නැවතත් බලන්න… නැවතත් කියවාගන්න ! එය සිනමා සිත්තමක් නොව… හදවත පසාරැකර යන පිහිපහරකි.
“මිනිසෙකුගේ ආත්ම සටහන – පරිපූර්ණත්වයට පත්කල හැක්කේ ආදරයට පමණි ”
“සමාජය හිතනව ඔවුන් පාලනය කරන්නෙ පාලනය වෙන්නෙ සදාචාරය නිසා කියල නෑ ඔවුන් පාලනය වෙන්නෙ නීතියෙන් ”
“අද පවතින මේ නීති ක්‍රමය මිනීමැරුමකින් මිනිහෙක්ව වැරදි කරුවෙක් කරන්නෙ එම මනුෂ්‍ය ඝාතනය නිසා නෙවෙයි එකී මනුෂ්‍යා ඝාතනය කිරීමට ඔහුට අවශ්‍ය වූ චේතනාව නිසයි අන්න ඒ චේතනාව තමයි නීතිය ඔප්පු කරන්න හදන්නෙ ඒක කොච්චර හරිද වැරදිද කියල හිතනවට වඩා අපි හිතන්න ඕනෑ ඒක කොච්චර නීත්‍යානුකුලද කියල ?
==============================================
ස්තෙපාන් ඩැල්රි ගේ… THE READER
===============================================
ඉස්කොලෙ ගිහින් ගෙදර එන වයස අවුරැදු 15 ක කොල්ලෙකුට මගදි අසනීප වෙනව. මිනිහ ඒ ළග තියෙන ගෙයක් ගාව වාඩි වෙලා වමනය කරනව. වැඩ ඇරිල මේ ගෙදරට එන වයස 45 ක් විතර ගෑනු කෙනෙක් මේක දකිනව. ඇය බිම දාල තියෙන වමනේ හෝදල ඔහුට දෙහි පොවල මේ කොල්ලව වත්තන් කරන් කොල්ලගෙ ගේ ගාවට ගිහින් ඇරලවනව… සති කිහිපයකට පස්සෙ ඔහු යනව තමන්ට උදවිකරපු මේ කාන්තාව බලන්න මල් මිටක් එහෙම අරගෙන… ඇය හුදකලා ජීවිතයක් තමයි ගෙවන්නෙ කියල පස්සෙ කොල්ල දැන ගන්නවා… ඔන්න ඔය විදිහට දෙන්න ලිංගික එකතුවීමක් දක්වා දුර දිගට යනවා…
එක දවසක්…
“අපි දැන් දවස් හතරක් එකට හිටිය මම තාම ඔයාගෙ නමවත්, ඔයා තාම මගේ නමවත් දන්නෙ නෑ ”
“මට හැනා කියන්න “ඔයා ?
“මම මයිකල් , හැනා මේ බලන්න මට මේ සමිබන්ධය අත අරින්න බෑ ! කොටින්ම මම දැන් ඉගෙණගන්නෙ පුදුම සතුටකින් ඔයා මාව අත අරින්න එපා “
“හරි ඒක සිද්ධවෙන්නෙ එක පොරොන්දුවක් පිට ඔයා ඉස්සෙල්ලම මට කියල දෙන්න ඕන කතාවක් ඊට පස්සෙ දෙවනුව අපි ිැං කරමු ”
කොල්ල ඉස්සෙල්ලම පටන් ගන්නව කියල දෙන්න ලෝකෙ ප්‍රථම විශිෂ්ටතම නවකතාවෙන් හෝමර්ගේ ඉලියඩි සහ ඔඩිසි… පස්සෙ යුද්ධය හා සාමය…, අපරාධය සහ දඬුවම… ලේඩි චැටර්ලිස් ලවර්… ඔන්න ඔය විදිහට ඉතිං ඇය ඔහු පොත් කියවනව බොහොම කෑදර කමකින් අහගෙන ඉන්නවා… සමහර දවස් තියෙනව පොත්වල කඳුලු එන තැන්වලදි ඇය කොල්ලට තුරුලු වෙලා ඉකිගහහ අඬනවා… තවත් සමහරක් දවස් තියෙනව සතුටු සහගත අවසානයන් තියෙන පොත් කියවනකොට ඇය ප්‍රීතියෙන් මුසපත් වෙලා ඔහුව බදාගෙන සිපගන්නවා… ඔන්න ඔහොම තමයි ජීවිතය…
එක්තරා සිදධියක් නිසා හදිසියේ ඇය මෙම නිවෙසින් කොල්ලටත් නොකිය අතුරුදහන් වෙනවා… ඊට වසර ගනනකට පස්සෙ මේ තරුණයා නීති ශිෂ්‍යයෙක් වෙනවා… ඔහු යනව මාධ්‍යට තහනම් කල සුවිශේෂි නඩුවක් අහන්න. ඒ නඩුව පවරල තියෙන්නෙ 1944 හිට්ලර්ගෙ අවුට්විට්ස් වධකාගාරයෙන් එලියට අරන් ගිය හිරකාරියො 200 ක් පල්ලියක් ඇතුලෙ හිරවෙලා ගින්නට අහුවෙලා මැරෙන්න ඇරපු සිද්ධියක් සම්බන්ධයෙන් . ඒ වධකාගාරයෙ හිටපු පාලිකාවො 6 කට විරැද්ධව තමයි නඩුව අහන්නේ… ඒ සිද්ධියට අදාල ප්‍රධාන පාලිකාව තමයි ඔහුව ඔහු නොදන්නා කාරනයක් මත අතරමංකර ගිය ඔහුගේ ප්‍රථම ආදරය. සමහරක් දවස්වලට ඔහුගෙ දෙපතුලේ ඉදන් සිරස දක්වා අතුල්ලල සබන් ගාල ඔහුව නාවපු ඒ මතක වස්තුව…
ආදරණිය හැනා !
“අනිත් විත්තිකාරියො 5 දෙනා කියනව ඔබයි මේකට අණදුන්නෙ මේ තියෙන්නෙ ඔබ ඔවුනට දුන් ලියවිල්ල ඒක ලියල තියෙන්නෙ ඔබ ”
“නැහැ ඒක බොරුවක් ස්වාමිණි ඔය මගේ අත් අකුරු නෙවෙයි ”
“හොඳයි එහෙනන් මම ඔබට දෙනව පෑනක් සහ කොලයක් ඔබේ අත් අකුරු පරීක්ෂාවකට ”
හැනා විනිශ්චයකරු ඉදිරියේ සසලවෙනවා… මෙච්චර උගත් පිරිසක් ඉදිරියේ තමාට කියවන්න හෝ ලියන්නට නොහැකි බව කීම ඇය ලැඡ්ඡාවට පත් කරන්නක් බව ඇයට හැඟෙනවා… ඊට ඇගේ අභිමානය ඇයට ඉඩ දුන්නේ නෑ… මට මරණය වුවත් කම් නෑ… මට මොවුන් ඉදිරියේ ලැඡ්ඡාවිය නොහැකිය…
“නෑ අත් අකුරු පරීක්ෂාවන් අවශ්‍ය නෑ ස්වාමීනී මමයි ඔය ලියවිල්ල ලිව්වෙ ”
නීතිය ඇයව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරනවා… ඇයට එසේ වුවත් කොලුවා හිස සඟවාගෙන උසාවියේ බංකුවක් මතට වී සිටියා මිස ඔහු නැගිට එක වචනයක් කීවේ නැත… ස්වාමිනී ඇයට අකුරු ලියන්නන හෝ කියවන්න බෑ. ඔහු එසේ කිව්වානම් ඇය නිදහස් ගැහැණියකි… නමුත් වාස්තවික තත්වයන් එසේ කිරීමට ඔහුට ඉඩ දුන්නේ නැත… එය තම අනාගත දිලුලන ජීවිතය සියතින් කුඩුපට්ටම් කර ගැනීමක් ලෙස ඔහු සිතුවා විය හැක… මේ කිසිත් නොදන්නා හැනා ජීවිතයේ අභ්‍යාග සම්පන්න ඉතිරි කාලය ගත කිරීමට සිහිනයක ඇවිදින්නාක් මෙන් කිසිවෙක් දෙස නොබලා සිර කුඩුව වෙත පිය මැන්නාය.
දෛවය ඔහුගේ ජීවිතයට ඔහු ඉල්ලා සිටි සියලුම දේ කෑදර කමකින් තොරව නොඅඩුව ඔහුට ලබාදුනි… අධිනීතිඥ වෘත්තියක්, ඉහළ සමාජ තත්වයක්, උගත් ගැහැණියක් සමග විවාහයක් සහ ඇගෙන් ලස්සන කෙලි සිඟිත්තියක්… නමුත් මුලු ජීවිත කාලය පුරාවටම ඔහු ගේ ආත්මය තුලින් යම් දෝංකාරයක් ඇසිනි “ඔයා අද මට මොකක්ද කියවන කතාව මගෙ කොල්ලෝ ”
අවසානයේ ඔහු සිය හෘදය සාක්ෂිය ඉදිරියේ පරාඡයට පත් විය… ඒක තමයි මිනිහෙකුගෙ අධ්‍යාත්මය සිර ගෙදර වසර 20 කට පසු හැනා නමට ටේප් රොකොඩරයක් සහ කැසට් පටි කිහිපයක් කිසිවෙකු විසින් එවා තිබිනි… සිය කුඩුවට ඒවා රැගෙන ගිය හැනා එක් කැසට් පටියක් දමා රෙකෝඩරයේ බොත්තම ක්‍රියාත්මක කරයි..
“ඔයාට මතක නැතුවද දන්නෙ නෑ මම ඔයාට ආයිමත් කියවන්න පටන් ගන්නවා ”හෝමර්ගෙ ඉලියඩි සහ ඔඩිසි ”
================================================
ඇය කේට් වින්සලට්… ඇයව ලොව අග්‍රගන්‍ය නිළියක් බවට පත්කලේ ටයිටැනික්හි රෝස් නොව…
ද රීඩර්හි හැනාය…