ලංකාව නිදහස ලබා හැත්තෑ හත් වසරකි. එය පළමුවරට තමන් රටට නිදහස ලබා ගත්තා යැයි උදන් ඇනූ පන්තියෙන් බැහැර, එනම් හාමුලාගෙන් බැහැර සාමාන්‍ය පන්තියේ උදවියගේ නැවුම් පාලනයක් යටතේ සැමරීම විශේෂත්වයක් දරයි.
ලෝක බල තුලනය වෙනසක් වෙමින් නැපෝලියන් බොනපාට්, සමස්ත යුරෝපයම තම අනසකට ගන්නට සූදානම් වන අවස්ථාවේ, ලන්දේසි රජු ආරක්ෂාව පතා එංගලන්තයට පැන ගියේය. ඉනික්බිති ලන්දේසි යටත් විජිතවල පාලනය බි‍්‍රතාන්‍යයන්ට ගිවිසුමක් මගින් පවරා දුන්නේය. ඒ අනුව කිසියම් සාමකාමී ආකාරයකට ලොව පුරා පැතිර තිබූ ලන්දේසි බලය බි‍්‍රතාන්‍ය පාලනය වෙත පැවරිණි.
දෙවන ලෝක යුද්ධය ඇවිලූණේ තවත් ලෝක ආධිපත්‍යයක් උදෙසා ජර්මන් පාලක හිට්ලර්, ජර්මන් ජනයාගේ ආශිර්වාදයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා අතර ඔහුගේ නායකත්වයෙනි. ඒ වනවිටත් ලෝකයේ සතර දිග්භාගයේ බි‍්‍රතාන්‍ය යටත් විජිතවල නිදහස පතා විමුක්ති අරගල පැන නැගෙමින් තිබිණ. එවැන්නක් ඉන්දියාවේ සිදුකළේ මහත්මා ගාන්ධිගේ ප‍්‍රධානත්වයෙනි. ඔහු එහි ආධ්‍යාත්මික නායකයා ද මෙහෙයවන්නා ද විය. භාෂා ගණනාවක් කතා කරන, ආගම් ගණනාවක් අදහන, වසර හාර දහසකට වඩා පැරණි, නූතනත්වයට යා කළ හැකි සෑම විෂයයක් අරබයාම වන තමන්ගේම වූ දැනුම පද්ධතියකින් සන්නද්ධ, බුදුන් වහන්සේ ඇතුළු ශාස්තෘවරුන් ගණනාවකට උපත ලබා දුන්, ලෝකයේ මහා දේශය, ඉන්දු උපමහාද්වීපය විය. ඒ සියලූ සම විෂමතා එක් ධජයක් යටතට ගොනුකරමින් ඉන්දියානු නිදහස් සටන මෙහෙයවීමට මහත්මා ගාන්ධි සමත්විය. ඒ සඳහා ඔහුට සිය සම්ප‍්‍රදායෙන් ලැබුණු පන්නරයද, දේශීය හා බටහිර අධ්‍යාපනයෙන් ලැබුණු දැනුම ද, දකුණු අප‍්‍රිකාව, බි‍්‍රතාන්‍ය වැනි රටවල වෘත්තිකයකු ලෙස සේවය කරමින් බි‍්‍රතාන්‍ය පාලනයේ යටත් විජිත ස්වභාවය මනාව දකිමින් ලද ප‍්‍රායෝගිකත්වයෙන්ද ඔහු හෙබියේය. තම සම්ප‍්‍රදායට බටහිර පාලනය විසින් කරන කරන කෙනෙහිලිකම් ඉවසා දරාගත නොහැකි විශාල ප‍්‍රාඥ පරපුරක්ද ඉන්දියාවේ සිටියෝය. එහි සංකේතීය ප‍්‍රතිමූර්තිය ලෙස සැලකිය හැක්කේ රවින්ද්‍රනාන් තාගෝර් තුමන්ය.
ඉන්දියාව නිදහස ලබා ගැනීමේ විධික‍්‍රම හා ඒ සඳහා ඔවුන් අනුගමනය කළ මාවත් විචිත‍්‍ර හා ගැඹුරු විය. ගාන්ධි හා නේරු සම නායකත්වය දැරූ එකී නිදහස් සටන පිළිබඳ හැඟීම සෑම ඉන්දියානුවකු තුළම දැල්වීමට එහි නායකයෝ සමත් වූහ.
එහෙත් ලංකාවේ තත්ත්වය ඉන්දියාවේ තරම් ධෛර්්‍යය සම්පන්න එකක් නොවීය. යටත් විජිත පාලනයට හුරු වූ ප‍්‍රභූ පැලැන්තියක් පෘතුගීසීන් මේ රට ග‍්‍රහණයට ගත් දහසය වැනි සියවසේ මුල් භාගයේ සිටම වාගේ පැවතුණි. එකී ප‍්‍රභූ පැලැන්තිය පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන්ගේ විජිත බලාපොරොත්තු ඉෂ්ට කරන බලඇණියක් සේ ක‍්‍රියා කළේය. එකී පාලන තන්ත‍්‍ර තුනෙන්ම ඔවුහු තනතුරු, ඉඩකඩම් හා ව්‍යාපාරික අවස්ථා යන වරප‍්‍රසාද ලත්හ. 1833 බි‍්‍රතාන්‍ය සිය යටත් විජිත පාලනය ක‍්‍රම වෙනසකට භාජනය කරමින් වෙළෙඳ ධනවාදය ලංකාව තුළ ස්ථාපිත කිරීමේ උවමනාවෙන් කෝල්බෘක් ප‍්‍රතිසංස්කරන හඳුන්වා දෙන ලදී. වර්තමානයේ සිට අතීතය දෙස බලන විට එකී ප‍්‍රතිසංස්කරණ, අත්තනෝමතික රාජ්‍ය පාලනයක් සහනදායි ක‍්‍රම වෙනසකට භාජනය කිරීමක් ලෙස සැලකිය හැකිය. තවදුරටත් ඉදිරියට ගොස් 1919 දී මැනිං ප‍්‍රතිසංස්කරණ මගින් සීමිත ඡුන්ද බලයක් ලංකාවට ලබාදුණි. ”මැනිං ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය” යනු බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වූ ශ‍්‍රීමත් විලියම් මැනිං විසින් හඳුන්වා දුන් වෙනස්කම් මාලාවකි. එමඟින් විධායක සභාවට නිල නොවන සාමාජිකයින් පත් කිරීම ඇතුළුව ව්‍යවස්ථාදායක සභාවේ නිල නොවන නියෝජනය වැඩි කිරීමට ඉඩ සැලසුණු අතර, යටත් විජිත පාලනය යටතේ ලාංකිකයින්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සඳහා සැලකිය යුතු පියවරක් සනිටුහන් කළේය. මෙම ප‍්‍රතිසංස්කරණය බොහෝ විට ලංකාවේ ස්වයං පාලනය සඳහා වූ ව්‍යාපාරයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
1931 ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ මගින් පූර්ණ සර්වජන ඡුන්ද බලයක් ප‍්‍රදානය කළේය. (එය සැලකිය යුතු වර්ධනයක් විය. පළමුව, වැඩිහිටි සර්වජන ඡුන්ද අයිතිය සහිත මහ මැතිවරණ සඳහා ඉඩ සලසන බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ( ඕස්ට‍්‍රේලියාව, දකුණු අප‍්‍රිකාව සහ කැනඩාව යන ඩොමීනියන් වලින් පිටත* ඇති එකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එය විය. පළමු වරට, බටහිර යුරෝපීය අධිරාජ්‍යයන් තුළ ”යැපෙන”, කොකේසියානු නොවන රටකට එක් පුද්ගලයෙකුට, එක් ඡුන්දයකට සහ දේශීය කටයුතු පාලනය කිරීමේ බලය ලබා දෙන ලදී.* මේ සියල්ලම සිදු වූයේ එතෙක් සිටි දේශීය ප‍්‍රභූ පන්තියේ ඕනෑකමට නොවේ. ඔවුන් සැබැවින්ම අනාගතයට හිතදායි මෙවැනි ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ විය. සියළුම වයස 18ට වැඩි පුරවැසියන්ට ඡුන්ද බලය ප‍්‍රදානය කරන විට ඞී.එස්.සේනානායක එය ‘වඳුරන්ට දැලි පිහිය ලබා දීමක්‘ ලෙස යැයි විජිත ආණ්ඩුවට අනතුරුව හැඟවීය. එක්සත් ජාතික පක්ෂය බිහි වූ ගර්භාෂය ලෙස සැලකිය හැකි ලංකා ජාතික සංගමයේ ලේකම් හර්මන් ජේ. සී. පෙරේරා පැවසුවේ ‘අපට පූර්ණ නිදහස වුවමනා නැත. බි‍්‍රතාන්‍ය පාලනයට සුවචව එහි නායකත්වයේ අනුහස යටතේ පැවතීම ප‍්‍රමාණවත්.‘ යනුවෙනි. සර්වජන ඡුන්ද බලය දීම සඳහා කරුණු සලකා බැලීමට පැමිණි ඩොනමෝර් කොමසාරිස්වරු මෙරටට එතෙක් ස්ථාපිත සියලූම දේශීය සංවිධානවලින් ඒ ගැන අදහස් විමසා සිටියෝය. ඔවුන් අතරින් ඒ.ඊ. ගුණසිංහ නායකත්වය දැරූ ලංකා කම්කරු සංගමය පමණක් ලංකාවට සර්වජන ඡුන්ද බලය අවශ්‍ය බව පවසා සිටියේය. එඞ්වින් විජේරත්න නායකත්වය දැරූ කෑගලූ සංගමය පවසා සිටියේ ලංකාවට නිදහස ලබා දිය යුත්තේ ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙස බවයි. ඔහුගේ තර්කය වූයේ රටක් වශයෙන් පැවතීමට අවශ්‍ය මහා සම්ප‍්‍රදායක්, ආර්ථිකයක් ලංකාව නම් රටට නැති බවයි. අපගේ බුද්ධාගම ඇතුළු ඉන්දියානු උරුමය ගැන පෙන්වා දුන් ඔහු අපේ පාදම ඉන්දියාව බව ඩොනමෝර් කොමසාරිස්වරුන් හමුවේ පැවසීය.
ඉදිරිපත් වූ මත සියල්ලටම සපුරා වෙනස් මතයක් දැරූ ‘උඩරට සංගමය’ නියෝජනය කරමින් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ටී.බී. පානබොක්කේ නිලමේතුමා පවසා සිටියේ උඩරට නමින් වෙනම රාජ්‍යයක් තිබිය යුතු බවයි. එනයින් පැවසෙන්නේ වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස ලංකාවේ පළමුවරට පැනනගින්නේ උතුරේ දෙමළ ජනතාව අතරින් නොව උඩරට සිංහලයන් අතරින් බවය. වසර 400කට වැඩි කාලයක් අධිරාජ්‍යයන් තුනකට යටත්ව සිටි ලංකාවේ පහතරට හා යාපන අර්ධද්වීපයේ ජනතාව ඔවුන් සමඟ සහයෝගීව කටයුතු කිරීම නිසා අධ්‍යාපන, ව්‍යාපාරික හා තානාන්තරමය අවස්ථා ලැබූ නමුත් ඒ සියල්ල උඩරට ජනතාවට විජිත පාලකයන් විසින් අහිමි කරන ලද බවත්ය. කිසියම් ආකාරයකට එක් රටක් ලෙස නිදහස ලැබුණහොත් තවදුරටත් උඩරට ජනතාවට දෙවන පන්තියේ ජනතාවක් ලෙස ජීවත්වන්නට සිදුවනු ඇතැයි එතුමා බිය පළකළේය.
කෙසේ වෙතත් ඩොනමෝර් කොමිසම විසින් සර්වජන ඡුන්ද බලය ලංකාවට ප‍්‍රදානය කළ අතර, වත්මන් පාර්ලිමේන්තුවේ පූර්ව ස්වරූපය ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාව බිහිවිය. එමගින් යටත් විජිත ආණ්ඩුකාරයා අධිපතිත්වය දැරූ හා බි‍්‍රතාන්‍ය මහා රාජණීය සර්වබලධාරී පාලිකාව වූ රටේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව බිහිවිය. එකී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරයකු වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත එකී රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළින් සම්මත කරගැනීමට සමත්විය. එහිදීත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයෝ පැවසුවේ මෙමඟින් ‘ ගහකින් ගෙඩිය කඩවා ගැනීමටවත් කොල්ලෙකු සොයා ගැනීමට නොහැකි‘ වනු ඇති බවයි.
නිදහස් අධ්‍යාපන පනත තරම් අනාගතවාදීව රටට සෙත සැලසූ අන් පනතක් නිදහසින් පසු ගෙවී ගිය හැත්තෑහත් වසර තුළම නොමැති බව අපගේ අදහසයි. සැබැවින්ම මෙරට නූතන ඉතිහාසයේ සැබෑ ජාතික වීරයා අන් කවුරුත් නොව කන්නන්ගර මැතිඳුන්ය. ලංකාවේ බිහිවූ අන් සියලූ දේශපාලනඥයන් ඒ ශ‍්‍රීමතා අබිබවා නොයයි.
ගුණදාස අමරසේකරයන් කියන ආකාරයට,1948 ලැබුණු නිදහස යනු අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාවේ කොම්ප‍්‍රදෝරු ධනපති පන්තියට බලය හුවමාරු වීමකි. සැබැවින්ම සිදුවූයේද එවැන්නකි. 1948 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සිට 2024 අවසන් වූ ආණ්ඩුකරණයේ යෙදුණු සියල්ලෝම පාහේ තමන්ගේම අභිවෘද්ධිය සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය කළ අතර දේශපාලකයන් බලය හා ධනය රිසිසේ භුක්ති විඳින නව පන්තියක් බවට පත්විය. ඒ පන්තිය, 1956 දී, පංච මහා බලවේගය ලෙස ගරු නම්බු දුන් ජනබලවේගයම, සිය අතවැසි බවට පත්කර ගැනීමට කටයුතු කළේය. අවසානයේ මෙම ප‍්‍රභූ තන්ත‍්‍රය සිය පාලනය අවසන් කළේ, 2022 රට නිල වශයෙන් බංකොලොස් භාවය ප‍්‍රකාශයට පත් කරන්නට සලස්වමිනි.
එහෙත් යටත් විජිත සමයේම, එහි පැවති සීමාවන් ධෛර්යයෙන් ජයගෙන අනාගතය දක්වාම එළිය විහිදුණු පහනක් දැල්වූයේ නිදහස් අධ්‍යාපනය ලෙසිනි. ඒ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් ගම්බද මධ්‍යමහා විද්‍යාල පද්ධතියක් බිහිවිය. එක්දහස් නමසිය හතළිස් එකේ මතුගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරමින් ඒ ව්‍යාපෘතිය රට පුරා විහිද ගියේය. ඒ නිදහස් අධ්‍යාපන ආලෝකයෙන් බිහිවූ ලංකා පුත‍්‍රයකු අද රටේ ජනාධිපති ධුරයට පත්ව සිටී. තමා අ¥ෂිත මිනිසෙකු බවත්, ප‍්‍රඥා සම්පන්න අයෙකු බවත්, පසුගිය කාලයේ ඔහු විසින් පෙන්වා දී තිබේ.
ප‍්‍රධානම කාරණය වන්නේ මුල්කාලීනව තමන්ගේ ප‍්‍රභූ පැවැත්මේ සාධකයක් ලෙස ඔවුන් ලැබූ බලය පාවිච්චි කළෝය. 1977 නම් වූ තීරණාත්මක වසරේ සිට හරිහම්බ කරගැනීමේ පරමාර්ථ ඉෂ්ටකරගැනීම වඩ වඩා තීර්වව ගොස් 2022 වසරේදී රට නිශ්චිතවම බංකොලොත් භාවයට පත්කිරීමය. දැන් පළමුවරට තමන්ගේ සමස්ත වැඩ කළ හැකි කාලයම මේ රට ගොඩනඟන පාලකයෙක් හා පාලන රටාවක් බිහිව තිබේ. ඔවුන් මේ රට ගොඩනැගීමට පොරබදන බව පෙනෙන්නට තිබේ .ප‍්‍රභූත්වය හා පුහු මමංකාරය වෙනුවට ලංකාව අයත් වර්ග සැතපුම් 25,332 ම එක්සත් කිරීමට අධිෂ්ඨානයක් සහිත පාලකයෙක් බිහිව තිබේ. අන් සියලූ නිදහස් උළෙලයන්ට වඩා මෙවර නිදහස් උළෙල වැදගත් වන්නේ එම අර්ථයෙනි.
සංස්කාරක