’’පරම්පරාවකට එක් වරක් සිදුවන ආයෝජනයක්’’ – ඒකාබද්ධ කොංග්‍රස් සැසියේ බයිඩන් ගේ යෝජනාවලිය!

පුවත්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොන්ග්‍රස් ඒකාබද්ධ සැසියකට සිය පළමු කතාව ඉදිරිපත් කරමින් රැකියා, අධ්‍යාපනය සහ සමාජ සත්කාර සඳහා පුළුල් ආයෝජන සැලැස්මක් සකස් කර ඇති බව සඳහන් කර ඇත.

බයිඩන් ජනාධිපති ධූරයට පත්ව දින 100කට ආසන්න කාලයක් තුළදී, ඔහු විසින් ඩොලර් ට්‍රිලියන 4 ක් වියදම් කරන අයුරු ඉදිරිපත් කර ඇත.

එය 1960 දශකයේ සිට එක්සත් ජනපදයේ ප්‍රතිලාභ විශාලතම වෙනස් කිරීමක් බව විෂ්ලේෂකයන් සඳහන් කරයි.

බයිඩන් මෙම යෝජනා පිළිබදව අදහස් දක්වමින් පවසා සිටියේ මෙය “ඇමරිකාවේ පරම්පරාවකට එක් වරක් සිදුවන ආයෝජනය කිරීමක්” වනු ඇති බවයි.

මෙම ඓතිහාසික මොහොතට උප ජනපති කමලා හැරිස් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසිද සහභාගී වී සිටියහ. කොන්ග්‍රසයට කළ කතාවකදී කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපති පිටුපස පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.

ජනාධිපතිවරයා විසින් සිය යෝජනාවක් ලෙස ඇමරිකානු රැකියා සැලැස්මක් සහ ඇමරිකානු පවුල් සැලැස්ම ඉදිරිපත් කළේය. ධවල මන්දිරය කියා සිටියේ මෙම යෝජනා සඳහා අරමුදල් සපයනු ලබන්නේ සංස්ථා සහ ධනවත් ඇමරිකානුවන් සඳහා වන බදු වැඩි කිරීමෙන් බවයි.

ඔහු ඇමරිකානු රැකියා සැලැස්ම විස්තර කළේ “a blue-collar blueprint to build America” ලෙසයි. එය පොදු ප්‍රවාහන, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සහ මාර්ග සහ පාලම් සඳහා ආයෝජනය ඉහළ නංවනු ඇත. දේශගුණික විපර්යාසයන්ට එරෙහි අරගලය මගින් මෙම සැලැස්ම මෙහෙයවනු ඇති බව ඔහු පැවසීය.

ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.8 ක ඇමරිකානු පවුල් සැලැස්ම ළමයින් කෙරෙහි අවධානය යොමු කර සැපයීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ඒ අනුව

වයස අවුරුදු තුනේ සිට හතර දක්වා ළමුන් සඳහා නොමිලේ පෙර පාසල අධ්‍යාපන පහසුකම්
පවුල් සම්බන්ධ සහ වෛද්‍ය හේතූන් වෙනුවෙන් ගෙවීම් සහිත නිවාඩු මෙන්ම සෞඛ්‍ය රක්ෂණ සහනාධාර
සැමට ගෙවීම් රහිත ප්‍රජා විද්‍යාල පහසුකම්
වසංගතය තුළ පුළුල් කර ඇති ප්‍රධාන බදු ගෙවීමට දීර්ඝ කල කාල සීමාවක්
යන යෝජනා ඔහු විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

ඔහු විදේශ ප්‍රතිපත්ති පිළිබදවද සලකා බලමින් මෙම නවතම යෝජනා සකස් කළ බව පැවසූ අතර එක්සත් ජනපදය “21 වන සියවස ජයග්‍රහණය කිරීම සඳහා චීනය සහ අනෙකුත් රටවල් සමඟ තරඟයක යෙදී සිටින” බව පැවසීය. තම සැලසුම්වලට පිටුබලය දෙන ලෙස දෙපාර්ශවයේම දේශපාලනඥන්ගෙන් ඉල්ලා සිටි ඔහු දෙපාර්ශ්වය සමඟ සමගියෙ​න් කටයුතු කිරීමට කැමති බව පැවසීය.

කෙසේවෙතත්, රිපබ්ලිකන් පක්ෂයෙන් මෙම යෝජනාවලට පුළුල් විරෝධයක් එල්ල වී ඇති අතර, ඒවා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් වැඩි කිරීමට සහාය නොදක්වන බවට ඔවුන්ගේ චෝදනාව වී තිබේ.
Lanka News Web

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *