්ධිමය ප‍්‍රවේශයන් සඳහා දොර විවර කිරීමටත් සමාජ මාධ්‍ය මනා පිටුවහලක් වී ඇත.
සංස්කාරක