තවත් දේශපාලන පක්ෂ 06 කට ලියාපදිංචිය හිමි වෙයි

පුවත්

තවත් දේශපාලන පක්ෂ 06 ක් අලූතින් ලියාපදිංචි කර තිබෙනවා. ඒ අනුව ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.
අරුණලූ ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පිවිතරු හෙළ උරුමය, සමත්තුව කච්චි, සිංහල රාවය යන දේශපාලන පක්ෂ අලූතින් පිළිගත් දේශපාලන පක්ෂ වේ.
පසුගිය ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉල්ලූම්පත් කැඳවා තිබිණි. ඒ අනුව ඉල්ලූම්පත් 154 ක් ලැබී තිබිණි. මූලික පරීක්ෂාවකින් පසුව දේශපාලන පක්ෂ 121 ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අතර ඉන් අනුමැතිය හිමිව තිබෙන්නේ පක්ෂ 06 ක් සඳහා පමණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *