ඊයේ (2021-05-06)කැනඩා ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය විසින් “දෙමළ සංහාර සතිය ” නම් වූ 104 පනත සම්මත කර ගත්තා
මේ මගින් පාසල් 4000ක පමණ සෑම වසරකම මැයි මස 18-25 සතියේ ශ්‍රී ලංකාවේ දෙමල සංහාරයක් සිදුවුණු බවත්, එය දිගටම සිදුවන බවත් දරුවන්ට උගන්වන්නට බලය ලැබේ.
මා මේ ගැන මාස කීපයකට කලින් අපගේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සියලු පාර්ශ්වයන් මෙයට විරුද්ධ විය යුතු බව ඉල්ලා සිටියෙමි.
ඒ නිසා මට දෙමල ඩයසපෝරාවෙන් මරණ තර්ජන පවා එවා තිබුණි . නමුත් අපි කිසිවක් කලේ නැත
සංහාර සාහිත්‍ය දේශපාලනයට ඇතුල් කිරීම අනාගත සියලු සාම හැකියාවක්ම වසා දමනු ඇත. ශ්‍රී ලාංකික අපි පාඩම් ඉගන ගන්නේ අධික වේදනාත්මක අත්දැකීම් වලින් පසු බව ඉතිහාසය නැවත නැවත කියා දෙයි
ආචාර්ය සුරේන් රාඝවන් (පා.ම.) සිය මුහුණු පොතේ තැබූ සටහනකි.