දුලබ ශාක්‍යමුනී බුදුරුවක්

විශේෂාංග

සිංහල බෞද්ධයා වන්දනා මානයට වඩාත් කැමති වන්නේ ඉතා පියකරු බුදු වතටය.පසු කාලීනව ප්‍රතිමා ශිල්පීන් අතින් නිරූපණය වූ ප්‍රතිමා වල නිරූපිත බුදු වත හා ඔවුන් වහන්සේගේ දර්ශනය අතර කිසිදු සහ සම්බන්දයක් ඇති බවක් නොපෙනේ. සරත් මධු දේදුණු කැලුම් චිත්‍ර කතාවට ගෙන ඇත්තේද එසේ නිරූපිත බුදු වතට සමාන වතක් වීම ගැන තවමත් කිසිවෙකු විමර්ෂනයක් කර නැත. එහෙත් අතීතයේ දවසක මේ මිතුරා මට මුණ ගැසුණු විට ඔහුට මම මෙසේ කීවෙමි.
“දේදුණු වගේම කැලුම් ගේ චිත්‍රයත් හරිම ආකර්ෂණීයයි.ඒත් ඔයා මේ පාර ඇන්ද වෙසක් කාඩ් එකේ නම් මට පේන්නෙ කැලුම් බුදු වෙලා වගේ.”
සරත් අහිංසක ලෙස සිනහසුණා පමණි.
මට.මේ අතීත මතකය අවදි වූයේ මෙහි පහත පළවෙන මූර්ති චිත්‍රය හදිසියේ නෙත ගැටුණු විටය.13- 14 වන ශතවර්ෂ කාලවලට අයත් යැයි සැළකෙන මෙම මූර්තිය, චීනයේ තවමත් පවතින ක්වාං වංශික නිරූපණ සම්මුතියට අයත් වූවකි.
භාවනා ඉරියව් , රැවුල වැවුණු මුහුණ , රැළි සහිත මුඩු හිස, භිෂුවකගේ වස්ත්‍රය ,ආභරණ රහිත දිගු කන්, නිරූපිත මෙම ප්‍රතිමාව ඉහත ශත වර්ෂවල බිහි වූ විශිෂ්ටතම චීන ශාක්‍යමුනි ප්‍රතිමාව ලෙස සැළකේ.
සිද්ධාර්ථ ගෞතමයන්, කුමාරයෙකු වශයෙන් ගතකළ ජීවිතය අත හැර , වසර හයක් පමණ කාලයක්, බුද්ධත්වය සාක්ෂාත් කරගණු පිණිස, භාවනායෝගීව කඳුකරයේ ගත කළ අවස්ථාවක් මෙමනිරූපණය සඳහා යොදා ගෙන ඇතැයි විශ්වාස කළ හැකිය.
දැඩි ආධ්‍යාත්මික ගවේශනයක විපාකය වූ, සිරුර කෘශ වූ තාපසයාගේ සංවේදී ප්‍රකාශිත පුනරුප්ථාපනය , ආත්ම දමනය , ඒකාග්‍රතාව , ස්වයං විනය , හා දැඩි උත්සාහය මෙම මූර්තිය මගින් නිරූපණය වන බවයි මගේ දැක්ම.

ජී.ඇල්.ආරියපාල ( 2022.03.12 )@

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *