තරුණ නීතිඥයාට රාගම පොලිසිය අමානුෂිකව පහර දෙයි.

පුවත්

පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා මුල්‍ය වංචාවක සැකකරුට කෑම රැගෙන ගිය කනිෂ්ඨ නීතිඥයාට පහරදීලා..
මූල්‍ය වංචාවක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 2021 පෙබරවාරි 23 පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු ට සිවිල් ඇදුමෙන් සැරසී තර්ජනය කළ පොලිස් නිලධාරියා ගැන විමසු නීතිඥයාගේ කනිෂ්ඨ නීතිඥයාට පොලීසිය පහරදී ඇත.
// 2021 පෙබරවාරි 25 වන දින මිගාර ගුණරත්න මහතා පැලියගොඩ පොලිසියට පැමිණියේ ඔහුත් අදුරන මාගේ සේවාදායකයාට කෑම පාසලයක් ලබා දීමට. පොලිසියට පැමිණ ජයවීර මහතා හමුවීමට ඉල්ලීම. එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණු උප පොලිස් පරීක්ෂකවරයකු මිගරා ගුණරත්න ඔහු කවුදැයි ප්‍රශ්න කළ අතර එම ප්‍රකාශය තමූසෙ කලින් ඇවිල්ලාත් මෙතන ප්‍රශ්න දැම්මා නේද.? මු තමයි ප්‍රශ්ණ දාන්නේ යන ප්‍රකාශය කළ අතර එම අවස්ථාවේදී ඔහු සහ නිලධාරීන් 10 දෙනෙකු පමණ මිගාර ගුණරත්නට කාමරයක් ඇතුලට දමා අතෙන් පයෙන් හා පොලු වලින්, අමානුෂික ලෙස පහර දී ඇත.
කිහිප වරක් මිගාර ගුණරත්න ඔවුන්ගෙන් පහරදීම නවත්වන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් එය නැවැත්වූයේ මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනිධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව දැනගැනීමෙන් පසුවය.
මෙම කාලය තුළ වෛද්‍යවරයාට මගේ තුවාල හෙළි නොකරන ලෙස මිගාර ගුණරත්නට නැවත නැවතත් තර්ජනය කර NE-0825 යන පොලිස් ජීප් එක ඇතුලේ කිහිප වතාවක් පහරදී ඇත. එසේ නොමැතිනම් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම නිසා මිගාරා ගුණරත්න අත්අඩංගුවට ගෙන තවදුරටත් සිරගත කරනු ඇත. වැඩ් දුරටත් මෙය ගෙන ගියහොත් කුඩු ජාවාරමකට පවා පටල වීමට Chief inspector ලින්ටන් සිල්වා යන අය තර්ජනය කර ඇත.//

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *