දිලිප් කුමාර්, ඉන්දියාව සහ පාකිස්ථානය පමණක් නොව ලංකාව ද එක්සත් කළේය

කලා

දිලිප් කුමාර් දිවි හැර ගිය සොවින් පාකිස්ථානය සහ ඉන්දියාව එක්සත් වූ බව අල් ජසීරා පුවත් සේවය කියා ඇත. (^RIP Dilip Kumar (India” Pakistan united in grief for iconic actor)
අවුරුදු 98 කට පෙර (1922) ඔහු ඉපදුණේ ද ඉන්දියාව සහ පාකිස්ථානය එක්සත්ව තිබූ යුගයේ ය. වඩාත් නිවැරදි ව කියන්නේ නම් ඉන්දියාව දෙකඩ වීමට පෙර ය. මොහොමඞ් යූසුෆ් ඛාන් ලෙස ය.
ඔහුට තිබුණේ කැමරාවට ගැළපෙන කටහඬක් නොවේ යැයි මුල් යුගයේදී බොහෝ අය කීහ. ඔහු විගස වාක්‍ය කියා දමන්නෙකි. සැබෑ ජීවිතයේ ද සුමට ලෙස කතා කරන්නෙකි. ලංකාවේ මේ යුගයේ ද තැනෙන ඇතැම් වෙහෙසකර ටෙලි නාට්‍යවල නළුවන් මෙන්ම ඒ යුගයේ භාරත සිනමා නළුවන් වචනයෙන් වචනය නතර කරමින් බොහෝ වේලා ගනිමින් වාක්‍ය තෙපලූ අය ය. මයික‍්‍රෆෝනයට ඔහුගේ කතා වේගය අල්ලා ගත නොහැකි බවට චෝදනා නැගිණි. නමුත් ස්වභාවික කතා විලාසය විකෘති කර ගැනීමට දිලිප් කුමාර් වෙහෙසුණේ නැත. ඒ වෙනුවට එය ප‍්‍රතිභාවක් ලෙස සලකමින් එහි ගෞරවය මුදු ලෙස නිතර කතා කරන සිය මවට සහ, කිසිවිටෙක උස් හඬින් තමාට කෑ ගසා නැති පියාට පුද කළේය.
හොඳ ඇහුම්කන් දෙන්නෙක් සහ භාෂාව හසුරවන්නෙක් වූ දිලිප් කුමාර් හින්දි, පෂ්තෝ, උර්දු, පංජාබි, මරාති, ඉංග‍්‍රීසි, බෙංගාලි, ගුජරාති සහ පර්සියානු බස දැන සිටියේය. භෝජ්පුරි සහ අවාධි යන ප‍්‍රාන්ත භාෂාවන් ද මනාව දැන සිටියේය. 1942 වසරේදී බොම්බේ ටෝකීස් චිත‍්‍රපටයේ පිටපත් රචකයෙක් ලෙස මාසයකට රුපියල් 1250 ක වැටුපකට ඔහු බඳවා ගැනෙන්නේ ද උර්දු බසේ නිපුණයෙකු වූ හෙයිනි. මහා නළුවෙකු වීම නිසා ඔහුගේ ක‍්‍රීඩා ප‍්‍රතිභාව මෙන්ම ලේඛන ප‍්‍රතිභාව ද වැසී ගියේය. මේ අතර 1957 වසරේ ශෛලේන්ද්‍ර ගේ ගී පද වලට ලතා මංගේෂ්කාර් සමග මුසෆිර් චිත‍්‍රපටයට විලම්භ ලයෙන් ගයන Laagi Naahi Chhootey Rama Chaahe ඔහු විසින් ගයා ඇති එකම එක චිත‍්‍රපට ගීතයෙන් පෙනී යන පරිදි, ඔහුගේ ප‍්‍රතිභාවන් ගොන්නට ගායනය ද එක්විය යුතුව තිබිණි.
පසු කලෙක ගංගා ජමුනා සහ බෙංගාලි චිත‍්‍රපටයක් වූ සගීනා මාතෝ (1970* වැනි චිත‍්‍රපටවල සුමට ලෙස රඟපාන්නට ඔහුට හැකි කළේ ඔහුගේ භාෂා ප‍්‍රාගුණ්‍යයයි. මහා ගායක මොහොමඞ් රාෆිගේ උච්ඡුාරණයේ පංජාබ් සම්මිශ‍්‍රණය අවශ්‍ය අවස්ථාවලදී අඩු කළ යුතු අයුරු ගැන උපදෙස් දෙන්නෙකු බවට ද ඔහු පත් වූ බව කියැවේ.
අවසානයේ, දෙමාපියන්ට අනුව වෘත්තීය චෙස් ක‍්‍රීඩකයෙකු වන්නට සිටි, ඔහුට අනුව වෘත්තීය පාපන්දු ක‍්‍රීඩකයෙකු වන්නට සිටි දිලිප් කුමාර් 1954 වසරේ පැවැත්වූ පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම සම්මානය දිනාගත් පළමු නළුවා බවට ද පත් වෙයි. පිට පිට වසර 3 ක් (1956 සිට 1958 දක්වා* එක දිගට (අසාද්, දේව්දාස් සහ නායා ¥ර් චිත‍්‍රපට වෙනුවෙන්* හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය ඔහු දිනා ගනියි. එය 8 වරක් දිනාගත් පළමු නළුවා බවටද, දශක හයක් තුළ විහිදුණු චිත‍්‍රපට 65 ක් දිවෙන රංගන ජීවිතය තුළ ඔහු පත්වෙයි.
පසු කලෙක මේ වාර්තාව සමකරන්නේ ජනප‍්‍රිය නළු ශාරුක් ඛාන් ය. තමන් ගුරු කොට ගත්තේ දිලිප් කුමාර්ගේ රංගන විලාසය යැයි ශාරුක් ඛාන් කියා ඇත.
රාජ් කපුර්ගේ සොයාගැනීමක්
ඔහු ඉගෙන ගත්තේ රාජ් කපූර් සමග එකම පාසලේ ය. (කාස්ලා කොලෙජ්). එවකට රාජ් කපූර් සිනමා අධ්‍යක්ෂවරයෙකි. දිනක් රාජ් කපූර්, යුසුෆ් කාන් දෙස බලා මෙසේ කියා ඇත. ”උඹට කවදහරි තරුවක් වෙන්න පුළුවන්..” ඒ අනුව දිලිප් කුමාර් යනු, රාජ් කපූර්ගේ සොයාගැනීමකි.
ට‍්‍රැජඩි කිං
දිලිප් කුමාර් භාරත ශෝඛාන්ත සිනමාවේ රජු ලෙස සැලකූ යුගයක් තිබිණි. පේ‍්‍රක්ෂකාගාරය කඳුළින් භාවතිශය කිරීමේ ශිල්පය ඔහු මනාව දැන සිටියේය. නමුත් ඔහු මෙම ඛේදාන්තය ආත්මය කර ගත් චරිත ලබාගන්නේ ලෝරන්ස් ඔලීවියර් මෙන් රංගන දිවියේ පසු අවධියේ නොවේ. රංගන දිවියේ තුරුණු යුගයේ ය.
”අම්ම මැරුණ කියල හිතාගෙන අඬන්න” එය අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන මගපෙන්වීම විය. වසර කිහිපයක් එක දිගට මෙවැනි චරිත රඟපෑ දිලිප් කුමාර්, එම චරිත විසින් සිය මානසික සෞඛ්‍යයට බලපෑමක් කර ඇති බව පිළිගත්තේය. ‘සිරිමැදුර’ චිත‍්‍රපටයේ ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය අනෝජා වීරසිංහ, රූගත කිරීම්වලින් පසුව මනෝ ප‍්‍රතිකාර සඳහා යොමු වූවා සේ දිලිප් කුමාර් ද සිය චරිතාවේශයෙන් මිදීම සඳහා මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර පැතුවේය. ඒ, රංගනය ආත්මය කර ගත් මිනිසුන්ගේ චරිතාවේශයේ කැපවීමයි.
පෙම් හබ
එවකට හින්දි සිනමාවේ තරු යුවළ වූයේ දිලිප් කුමාර් – වෛජයන්තිමාලා ය. දෙදෙන එක්ව මධුමතී, දේව්දාස් වැනි අපරිමිත සිනමා නිර්මාණ රැුසක් බිහි කළහ. නමුත් සැබෑ ජීවිතයේදී දිලිප් කුමාර් උමතුවෙන් මෙන් මධුබාලා හට පෙම් කළ බව පැවසේ. දිලිප් කුමාර් අවසානයේ නතර වූයේ තමන්ට වඩා අවුරුදු 20 ක් බාල සයිරා බානු ළඟ ය. විවාපත් වන විට ඔහුගේ වයස 44 ක් සහ ඇගේ වයස 22 ක් විය. නමුත් කෙටි කලකින්ම සයිරා බානුගෙන් දික්කසාද වන ඔහු අස්මා නමැති නිළිය සමග පෙමෙන් වෙළෙයි. අස්මා තමන්ව රවටන බව දැනගත් විට දිලිප් සහ සයිරා බානු නැවතත් විවාපත් වෙති. ගිලාන සයනය දක්වාම ඔහුගේ ජීවිතය බෙදාගත් සයිරා බානු නොවන්නට ඔහු සැබෑ ජීවිතයේ ද දේව්දාස් කෙනෙක් වන්නට ඉඩ තිබිණි. ඔවුන් දෙපළට දරුවන් සිටියේ නැත. නමුත් ජීවිතය බෙදා ගැනීමට එය අදාළ වුණේම නැත. තමන් දිලිප් කුමාර් සමග පෙමින් බැඳුණේ වයස අවුරුදු 12 දී රිදී තිරය මත ඔහු දුටු දිනවලදී යැයි සයිරා බානු පසුව කීවාය.
ලංකාවේ ගීත සාහිත්‍යයක් තැනූ නළු රජු
60-70 දශකවල භාරතයේ තැනුණු චිත‍්‍රපට, ලංකාවේ නැවුම් ගීත සාහිත්‍යයක් මවා තැබූ බව අවිවාදිත ය. ශෛලේන්ද්‍ර වැනි එවකට සිටි ප‍්‍රකට ගී පද රචකයන්ගේ ගී අදහස්, ලංකාවේදී පැරඩොක්සියක් මවමින් සපුරා වෙනස් ගී පද රචනාවන් බවට පත් ව ඇති අයුරු පර්යේෂණයක් සඳහා වුවත් උචිත කරුණකි. නමුත් එක් කරුණක් වඩාත් සුපැහැදිලි සහ අවිවාදිත ය. ඒ, දිලිප් කුමාර් නොවන්නට එච්.ආර්. ජෝතිපාල වැනි ලාංකීය ගී තරු බිහි නොවන්නට පවා ඉඩ තිබූ බව ය.
මධුමතී චිත‍්‍රපටයට (1985* මොහොමඞ් රාෆි ගැයූ (ගී පද ශයිලේන්ද්‍ර* ඔදදඑැ ්‍යමැ ණයඅ්ඉදබ ගීතය භාරතය තුළ උමතුවෙන් මෙන් ජනප‍්‍රිය වූයේ දිලිප් කුමාර්ගේ රංගන ප‍්‍රතිභාව නිසා ය. එහිදී විසිරුණු සිහින විසින් උගන්වා තැබූ හදවතේ පාඩම ගැන දිලිප් කුමාර් ගයන්නේ හැඬු කඳුලිනි. එයට ආසන්න පසු වර්ෂයකදීම දොළොස් මහේ පහන කැසට් පටයට එච්.ආර්. ජෝතිපාලයන් ‘පායා ඇයි හිනැහෙන්නේ’ ගීය ගයයි. එහි පද රචනය ඇලොයි ගුණවර්ධනගේ ය.
රී මික්ස් වෙමින් ද ප‍්‍රතිභාපූර්ණ අලූත් පරපුර අතින් ප‍්‍රතිනිර්මාණය වෙමින් ද මේ ගී තවත් යුග ගණනාවක් පවතිනු ඇති. 1958 වසරේ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ වනමෝහිනී චිත‍්‍රපටයට එච්.ආර්. ජෝතිපාල සහ කේ. රාණි ‘කොළ කඩ කඩ බොරුවට දෙනවා’ ගීය ලංකාවේ අතිශය ජනප‍්‍රිය විය. මෙහි ගී පද කරුණාරත්න අබේසේකරයන්ගේ ය.
මේ ගීය නිරුක්තිය ලබන්නේ එයට වසරකට පෙර එනම්, 1957 වසරේ බිහිවුණු, තමන් සදාකාලිකව ‘ට‍්‍රැජඩි කිං’ කෙනෙකු නොවන බව දිලිප් කුමාර් සනාථ කළ නායා¥ර් චිත‍්‍රපටයෙනි. රූප රාමු පසුකලෙක වර්ණ ගැන්වූ ඒවා ය.
මේ, උදාහරණ කිහිපයක් පමණි. එවැනි බොහෝ උදාහරණ දිලිප් කුමාර්ගේ සිනමා චාරිකාව තුළ තිබේ. ඒවා යුග යුග පවතින නිර්මාණවලට වස්තුබීජ සපයා තිබේ. එනිසා දිලිප් කුමාර් ඉන්දියාව සහ පාකිස්ථානය පමණක් නොව, ලංකාව ද සෞන්දර්යයෙන් එක්සත් – එක්සත් කර ඇති බව, ඔහුට පසු ඉපදුණු හතරවැනි පරම්පරාවේ අයෙක් ලෙස මෙහි ලියා තැබිය යුතුය.
– රදිකා ගුණරත්න
අවුට් බවුන්ඞ් වෙබ් අඩවියෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *