මැතිවරණ පොරොන්දු අතර සඳ ගමනක්

පුවත්

මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට මදුරෙයි දකුණු මැතිවරණ කොට්ටාසයෙන් ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයෙකු පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු තුලාම් සරවනන්.
මෙතෙක් කිසිදු මැතිවරණ අපේක්ෂකයෙකු විසින් ලබානොදුන් පොරොන්දු සිය මැතිවරණ ප්‍රකාශනයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් සරවනන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව සඳහන් වනවා.
සඳ ගමනක්, හෙලිකොප්ටර් යානයක්, සෑම නිවසකටම වාර්ෂිකව කෝටියක තැන්පතුවක්, මංගල උත්සව සඳහා රන් ආභරණ, තෙමහල් නිවාස ආදිය ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර වෙයි.
කෙසේවෙතත් තම දිළිඳු වයෝවෘද්ධ මව්පියන් සමග වෙසෙන 33 හැවිරිදි තුලාම් සරවනන් ප්‍රාන්ත මැතිවරණයට නාමයෝජනා භාරදීමට අවශ්‍ය මුදල ගෙවා ඇත්තේ පොලී පදනම මත ලබාගත් ණය මුදලකින් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *