දූවරුන් ගැන බුදුන් වහන්සේ!

විශේෂාංග

දිනක් පසේ නදි කොසොල් රජතුමා බුදුන් වහන්සේ හමුවීමට සැවැත් නුවර උන් වහන්සේ වැඩ වාසය කළ ආරාමය වෙතට පැමිණියේය. ඉන් පසු ඔහු බුදුන්ට වැඳ නමස්කාර කොට පිළිසඳර කතාවට පිළිපන්නේය. එවේලේ එහි පැමිණි එක්තරා පුරුෂයෙක් පසේ නදි කොසොල් රජු වෙතට ළංව ඔහුගේ කනට කොඳුරා යමක් සැල කර සිටියේය. එසැණින් රජුගේ සොම්නස් මුහුණ දොම්නසින් වැසෙනු බුදුහු දුටහ. එවේලේ ඊට කාරණ විමසා සිටි බුදුන් වහන්සේට රජු මෙසේ පැවසීය.
”මගේ මල්ලිකා දේවියට දුවක ලැබිලා ස්වාමීනි!”
එවේලේ බුදුන් වහන්සේ කොසොල් රජු හට මේ ගාථා දෙක වදාළහ.
(1) ඉත්ථි පි හි ඒකච්චියා සෙය්යෝ
පෝසා ජනාධිප
මේධාවිනී සීලවතී සස්සු දේවා
පතිබ්බතා
(ජනපතිය, නුවණැති, සිල්වත්, නැදි මයිලන් දෙවි කොට සලකන, පති වත සුරකින,ගැහැනිය වනාහි අනුවණ, දුශ්ශීල, නැදි මයිලන් නො තකන, පත්නී වත නොරකින පිරිමියාට වඩා උතුම් වන්නීය.*
(2) තස්සා යෝ ජායති පෝසෝ
සූරෝ හෝති දිසම්පති
තාදිසා සුභගියා පුත්තෝ
රජ්ජම්පි අනුසාසතීති
(ඇයට පුතෙක් උපදීද, ඔහු ශූරයෙක් වෙයි. දික් පතියෙක් වෙයි. එබඳු භාග්‍ය සම්පන්නවූ ගැහැනියගේ පුතා රජ බවටද පැමිණෙයි.)
(සංයුක්ත නිකාය-සගාථ වර්ගය -(3) කෝසල හෙවත් රාජ සංයුක්තය- (2)අපුත්තක වර්ගය-(6) ධීතු සූත‍්‍රය- 182 -185 පිටු*

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *