නොනිමි මතක පොත 48 – සමගියෙන් යුද්ධයෙන් මිය ගිය සියලු ලාංකිකයන් සමරන්නට මඟක් සොයමු.

දේශපාලන නොනිමි මතක පොත පුවත් සියලුම ලිපි

අද මතකපොතින් මා කාලීන ප්‍රශ්නයක් ගැන ලියන්නට අදහස් කළෙමි. ඒ ප්‍රශ්නය බැඳී ඇත්තේ බ්‍රැම්ටන්, ටොරොන්ටෝ නගර සභාවලින් දෙමළ සමූල ඝාතනයන් පිළිබඳව සම්මුති ප්‍රකාශයට පත්කිරීමත්, ඔන්ටේරියානු ප්‍රාදේශීය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනසමූල ඝාතන :ඨැබදජසාැ* අධ්‍යාපන පනතක් සාකච්ඡාවට භාජනය කිරිමත් සම්බන්ධයෙනි. මෙම ආණ්ඩු පනත අනුව ඔන්ටේරියානු ප්‍රාන්තයේ පාසල්වල දෙමළ සමූල ඝාතනයක් සිංහල ආණ්ඩු විසින් ලංකාවේදී 2009 වසර පෙර සිට සිදු කල බවට ඉගැන්වීමත් සිදු වනු ඇත.

මෙම අණ පනත් තුනම සහ ඉදිරියේදී ඉදිරිපත් විය හැකි එබදු අණපණත්වලින් සිදුවන ලොකුම අවාසිය හැටියට මා දකින්නේ කැනඩාවේ ජීවත්වන සිංහල හා දෙමළ ජනතාව අතර වෛරයක් සහ ක්‍රෝධයක් ඇතිවීමට ඉඩකඩක් ඇති විය හැකි බවයි. දැනටමත් සමහර පාසල්වල සිංහල දරුවන්ගෙන් දෙමළ දරුවන් අසා ඇත්තේ ‘උඹලගෙ සීයල ආච්චිලා අපේ අයව බුරුතු පිටින් මරලා තියෙනවා නේද? කියන ප්‍රශ්නයයි.

වෛරය ක්‍රෝධය පාසල්වල ඉගැන්වීම කිසිදු ආගමකට හෝ අධ්‍යාපන මූලධර්මවලට විරුද්ධය.

පසුගිය වසර 10 තුළ සිංහල හා දෙමළ දරුවන් එක පාසලේ උගත්තා පමණක් නොව, එකම සංගීත කණ්ඩායමේ එකම වොලිබෝල් කණ්ඩායමේ එකම හොකී කණ්ඩායමේ එකට සෙල්ලම් කළහ. දැන් ඔවුන් වෙන්කරන්නටද මේ පනත් ගෙනෙන්නේ යන ප්‍රශ්නය ඇසිය යුතු වේ.

දෙමළ ජන සමූල ඝාතනයන් පිළිබඳව එ.ජා.සංවිධානය තීරණය කර ප්‍රකාශ නිකුත් කර නැත. ඒ නිසා මෙබඳු වචන අමුතු ආකාරයෙන් නිර්වචනය කිරීම, කැනඩාව වැනි බහු සංස්කෘතවාදී රටකට කිසිසේත් නොගැලපේ.

අපට කළ හැක්කේ කුමක්ද? 1983 සිට 2009 දක්වා ලංකාවේ යුදමය තත්ත්වයක් තිබූ බව අපි දනිමු. එම යුද්ධයෙන් මිය ගිය අය අතර කොටි සංවිධානයේ භටයන්, ලංකාවේ භටයන් මුස්ලිම් ජනතාව සහ ඇතැම් විදේශිකයෝද සිටිති. එසේම ඒ සියල්ල වෙනුවෙන් සැමරුම් දිනයක් පැවැත්වීම ඉතා බුද්ධිගෝචර සහ කාලෝචිත ක්‍රියාමාර්ගයක් නොවේද?

මරණය සිදුවන්නේ ජාතිභේද අනුව නොවේ. එනිසා මළ ගිය ඇත්තන් සැමරීමද ජාතිභේදයකින් තොරව කළ හැකි දෙයකි.

කැනඩාවේ සියලුම ලාංකිකයන් මෙබඳු පොදු සැමරුම් දිනයකට හිමිකම් ලබාගන්නට සියලු කැනඩා දේශපාලකයන්ට බලකල යුතුව ඇත. අප ජීවත්වන ප්‍රාන්තයේ දේශපාලන නායකයන් හමුවී මේ කරුණ පෙන්වාදීම ඉතා වැදගත් මෙහෙයක් වන්නේය.