නමුත් ඒ කාලය ක‍්‍රමයෙන් ගෙවී ගොස් තිබෙනවා. – ටී. අන්ද්රාදි

දේශපාලන

මා දන්නා හැටියට සමසමාජය යන පත්තරය තමයි ඔබේ ලියන කියන කටයුතු වලටත්, දේශපාලන ක‍්‍රියාන්විතයේත් ආරම්භය. වෙන්නෙ. අදටත් ඔබ ඒ ස්ථාවරයේම සිටිනවා ද?

මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ඒත් පක්ෂය වෙනස් වුණා. ඉතිහාසයේ එක්තරා ස්ථානයක දී ඔවුන් තමන්ගේ විප්ලවීය ගමන අත්හරිනවා. එහෙම අතෑරලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ දේශපාලන විවාහයක් සිදු කර ගන්නවා. එහි ප‍්‍රතිඵල ඒ අය කරා පැමිණෙනවා 1977 දී. වෙනත් විදිහකට කියනවා නම් 77 දී එක්සත් ජාතික පක්ෂය ලබන ජයග‍්‍රහණය තුළ මේ රටේ වාමාංශික ව්‍යාපාරය තමන් විසින් වපුරන ලද \ැ වල අස්වැන්න නෙළා ගන්නවා. අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් ඒ ඉරණම් ගමනම යමින් සිටිනවා. නමුත් ඒත් සමඟම කියන්න ඕනෙ එඞ්මන්ඞ් සමරක්කොඩි, බාලා තම්පො වැන්නවුන් ඊට එරෙහිව විරුද්ධ පාර්ශවයක් ගොඩ නගා තිබුණා.

එතකොට ඔබ සිටියෙත්ඒ විරුද්ධ පාර්ශවයේ ම තමයි. එහෙම ද්‍ර?

ඔව් සත්තකින්ම.

නමුත් ඔබ ට සිතෙන්නෙ නැද්ද එදා ඒ අවස්ථාවේ ජනතාව සිටියේ ඒ විවාහයට ආශිර්වාද කරන තැනකය කියලා…..?

මෙහෙමයි, ඒ මොහොතේ අපි කලෙත් උඩු ගං බලා පීනනවා වගේ වැඩක්. එනතාව එදා ඒ අළුත් වෙනස ට කැමති වුණා. ඒක ඇත්ත. ඒත් එක්තරා අවස්ථාවක දී ඒ වෙනස විසින්ම ජනතාව අතරමං කළා විතරක් නෙවෙයි දේශපාලනමය වශයෙන් හුදෙකලා කරන එකත් කලා. ඒ අනුව දේශපාලනය තුළ තිබුණු ජනතා හඬ ක‍්‍රමානුකූලව අහෝසි වුණා. අද වන විට මුහුකුරා ගොස් තිබෙන්නේ ඒ තත්වය යි.

එතකොට ඒ තත්වයට සාපේක්ෂව ඔබේ ඒ දේශපාලන ලිවීම ගැන ඇසුවොත්….?

1964 ඉඳලා 1994 වෙනකල්ම මම දේශපාලන ලිපි ලිව්වා තම යි. එතකොට කාලය වශයෙන් ගත්තොත් අවුරුදු 30 ක් මම ඒ කටයුත්තට කැප වෙලා ඉඳලා තියෙනවා. ඒ සා කාලයක් දේශපාලන අරගලවලත් නිරත වී සිටියා. නමුත් ඒ කාලය ක‍්‍රමයෙන් ගෙවී ගොස් තිබෙනවා. තවදුරටත් එවැනි සෘජු ලිපි වලින් දේහපාලන ආමන්ත‍්‍රනයකට යා හැකි කාලයකට නොවෙයි ඉන් පසුව අප එළඹුුණේ.

එහි තේරුම ඔබ යම් පසු බැසීමකට මුහුණ පානවා කියන එක ද?

නැහැ. මම වෙනස් මඟක් තෝරා ගන්නවා. මගේ ඒ ලිපි ඒ වගේම අත්දැකීම් පිළිවෙලකට ලියා තබන්න කටයුතු කරනවා. ”තිස් වසරක දේශපාලනයෙන් බිඳක්” සහ ”නොනවතින අරගලයක සටහන්” මා අතින් ලියැවෙන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියට යි. ඒ වගේම අපට පිළිගත හැකි මට්ටමේ දේශපාලන නිර්මාණ සාහිත්‍යයක් අන්‍ශ්‍යය බවක් ද අපට වැටහුණා. ”පෙන්ග්වින් දිවයින” සිංහලට පරිවර්තනය කෙරෙන්නේ ඒ අනුව යි. එහි කර්තෘවර ඇනටෝල් ප‍්‍රාන්ස් ගැනෙන්නේ දාර්ශනික පසුබිමක් සහිත දේශපාලන සාහිත්‍යකරුවෙකු හැටියට යි. විශේෂයෙන්ම යුරෝපය පුරා පැතිරී ගිය අධිපතිවාදය අධිපතිවාදී ආගම්වාදයට එරෙහිව ආ සමාජ ව්‍යාපාරය පසුබිම් කරගත් මේ නවකතාව අපේ සාහිත්‍යකරුවන්ටත් හොඳ මඟ පෙන්වීමක් කරනවා.
ඔව් පසුව මෝපසාංගේ කතා වස්තු දෙකක් මම සිංහලට පරිවර්තනය කරනවා. ඉන් එකක් තමයි ”පිටි මුට්ටය.” ඇය ගනිකාවක්. ලස්සන ගැහැණියක්. අශ්ව කෝච්චියක් ඇතුලෙ තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. ඒක ඇතුලේ සිටින මඟීන්ගෙන් සමකාලීන ප‍්‍රංශ සමාජයම නිරූපණය වෙනවා. ප‍්‍රංශයේ සතුරු පාාර්ශවය වන ජර්මානු දේශ සීමාවේදී තමන්ගේ ගැළවීම වෙනුවෙන් මිනිස් බිල්ලක් ඉල්ලා සිටින ජර්මානු නිළධාරියාගේ යහනට පිටි මුට්ටිය නමින් හැඳින්වුණු අර ගනිකාව තල්ලූ කර දැමීමට කෝච්චිය ඇතුලේ සිටින බියගුළු ප‍්‍රංශ සමාජය කටයුතු කරනවා. ඇය ද අවසානයේදී සියල්ලන්ගේම ගැළවීම වෙනුවෙන් ජර්මානු නිලධාරියාට බිළි වෙනවා. පසුව ඇය නිසා සිය ගැළවීම උදා කරගත් බියගුළු ප‍්‍රංශ සමාජය අපුරු ආකාරයකින් ඇයට කළගුණ දක්වනවා. ඒ තමයි තමන් අහළකටවත් නො ගෙන ඇයව කොන්කර දැමීම.

ඊට වෙනස් අත්දැකීමක් සහිත දේශපාලන සාහිත්‍ය කෘතියක් තමයි ”පාන් සහ වයින්” කියන්නෙ. එය ඉග්නාත්සියෝ සිලොනිගේ කෘතියක්. ෆැසිස්ට්වාදී දේශපාලන සමයකට එරෙහිව සටන් වදින දේශපේ‍්‍රමියෙකුගේ කතාවක්.. ඒ තමයි ඉතාලියේ මුසොලිනි පාලන සමය. ඒ දේශපේ‍්‍රමියාගේ කාර්යභාරය හැම අතින්ම සිලනිගේ කාර්යභාරයට සමාන යි. ඒ අනුව ඔහුට සිදු වෙනවා රටින් පිටුවහල්් වෙන්න. නමුත් වෙස් වළාගන්නා ඔහු යලිත් රට තුළට එනවා. ඔහුගේ අරමුණ වෙන්නේ පවත්නා ප‍්‍රතිගාමීත්වයට එරෙහිව දේශපේ‍්‍රමි ව්‍යාාපාරයක් ගොඩ නැගීමයි. එතැනදී රට ඇතුලෙන් සහායක් නොලැබෙනවාමයි කියන්න බැහැ. රට තුළ විෝධයක් තිබෙනවා. එය මතු කරගැනීමේ හැකියාවක්ද තිබුණා. නමුත් විරෝධාත්මක අරගලයක් ඉදිරියට ගෙන යා හැකි සුදුසු ක‍්‍රමවේදයක් නොතිබීම නිසා ජනතාව පවත්නා තත්වයට හුරු වීමේ ස්වභාවයක්ද දකින්න ලැබුණා. මෙන්න මේ කියන සමාජ ප‍්‍රතිවිරෝධතාව තමයි ඒ කෘතිය අප හමුවට අරගෙන එන්නෙ.

bbb
එතකොට ”රෙඞ් මොනැච්”ට මොකද වෙන්නෙ. ඒ වගේම ඔබ නිතරම ප‍්‍රකාශයට පත් කරනවා ඔබ ට්‍රොට්ස්කිවාදියෙක්ය කියන කාරණාව…..?

ඔෙබි මුල්ම ප‍්‍රශ්නය රෙඞ් මොනැච් ගැනයි. එතැනදී ඔබ අහපු ප‍්‍රශ්නයම තමයි යූරි ක්‍රොන්කො අපෙනුත් අහන්නෙ. ඒක ස්තාලින්ගෙ කාලය. බොහෝ උගතුන් රට හැර ගිය කාලයක් .ක්‍රොන්ක්‍රොත් රට හැරලා යනවා. එහෙම ගිහිල්ලා තමයි ඔහු ඒ කෘතිය ලියන්නේ.

කවුද මේ රෙඞ් මොනැච්….?

මම එයාට කියන්නෙ රතු රජ්ජුරුවො කියලයි.

නමුත් මම අහන්නෙ කවුද ඔහු කියලයි….?

වෙනින් කවුරුවත් නෙවෙයි ඒ තමයි ජෝසෆ් ස්තාලින්

ඒත් ඇයි ස්තාලින් රුසියාවට එහෙම කලේ. ?

ඒකම තමයි යුරි ාක‍්‍රාන්ත්‍රොත් පුදුමයට පත් වෙලා වගේ අහන්නෙ. මිනිස්සු ස්තාලින් දිනේවා කියල කෑ ගැහැව්වේ පිටුපසින් මැර හමුදා ඔවුන්ගේ පවුල් පිටින් ඝාතනය කරද්දී යි. ක්‍රොන්තො පුදුුමයට පත් වෙමින් ප‍්‍රශ්න කරන්නෙ මෙන්න මේ තත්වය යි. මිනිස්සු ඒ බවක් දැන සිටියෙ නැද්ද? එහෙම නැත්නම් මිනිස්සු ඒ විත්තියක් විශ්වාස කලේ නැද්ද? මිනිස්සු එය ඉවසුවාද්‍ර එහෙම ඉවසුවා නම් ඒ ඉවසීමේ පදනම කුමක් ද? මෙවැනි ප‍්‍රශ්න කිරීම් වලින් තමයි ඒ කෘතිය සම්පුර්ණ වෙන්නෙ. ”රතු රජ්ජුරුවො නමින් මම සිංහලට පරිවර්තනය කලෙත්් එයම තමයි. මම ඔබට කියනවා ඇඩොල්ෆ් හිව්ලර් තමන්ගේ විරුද්ධ පාක්ෂිකයින් ව මරා දැම්මා. ඒත් තමන්ගේ පාක්ෂිකයන්ව බේරා ගත්තා ඒත් ස්තාලින් ඒ දෙපාර්ශවයම මරා දැම්මාය කියලා.

දැන් ඔබේ දෙවැනි ප‍්‍රශ්නය.
මගේ ප‍්‍රකාශය නිවැරදියි. ඔව්, මම ටෙ‍්‍රෘට්ස්කිවාදියෙක්. ලියොන් ට්‍රොට්ස්කි රුසියානු විප්ලවය සමඟ කටයුතු කළ ආකාරය මම සිංහලට නගන්නේ එවැනි පසුබිමක ඉඳගෙන යි. ඒ තමයි රුසියන් විප්ලවයේ ඉතිහාසය. නමුත් එය සම්මත ඉතිහාසයෙන් වෙනස්් වෙනවා.

අපි දන්නවා සම්මත ඉතිහාසයේදී මුල් තැන හිමි වන්නේ ඉතිහාසයේ නායකයන්ට යි. නමුත් මෙතැනදී මුල් තැන තබා සලකා බැලෙන්නේ රුසියානු විප්ලවය ඇතුලේ ජනමතය හැසිරුණු ආකාරය යි. කොටින්ම කිව්වොත් රුසියානු විප්ලවයේ සමාජගත බව ගැන ඔහු ලියනවා. ඒ වගේම ඔහු මෙය තමන් මුලික කරගෙන ලියු බවක්ද අපි දකින්නේ නැහැ. ඔහුගේ ම ලිවීමට අනුව ට්‍රොට්ස්කි කියන්නේත් ඒ ක‍්‍රියාන්විතය තුළ තවත් එක හැසිරීමක් විතර යි. එහිදී තමන් සහභාගි වුණාට වඩා දෙයක් කියන්න ඔහු ඉදිරිපත් නොවන තත්වයක් ද අපට දකින්න පුළුවන්. නමුත් ඒ විප්ලවීය ක‍්‍රියාදාමය පවත්වාගෙන යන්න රුසියාව අපොහොසත් වුණේ ඇයි කියන ප‍්‍රශ්න කිරීම ඔහු කරනවා.

එතැනදී කම්කරු පන්තිය විෂය කරගෙන සාහිත්‍යයක් ගොඩ නැගෙනවා. ඒත් ඒ සාහිත්‍යයත් සමග කම්කරු පන්තියක් ගොඩ නැගෙනව ද?

ලෝකය පුරා සැම විටම ඉස්මතු කෙරෙන්නේ ධනේශ්වර පාන්තික ප‍්‍රතිරූප යි. ලෝක මට්ටමින් ශේක්ස්පියර් වගේ ප‍්‍රතිරූප ඔය තරමටම ආරක්ෂා කරන්නෙත් ඒ නිසා යි. නමුත් Ragged Trousered Philanthropists (වැරහැලි ඇඳගත් දානපතියො) යන මේ කෘතිය ලියල තියෙන්නෙ කම්කරු පාන්තිකයෙක්. මම කියන්නේ කම්කරු පාන්තික ජනයා සාහිත්‍යයත් සමඟ නැහැයි කියන එක තර්කයක් හැටියට ගෙන එන එක වැරදියි. මං අර කීව පොත සාහිත්‍ය කෘතියක් හැටියට අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එයින් අපුරු කතාවක් කියනවා. ඒ අනුව වැරහැලි ඇඳගත්ත අය ධනපතියන්ට දන් දෙනවා. ඒක හරිම තියුණු උපහාසයක්. ඔබ අහපු කම්කරු පන්තිය සාහිත්‍යයත් එක්ක ඉන්නවද කියන ප‍්‍රශ්නයට මේ පොත හොඳ උත්තරයක්. ඒ කොහොම වුණත් මැක්සිම් ගෝර්කි එන්නෙ කොහේ ඉඳලද?

පරිවර්තන කෘති වැඩිපුර අළෙවි වෙතැයි පැවසෙනවා. මිනිස්සු වෙනදාට වඩා පොත් මිළට ගන්නා තත්වයක් ද ඇතැයි කියනවා. ඔබගේ කෘති සම්බන්ධයෙනුත් එවැනි සාධනීය තත්වයක් තියෙනවා ද?

අපේ ජනගහනය කොපමණ ද? කෝටි ගණනක්නෙ. අදටත් දාහකට වඩා පොතක් මුද්‍රණය වෙනවාද? නැහැනෙ. එතකොට ඒ මොන අළෙවියක් ද? මොන විදිහෙ කියවීමක් ද?

(මේ අදහස් මුලින්ම පල වුණේ 2012 08 05 රන්දිව පුවත්පතෙහි ය.)

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *