දුල්ලෑව වලව්ව රැුජිණ හෝටලය බවට පත්වූ හැටි

විශේෂාංග

History of Queenzs Hotel Kandy
සෙංකඩගල පුරවරයේ කිරි මුහුද අබියස දළදා මාලිගාවට මුහුණලා මහල් හතරකින් යුත් සුදු පැහැයෙන් වර්ණවත් වූ අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. කිරි පැහැයෙන් වර්ණවත් වූ ඒ අලංකාර මන්දිරය වෙන කිසිවක් නොව ලෝක උරුමයක් වූ ක්වීන්ස් (රැුජින) හෝටලයයි.
බොහෝ දෙන මෙය රැුජින හෝටලය ලෙස නමින් දැන සිටියත් එහි අතීතය නම් දන්නේ ඉතාමත් සුළු පිරිසකි. ලෝක උරුමයක් සංරක්ෂිතයක් ලෙස නම් කර ඇති රැුජින හෝටලය කාමර 78 යුත් අලංකාරවත් සිවු මහල් මැදුරකි.
හෝටලය හැදුනේ දුල්ලෑවේ වළව් බිමේය.
ආරම්භය 18 වැනි ශතවර්ශයේදී,
මෙම හෝටලය සුදු සේලයකින් ඔතා ඇති ආකාරයට ඈතට දිස් වේ. කිරි සුදු පහන් වර්ණවත් කර ඇත්තේ දන්ත දාතුන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් යැයි බෞද්ධයන් සිතන්නේ නම් එහි වරදක් නැත. රැුජින හෝටලය ලෙස මෙම ගොඩනැගිල්ල වර්තමානයේ හැදින්නුවද එහි ඉතිහාසය දහඅට වැනි ශත වර්ෂය දක්වා වූ ඈත අතීතයට දිවයයි.
කන්ද උඩරට රාජධානියේ අවසන් රජු ලෙස කිරුළු පළඳින්නේ වඩුග ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාය. (ක‍්‍රි.ව.1798-1815) එතුමාගේ පාලන කාලයේ සෙංකඩගල නගරයේ වළව් 18ක් පිහිටා තිබුනද පසුව වෙනස්කම් වලට භාජනය වෙමින් හෝ අද වන විට ඇත්තේ ඉන් කිහිපයකි. ”ක්වීන්ස් හෝටලය” පිහිටා තිබෙන්නේද එම වළව් 18ට අයත් ”දුල්ලෑවේ වළව්” භූමියේ ය.
දුල්ලෑවේ අදිකාරම් ක‍්‍රි.ව.1815 මාර්තු මස 02 දින උඩරට ගිවිසුමට අත්සන් කල උඩරට ප‍්‍රභූවරයෙකි. දුල්ලෑවේ පරපුරෙහි ආරම්භය සිදුවන්නේ මාතලේ අලූත්ගොඩ දුල්ලෑව නැමති ග‍්‍රාමයේ වාසය කල ”දුල්” නැමති වැදි රජුගෙනි. පසු කාලයේ පිළිමතලාවේ පරම්පරාවේ ආරම්භයට දායකත්වය ලබා දුන් නේද දුල්ලෑව පවුලෙනි.
දුල්ලෑව අදිකාරම්ගේ මහා වලව්ව පිහිටා තිබුනේ මාතලේ දුල්ලෑව ගමෙහිය. එදා මැද මිදුල් හතකින් සමන්විත අක්කර භාගයක පමණ විශාල වලව්වේ අද ඉතිරිව තිබෙන්නේ මැද මිදුල් දෙකකි. රාජ සේවයට පැමිණි අවස්ථාවේ නැවතීම සදහා සෙංකඩගල නගරයේ මාලිගා භූමියේ මහමලූවට ඉදිරියෙන් කිරිමුහුද ආසන්නයේ තවත් වලව්වක් සාදා ඇත. වත්මන් රැුජින හෝටලය තිබෙන්නේ එහිය.
රැුජින හෝටලයේ ආරම්භය
ක‍්‍රි.ව.1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉංග‍්‍රීසින් සිංහලයන් රවටා ඇති බව දුල්ලෑවේ අදිකාරම්ට වැටහිණි. ඉන්පසු දුල්ලෑවේ අදිකාරම් ද මහනුවර අතහැර මාතලේ දුල්ලෑව ගමට ගියේ කිසිවකුටත් මහනුවර වලව්ව බාරදීමෙන් තොරවය .පසුව ඉංග‍්‍රීසින්ගේ භාරයට ගත් දුල්ලෑව වලව්ව කඩා දමා ක‍්‍රි.ව. 1840 දී පමණ නිල නිවාසයක් බවට පත්කර මැලේසියානු හමුදාව ඇතුළු සොල්දාදුවන්ට නැවතීමට බැරැුක්කයක් සාදා දී තිබේ. මේ නිසා මෙම ගොඩනැගිල්ල ”මලබාර් නිවාස” නමින්ද ඉදිරියෙන් ඇති වීදිය ”මලබාර් වීදිය” නමින්ද හදුන්වා ඇත. ඉන් පසුව එය භාවිතා කර ඇත්තේ යුධ හමුදා රෝහලකටය.
මේ කාලය වන විට බි‍්‍රතාන්‍ය පාලනය විසින් කන්ද උඩරට ප‍්‍රදේශය තේ, කෝපි, කොකෝවා, රබර් ආදී නොයෙකුත් බෝගයන් වගාව ආරම්භ කරන ලදී. තවත් වසර කිහිපයක් ගතවෙද්දී වගා කරන ලද බෝගයන් මිළදී ගැනීම සදහා වෙළදුන් පැමිණි අතර ඔවුන්ට නැවතීම සදහා සුදුසු ස්ථානයක් සෙංකඩගල පුරවරයේ තිබුනේ නැත. ඒ සදහා සුදුසු ස්ථානයක් බවට තීරණය කර මෙම ස්ථානය ”බෝඩින් හවුස්” ලෙස නවාතැන් පොලක් බවට පරිවර්තනය කර තිබේ. ඉන්පසු වසර කිහිපයක් ගෙවී ගියේය. හමුදා නිලධාරියෙකුගේ දියණියක් වන ”එලිසබෙත් පියශෝ කුමරිය” මෙම බෝඩින් හවුසය මිලට ගෙන අලූත් අංග කිහිපයක් එකතු කර 19 සියවසේ බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නවතම ආකාරයක නවාතැන්පොලක් බවට පරිවර්තනය කළාය. පසුව එහි නම ”පියාෂෝ කොටේජ්” නමින් වෙනස් කර, ක‍්‍රි.ව.1874 වසරේ වික්ටෝරියා රැුජිනගේ පාලන කාලයේදී ”ක්වීන්ස් හෝටලය” යන නම තැබුවාය. එදා සිට අද දක්වා ම භාවිතා කරන්නේ එම නම වේ. වර්තමානයේ ලෝක උරුම ගොඩනැගිල්ලක් ලෙස නම් කර තිබීමෙන්ම මෙහි ඓතිහාසික වටිනාකම කොතෙක්ද යන්න පිළිබද අදහසක් ලබා ගත හැකිය.
19 වන සියවස අවසන් වන විට ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ක්වීන්ස් හෝටලය ජනප‍්‍රියට පත්විය. එදා සමාජයේ වතු අයිතිකරුවන් හමුවීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම පමණක් නොව නවාතැන් ගැනීමටත් මහනුවර නගරයේ තිබූ පහසුකම් සහිත එකම හෝටලය මෙය වූවාට සැක නැත. ක‍්‍රි.ව. 1895 වසරේදී පියශෝ කුමරිය විසින් මෙම හෝටලය කැන්ඩි හෝටල් සමාගමට විකුණා ඇත. ඉන්පසු මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ප‍්‍රතිසංස්කරණය කළේය. ක‍්‍රි.ව. 1900 -1908 අතර කාලයේදී නැගෙනහිර හා බස්නාහිර ප‍්‍රදේශයට කොටස් කිහිපයක් එකතු කර විශාල කරන ලදී. ක‍්‍රි.ව.1911 වසරේදී කොළඹ කොමර්ෂල් සමගම මිලදී ගෙන මෙහි බෝල් රූම් ශාලාවක් සෑදීය. අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී රජයට පවරා ගෙන හොටෙල් කෝපරේෂන් යටතේ පාලනය විය. එහි සියයට විසිහතරක කොටස් ගාඩිනර් සමාගමටද සියයට තිහක් රජයටද අයත් විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ රජයේ කොටස් විකුණා ඇත. එම කොටස් මිළදී ගෙන ඇත්තේ ගෝල්ෆෙස් සමුහ ආයතනය වේ. පසුව ස්විස් හෝටලය හා ක්වීන්ස් හෝටලය ඒකාබද්ධ කර තිබේ. කාමර විසිගනනකින් පටන් ගෙන තිබෙන ක්වීන්ස් හෝටලයේ අද වන විට කාමර හැත්තෑ අටක් දක්වා වැඩි වී ඇත. රැුජින හෝටලයේ කොටස් වැඩි ප‍්‍රමාණයක් හිමිකරගෙන වර්තමානයේ අයිතිකරුවන් වී සිටින්නේ ගෝල්ෆේස් සමුහ ආයතනය වේ.
වර්තමානයේ සංචාරකයන්ගේ සිත් ඇදගත් මෙම හෝටලය ශ‍්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ ප‍්‍රමුඛස්ථානයක් උසුලනා ස්ථානයක් බවට පත් වීම රහසක් නොවේ.
ක‍්‍රිෂානි උදයංගි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *