පැතුම්ට ක‍්‍රිකට් ආයතනයෙන් ලොකු මුදල් ත්‍යාගයක්

ක්‍රීඩා

පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වනවා.
එක්දින ජාත්‍යන්තර තරයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ‍්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු පසුගියදා ඉතිහාසයට එක්වුණා.
ඒ අනුව, පසුගියදා පැවති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක සභා රැුස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබෙනවා.
එම තෑගි මුදල කොපමණද යන්න නුදුරේදීම ප‍්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වනවා.
ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ‍්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැුස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.
ජාතික කණ්ඩායමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දිරිමත් කිරීමේ අරමුණින් හා නැඟී එන ක‍්‍රීඩකයන්ට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් මේ දිරි දීමනා ප‍්‍රදානය සිදු කිරීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වන්නේ.
මේ අතර, එළඹෙන බංග්ලාදේශය සමඟ තරග සංචාරයේදී පැතුම් නිශ්ශංක විවේක ගැන්වීමටත්, ඔහු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය දක්වා ආරක්ෂා කර ගැනීමත් ක‍්‍රිකට් කළමනාකාරිත්වයේ අදහස වී තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *