ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය බලා සාර්ථකව රැගෙන ගිය මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් යහපත් අතට හැරුණු පසු මෙම හස්තියා සිය නියම හිමිකරු වන අලුත්ගම කන්දේ විහාරය වෙත නැවත ලබා දෙන්නේ දැයි තායි වැසියෝ විමසා සිටිති.
බීබීසී සිංහල සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කන්දේ විහාරයේ විහාරාධිපති හිමියින් පසුගියදා පැවසුවේ “ඇතාව නැවත තායිලන්තයට රැගෙන ගොස් ඔවුන්ගේ වියදමින් ශ්‍රී ලංකාවට නැවත ගෙන එන බවට වූ පොරොන්දුව මත ගිවිසුමක් අත්සන් කිරීමෙන් පස්සේ තමයි ඇතාව භාර දෙන්න එකඟ වුණේ.”, යනුවෙනි.
බීබීසී තායි සේවය විසින් විහාරාධිපති හිමියන් සමග කළ සම්මුඛ සාකච්ඡාව පළ කරනු ලැබීමෙන් පසු “හිංසනයට පත් කළ හිමිකරු” වෙත හස්තියා ආපසු යැවීමට එරෙහිව බොහෝ තායි වැසියන් අතර කැළඹීමක් ඇති වීමට තුඩු දී තිබේ.
“ශ්‍රී ලංකාවේ විහාරස්ථානයට ඇතාට හොඳින් සලකන්න තිබුණේ මුලින්,” 6,400 වාරයකට වඩා හුවමාරු වී ඇති බීබීසී තායි සේවයේ ෆේස්බුක් සටහනක් වෙත අදහස් දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පැවසීය.
ඒ පිළිබඳව දක්වන ලද වෙනත් අදහස් මගින් සංවේදනය වූයේ මෙම සත්වයා තම මව්බිම වන තායිලන්තයට අයත් බව ය. තායිලන්තය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් කළ ප්‍රකාශය වූ “ප්‍රතිකාර කිරීමෙන්” පසුව මුතු රාජා නැවත ශ්‍රී ලංකාවට එවිය යුත්තේ තායිලන්තයේ වියදමින් යන්න, ඍජුව ම උන්වහන්සේ කෙරෙහි කෝපයක් ඇති කිරීමට ද හේතු වී තිබේ.
“දයානුකම්පාවෙන් කටයුතු කරන්න ඕනේ භික්ෂුවක් නේද මේ?,” තව ත් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් ප්‍රශ්න කළේ ය.
බීබීසී තායි සේවය විසින් බීබීසී සිංහල සේවයේ සම්මුඛ සාකච්ඡාව පළ කරනු ලැබීමත් සමග, බීබීසී තායි සේවය එරට බලධාරීන්ට යොමු කළ ප්‍රශ්නයක් වුයේ, තායිලන්තය මේ හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ද? නැද්ද? යන්න පිළිබඳවය.
එය එරට ස්වභාවික සම්පත් අමාත්‍යංශය වෙත ද පීඩනයක් එල්ල කර තිබේ.
අමාත්‍යංශය නැවත නැවතත් ලබා දුන් පිළිතුරු වුයේ “මුතු රාජා සම්පූර්ණයෙන් සුව වූ පසු ඒ පිළිබඳ සලකා බලනවා” යනුවෙනි.
” බොහෝ විට මුතු රාජාට සදහටම තායිලන්තයේදී ප්‍රතිකාර ගන්න වේවි”
කෙසේ වෙතත්, මුතු රාජා තායිලන්තයට ගෙන ඒමේ ව්‍යාපාරය ආරම්භ කළ, තායිලන්තයේ හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරියක සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයාගේ සොහොයුරියක වන කංචනා සිල්පා-ආකා, ෆේස්බුක්හි සහ ට්විටර්හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මුතු රාජා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර එම හස්තියාගේ ජීවිත කාලය පුරාවට ම සිදු විය හැකි බව ය.
“මුතු රාජා නැවත ශ්‍රී ලංකාවට යැවීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කියන්න කැමතියි, මේ ආදරණීය හස්තියා සම්පූර්ණයෙන් සුවය ලබන්න නම්, එයාගේ මුළු ජීවිත කාලය පුරාවට ම තායිලන්තයේ ඉන්න වේවි,” කංචනා සිය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ තායිලන්තයෙන් තෑගි කළ තවත් ඇතුන් දෙදෙනකු සිටින අතර, ඔවුන් ආපසු ගෙන්වා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම් ද ඉහළ යමින් පවතියි. විශේෂයෙන් ම, අයපත් තත්ත්වයෙන් පසුවන අයුරු ඡායරූපගත කරනු ලැබ තිබුණු ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරත්වය යටතේ සිටින ප්‍රයි ෆ්‍රා ටී ෆෝ හස්තියා ද ඒ අතර වෙයි.
“ඒ හස්තියා හරි ම වයසයි. ආපහු අපේ රටට අරගෙන එන එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්,” යැයි කංචනා පැවසුවේ, හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇති හොඳ ම ක්‍රමය, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට කෙරෙන ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීම බව සඳහන් කරමිනි.
අද වන විට, මුතු රාජා, දසවන රාමා රජුගේ රාජකීය අනුග්‍රහය යටතේ සිටින සතෙකු ලෙස ලියාපදිංචි කර තිබීම සහ මහජන හැඟීම් සැලකිල්ලට ගැනීමේදී එම හස්තියා නැවත ශ්‍රී ලංකාවට එවීම වඩා ත් අපහසු කාර්යයක්
(BBC Sinhala)