ගෙවී ගිය අපේ‍්‍රල් 06 දින පේරාදෙණි විද්‍යාර්ථීන්ගේ සංගමය ඊැකකි * උයසිඑකැි දෙ ්‍ය්බඑය්බ් 2024ල සිය වාර්ෂික සංස්කෘතික කි‍්‍රයාකාරකම මිසසාගාහි දි පැවැත්වීය. එහි වූ එක් අඩුපාඩුවක් හැර අන් සියල්ලම මා සතුටට පත් කළේය. ඒ අඩුපාඩුව නම් සැලකිය යුතු අන්‍ය ජාතික නියෝජනයක් එහි දක්නට නොවීමයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වනාහි අගාධයට යාමට නියමිතව තිබූ ලංකාව එසේ නොවීමට උත්සාහ දැරූ පුද්ගලයන්ගේ ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි. පොන්නම්බලම් අරුණාචලම්, සර් ජේම්ස් පීරිස්, සර් මාක්ස් ප‍්‍රනාන්දු හා අයිවර් ජෙනිංන්ස් ඒ අතර ප‍්‍රධානය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට අදාළ කීර්තිනාමය පොහොසත් කළෝ සිංහල පමණක් නොව අන්‍ය ජාතික ශිෂ්‍යයෝ ද, ගුරුවරු ද සමෝසේ මැදිහත් වූහ. නිදහස් ලංකාවේ සැබැවින් ම දැනුවත්ව ජාතික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අරමුණින් බිහිවූයේ පේරාදෙණියයි. එකළ එහි පොදු ජාතිකත්වය නියෝජනයක් දක්නට තිබුණි. (කොළඹ විශ්වවිද්‍යාලය යටත් විජිත සමයේ බිහිවූවක් නිසා මෙම හැඳින්වීම එම විශ්වවිද්‍යාලයට අදාළ නොමැත.*
මෙම ඊැකකි * උයසිඑකැි දෙ ්‍ය්බඑය්බ් 2024 ප‍්‍රසංගයේ සම්පාදකයින් මා යටකී පොදු නියෝජනය නිරූපණය කිරීම සඳහා කිසියම් වෙහෙසක් දරා තිබුණි. සරච්චන්ද්‍ර ඇදුරුතුමන් දැල්වූ කලා ප‍්‍රබෝධයේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ කලාකරුවන් අතර චිත‍්‍රලේඛා මෞනගුරු වැනි වියතෙකු මතක් කිරීම හා ඇගයීම ඒ එවැනි එක් උත්සාහයකි. එසේම ළමා දෙමළ රංගනයක් හා ගීතයක් ද එහි ඇතුළත්ව තිබුණි.
පේරාදෙණියෙන් උගත් ටොරොන්ටෝ වාසී දෙමළ විද්‍යාර්ථීන් මීට වඩා මෙම කි‍්‍රයාදාමයට සම්බන්ධවීම හා අවංකව සහයෝගය දී ම මගින් අනාගතයේ දී වත් පේරාදෙණියේ සමෘද්ධිමත් යුගය වේදිකාවක් මත හෝ ප‍්‍රතිනිර්මාණය කළ හැකිය. මා දන්නා තරමින් කලක සිට ම ඒ උත්සාහය සංගමයේ පැත්තෙන් දරා ඇත.
රටක විශ්වවිද්‍යාලයකට ජාතික වශයෙන් වූ භූමිකාවක් තිබෙන බව අපි කවුරුත් දනිමු. ඒවායින් පිටවූවන්ගේ වෘත්තිය හා සමාජ අනන්‍යතාවයෙන් සෑහෙන කොටසක් ඒ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ඥාන හා සමාජ දැක්මෙන් ලැබෙන්නේය.
මෙම ඊැකකි * උයසිඑකැි දෙ ්‍ය්බඑය්බ් 2024 ල ප‍්‍රසංගය තුළින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතීතයේ තමන් දැරූ සංස්කෘතික බර කවරාකාර තරම් විශාල එකක්දැයි පෙන්වීමට සමත් විය. පේරාදෙණිය විද්‍යාර්ථීන් හා ඔවුන්ගේ දරුවන්ගෙන් සැදුම්ලත් කැනඩාවාසී ගායක ගායිකාවන්, නළු නිළියන්, නිරූපකයින්, නිශ්පාදකයන් හා අවශේෂ නිර්මාණ කටයුතු කළ සියල්ල ඇතුලත් සමූහයක දහදිය සුවඳ එහි තිබුණි. කලාවේ විවිධාංශයන් නියෝජනය කරන නර්තනය, ගායනය හා රංගනය පමණක් නොව සාහිත්‍ය කලා පරිස‍්‍රයට අයත්, කවිය, නවකතාව වැනි අංගයන්ට පේරාදෙණිය, විශ්වවිද්‍යාලයක් වශයෙන් කළ බලපෑම ප‍්‍රසංගය තුලින් මනාව නිරූපනය විය. ඒ නිරූපිත සමස්ත පේරාදෙණි ඉතිහාසය, මැනවින් නොදන්නා උදවිය අතර පේරාදෙණි විද්‍යාර්ථීන් ද සිටින බව නොරහසකි. ඒ සංතෑසිය ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවලට එකසේ ම පොදුය. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හො අන්විශ්වවිදයාලයක වරදක් නොව ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ වරදකි.
තමන්ගේ ජීවිතයේ ස්වර්ණම අවධියෙන් වසර හතරක් ජීවිත අපේක්ෂා පාකර යැවූ, විෂය දැනුම උකහාගත්, විදු බිමේ මහේශාක්‍ය බව යළි නිරූපණය කිරීමට ඊැකකි * උයසිඑකැි දෙ ්‍ය්බඑය්බ් 2024 සමත් වූයේ වඩාත් විධිමත් හා සිත් ගන්නා සුළු ආකාරයකටය. ‘‘රට සංස්කෘතික වශයෙන් බැබලවූ මේ මහා මිනිසුන් සියල්ල අපේ ම ජ්‍යෙෂ්ඨයන් වන්නේය. එහෙයින් ඔවුන් වඩාත් ගෞරවයට පත් කිරීමත් ඔවුන්ගේ කාර්යභාරය විමසා තමන් දැනුවත් වීමත් අප විසින් කළ යුතුය.’’ යන පණිවිඩය සිය ආදි විද්‍යාර්ථීන් වෙත නිකුත් කිරීමට ප‍්‍රසංග සංවිධායකයින් සමත් විය.
ගායකයින් බව අප නොදැන සිටි ආදි විද්‍යාර්ථීන් හොඳින් ගී ගැයුවේය. එනිනෙදා සමාජ හැසිරීමේදී රංගන කුසලතාවන් ඇතැයි නොසිතූ අප මිතුරු මිතුරියෝ හොඳින් රංගනයේ යෙදෙමින් සිය කොටස මැනවින් ඉටු කළහ.
මෙම ප‍්‍රසංගය තුළින් විඳි සංස්කෘතික ප‍්‍රහර්ශය මෙන් ම පේරාදෙණිය ද ඇතුළත් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය අද ගෙවා දමන යථාර්ථය ද වටහා දුන් බවකි මට වැටහෙන්නේ. සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ හැරුණු කොට අනෙකුත් සාමූහික ශ‍්‍රමයකින් සිදු කෙරෙන, නාට්‍ය, චිත‍්‍රපට, සංගීතය පිළිබඳ නිදර්ශකයන් සොයා යා යුතු වූයේ හැත්තෑව දශකයෙන් දුරාතීතයට ය. මහාචර්ය සරච්චන්ද්‍ර දැල්වූ සංස්කෘතික ප‍්‍රබෝධය අද විශ්වවිදයාලයක් ලෙස පේරාදෙණිය තුල අද වන විට ඇණහිට තිබේ. මෙම ප‍්‍රසංගයේ දී සඳහන් කෙරුණු නාට්‍යකරුවන්ගේ නාමාවලිය 1970 දශකයේ අග භාගයට වෙන්නට විද්‍යාර්ථියකු වූ ක්ලයිට් ශාන්තගෙන් අවසන් වන්නේය. ධර්මසේන පතිරාජගෙන් අවසන් වූ සිනමා යුගය පේරාදෙණියෙන් නැවත ආරම්භ වූයේ නැත.
මේ තත්ත්වය අද සෑම විශ්වවිද්‍යාලයකට ම පොදු වූ කාරණයකි. අද වන විට විශ්වවිද්‍යාලය යනු තවදුරටත් ලංකාවේ සංස්කෘතික ප‍්‍රබෝධයේ ප‍්‍රධාන කොටසක් නියෝජනය නොකරයි. සියල්ල සිදුවන්නේ ඉන් බැහැරවය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාඛාවක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ 1952 දී ය. එමෙන්ම එවැනි විශ්වවිද්‍යාලයක් ශාස්ත්‍රෝද්ග‍්‍රහණයට සුදුසු පරිසරයක පිහිටුවීම යන සද් චේතනාව පේරාදෙණිය මනරම් බිම් තෝරාගැනීමට හේතු විය. නගරයේ හා අවට සමාජයේ කලි කලහයෙන් වියෝවූ ශාස්ත‍්‍ර සේවනය ම අරමුණු කරගත් ශාස්ත‍්‍රමය ප‍්‍රාන්තයක් බිහි කිරිම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරෝගාමීන්ගේ ඒකායන අරමුණ විය. මේ සඳහා පොන්නම්බලම් අරුණාචලම් හා අයිවර් ජෙනිංග්ස් වැනි ශ්‍රේෂ්ඨයින් දැරූ වෙහෙස අප‍්‍රමාණය. ඒ වෙහෙස අවම වශයෙන් හැත්තෑව දශකය දක්වාවත් ඵල දරුවේය. ඒ දුෂ්කර ජයග‍්‍රහණ ලැබූයේ ඉතාම අහිතකර ශාස්ත‍්‍ර විරෝධී දේශපාලනික තීන්දු ගන්නා ආණ්ඩුකරණයක් තිබියදී ය. මෙම ඉතිහාසය වටහා ගැනීමට මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත විශ්වවිද්‍යාලය යනු කුමක්ද? මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ ලාල් විජේනායකගේ චරිතාපදානය වන ලාල් විජේනායක දේශපාලනය හා ජීවිතය වැනි කෘති අපට උපකාර වේ.
රටේ කලා සංස්කෘතික ප‍්‍රවාහයට පේරාදෙණියේත්, අනෙකුත් විශ්වවිද්‍යාලයන්ගේත් බලපෑම අවම වූයේ මක්නිසා ද යන්න ගැඹුරින් සිතා බැලීම, සම්පූර්ණයෙන් ම බිඳ වැටුණු ලංකා සමාජය ‘යලි සකසා ගන්නේ කෙසේ ද ’යන අද සිදුවන කතිකාවට උපයෝගී කරගත හැකිය.
එදවස පේරාදෙණිය විශ්වවිද්‍යලය කොළඹින් බැහැර ප‍්‍රත්‍යන්තයක පිහිටුවන ලද්දේ ගැඹුරු ශාස්තී‍්‍රය අරුතකිනි. එහෙත් රුහුණු රජරට ආදී වශයෙන් ආරම්භ වී සෑම පළාතකටම එකක් බැගින් බිහිව ඇති විශ්වවිද්‍යාල යනු එවැනි ශාස්තී‍්‍රය උවමනාවක් පෙරදැරිව පිහිට වූ ආයතනවලට වඩා පටු දේශපාලන උවමනාවන් පදනම් කරගෙන බිහිවූ ඒවාය.
අද කැළණිය හා ජයවර්ධන පුර විශ්වවිද්‍යාල වනාහි බණ්ඩාරනායක ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාල බවට පත් කරන ලද ලංකාවේ ප‍්‍රකට එමෙන්ම දේශීය දැනුම සම්ප‍්‍රදායක් ගොඩ නැගූ පිරිවෙන් දෙකකි. ඒ ආයතන දෙක විශ්වවිද්‍යාල බවට පත් කළේ බණ්ඩාරනායකට තිබු ශාස්තී‍්‍රය උවමනාවකට වඩා දේශපාලනික උවමනාවක් හේතුවෙනි. විද්‍යෝදය විශ්වවිද්‍යාලය, ශී‍්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යලය බවට නාමකරණය වූයේ ඊට අදාළ කිසිදු ශාස්තී‍්‍රය හේතුවක් නිසා නොව එවක පාලකයාගේ නමින් විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වූ හෙයිනි. ඒ කුරිරු උවමනාව ඉටු කර ගැනීමට තර්කයක් සම්පාදනය කර ගැනීමට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් කෙරිණි.
කවර ශ්‍රේෂ්ඨ අරමුණුවලින් විශ්වවිද්‍යාල ආරම්භ කළත් අද සිදුව ඇත්තේ ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල ලංකාවේ දුක්ඛිත සමාජ දේශපාලනික ඉරණමේ ගොදුරු බවට පත්වීමයි.
අපේ‍්‍රල් 6 වෙනිදා ඊැකකි * උයසිඑකැි දෙ ්‍ය්බඑය්බ් 2024 ප‍්‍රසංගය තුළින් අප දුටුවේ ලංකාව පෙලන පොදු දුක්ඛිත සමාජ දේශපාලනික ඉරණමේ ගොදුරු බවට පත් නොවුණු සාමූහික ශාස්තී‍්‍රය චින්තනයක් මගින් ලංකාව එකලූ කළ ස්වර්ණමය සංස්කෘතික යුගය නැවත ප‍්‍රති නිර්මාණය කිරීමයි.
එය සාර්ථක වූවා පමණක් නොව තමන්ගේ යටගියාව යළි සිහිපත් කර ගැනීමේ මා හැඟි කාර්යයක් ද එමගින් ඉටුකෙරිණි.
සංස්කාරක
