පළාත නැවත විවෘත කිරීම සඳහා ඔන්ටාරියෝ ආණ්ඩුව පියවර තුනක සැලැස්මක්

පුවත්

වසංගතය මුළුමනින්ම සමනය කිරීමට සූදානමින් එළිමහන් විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් ආරම්භ කරමින් පළාත නැවත විවෘත කිරීම සඳහා ඔන්ටාරියෝ ආණ්ඩුව පියවර තුනක සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ.

මැයි 22 වන විට ගොල්ෆ් ක්‍රීඩාංගන සහ ටෙනිස් ක්‍රීඩාංගන වැනි එළිමහන් විනෝදාත්මක පහසුකම් නැවත විවෘත කිරීමට ඉඩ දෙන බව රජය පවසයි.

පොදු ඒකරාශිවීම් සහ එළිමහන් පොදු උත්සව සඳහා සීමාවන් සෙනසුරාදා දිනවල දී පුළුල් කෙරෙන අතර පුද්ගලයින් 5 දෙනෙකුට මෙම පහසුකම භාවිතා කළ හැකිය.

මෙම පහසුකම් අතර රිය පැදවීමේ පරාසයන්, පාපන්දු සහ වෙනත් ක්‍රීඩා ක්ෂේත්‍ර, ටෙනිස් සහ පැසිපන්දු ක්‍රීඩාංගණ සහ ස්කේට් උද්‍යාන ඇතුළත් වේ. අනෙකුත් එළිමහන් ක්‍රීඩා හෝ විනෝදාත්මක කටයුතු සඳහා අවසර නැත.

“කොවිඩ් වසංගත මැඩලීමේ යහපත් ප්‍රවණතාවයන් ඇතිවී තිබේ.එසේ හෙයින් මහජන අවශ්‍යතා සදහා පළාත විවෘත කිරීමේ අදියරයන් තීරණය කිරීමට අපගේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධ වීමට කටයුතු කරමින් සිටිමු.” යැයි ප්‍රීම්යර් ඩග් ෆෝඩ් පැවසීය.

අදියර තුනකින් යුත් විවෘත කිරීමේ සැලැස්මේ පළමු අදියර ජුනි 14 වන සතියේ ආරම්භ කරන බව රජය පවසයි.

 ඔන්ටාරියෝ සැලැස්මේ සෑම පියවරකදීම විවෘත කළ හැකි දේ පිළිබඳ සවිස්තරාත්මක දැනුම් දීමක් කරනු ඇත.
නිවාසයන්හි රැදී සිටීමේ නියෝගය ජුනි 2 වනදායින් ඉවත් කෙරෙනු ඇත. නමුත් පළාත පළමු අදියරට පිවිසෙන තෙක් සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර තව දුරටත් වසා තැබෙනු ඇත.

සීමාවන් ලිහිල් කර ඇති හෙයින්, එහි බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා සෑම පියවරකදීම අවම වශයෙන් දින 21 ක් බලා සිටීමට සිදුවනු ඇත.

පළමු පියවර

මෙම අදියර කරා ළඟා වීමට, ඔන්ටාරියෝ හි වැඩිහිටියන්ගෙන් සියයට 60 ක් එන්නත එක් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් සති දෙකක්වත් බලා සිටිය යුතුය.

සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්ටීන් එලියට්ට (Christine Elliott) අනුව ඔන්ටාරියෝ ප්‍රාන්තයේ එන්නත් කිරීම මේ වන විට සියයට පනස් අටක සීමාව දක්වා ළඟා වී තිබේ.

“ජුනි 14 ට පෙර අපට පළමු අදියර කරා ළඟා විය හැකිය,අපි දැන් එයට ආසන්න වෙමින් සිටිමු.” එලියට් පැවසීය.

පළමු පියවර වශයෙන් කුඩා ජන රාශිවීම් සහිත එළිමහන් ක්‍රියාකාරකම් වලට සීමා කරන්නේ රෝග කාරක සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කළ හැකිය යන කාරණය සැලකිල්ලට ගනිමිනි.

අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් සියයට 15 ක ධාරිතාවයකින් නැවත විවෘත කිරීමට ඉඩ දෙනු ඇත.

එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට අවසර ඇත. එළිමහන් භෝජනාගාරයට මේසයකට පුද්ගලයන් හතර දෙනෙකු දක්වා සීමා කිරීමක් සහිතව නැවත ආරම්භ කිරීමට අවසර ඇත.

දෙවන පියවර

මෙම අදියර කරා ළඟාවීම සඳහා වැඩිහිටියන්ගෙන් සියයට 70 ක් එක් මාත්‍රාවකින් සහ සියයට 20 ක් දෙවන මාත්‍රාවේ එන්නත් ලබා සිටිය යුතුය.

මෙම පියවරට පිවිසීමෙන් පසුව ගෘහස්ථ රැස්වීම් සඳහා පුද්ගලයින් පස් දෙනෙකුට සහ එළිමහන් රැස්වීම් සඳහා 25 දෙනෙකුට ඉඩ සැලසෙන බව රජය පවසයි.

මුහුණු ආවරණයක් පැළඳිය හැකි පුද්ගලික මට්ටමේ එළිමහන් ක්‍රීඩා නැවත ආරම්භ කළ හැකිය.
ගෘහස්ථ ආගමික සේවාවන් ද සියයට 15 ක ධාරිතාවයකින් නැවත ආරම්භ කළ හැකිය.

අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙදාම සියයට 50 ක ධාරිතාවක් සහ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළදාම සියයට 25 ක සීමාවක ධාරිතාවයකින් නැවත ආරම්භ කළ හැකිය.

එළිමහන් විනෝද ක්‍රියා සහ ජල උද්‍යාන ද නැවත විවෘත කළ හැකිය. එළිමහන් සිනමා ශාලා, නාට්‍ය, සජීවී සංගීත කටයුතු, ආකර්ශනීය ස්ථාන ආදිය ද නැවත සක්‍රිය කළ හැකිය.

පියවර 3

අවසාන පියවර ආරම්භ වන්නේ මහජන ජීවිත සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත්වීම බොහෝ දුරට සිදුවන ආකාරය අනුවය. ඔන්ටාරියෝ හි වැඩිහිටියන්ගෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබා තිබිය යුතු අතර, දෙවන මාත්‍රාව අවම වශයෙන් 25% ක් වත් ලබා සිටිය යුතුය.

සිසුන්ට ආරක්ෂිතව පන්ති කාමරයට පැමිණිය හැකි යැයි තීරණය කරන තෙක් පළාත පුරා දැනට කෙරෙන දුරස්ථ ඉගෙනීම දිගටම කරගෙන යනු ඇතැයි පළාත් රජය පවසයි.

ඔන්ටාරියෝ හි පාසල් 2021 අප්‍රියෙල් 19 සිට වසා ඇත. මෙය ඔන්ටාරියෝ හි COVID-19 වසංගතයේ තුන්වන රැල්ලේ ආරම්භය සමග ගත් තීරණයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *