දශක දෙකකට පසු විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

පුවත්

70 වන විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි සුරූපිනිය පන්ජාබ් ජාතික හර්නාස් සන්දු සමත්විය.

චන්දිඝර් හි උපත ලැබූ හර්නාස් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලබයි.

ඉන්දියාවෙන් බිහිවූ තෙවැනි විශ්ව රූ රැජිණ ඇය වන අතර ඒ අනුව මෙම කිරුළ නැවත වරක් ඉන්දියාවට හිමිවූයේ වසර 21කට පසුව වීම විශේෂත්වය කි.

1994 වසරේ දී සුෂ්මිතා සෙන් සහ 2000 වසරේ දී ලාරා දත්තා මින් පෙර මෙම කිරුළට හිමිකම් කියනු ලැබීය.

ඊශ්‍රාලයේ එලියාත් හි පැවැත්වුණු මෙවර විශ්ව රූ රැජින තරගාවලිය සඳහා රටවල් 80ක් නියෝජනය කරමින් සුරූපිනියන් එක්ව සිටිය හ.

තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *